යටිබිම්ගත දේශපාලනයේ සති අග රහස්

දිනේෂ් ගුනවර්ධන 16 කල්ලිය හමුවෙයි!

චමල් රාපක්ෂට    ආසන සංවිධායක කම අහිමි වෙයි.

රාපක්ෂවරුන්ගේ බලකොටුවට කඩා පැන්නේ කව්ද?

16 කල්ලය පිල්ලියක්ද ? අනේ කියා දෙන්නකෝ

මෛත්‍රී මහින්ද  රාජපක්ෂ විපක්ෂ නායක සම්බන්ධන්  මංගල ගමනක් යයි

මහින්ද …ජනතාව සිර අඩස්සියට ගත්තේ ඇයි ?

ගුරුවරුන්ට ඇදුම් ඇන්ඳ වු ඇමති

ඔලිම්පික් යන්න ට අතදෙන කරුණාතිලක ගේ ආසාව… දන් සතුටුයිද හා ..ද

හිටපු ඇමති චන්දිම පාක්ෂිකයෝ ඔසවයි මෙන්න වැඩ කරයා…..

වෘත්තිය සමිති  දඩයමකට යන්නට සරසෙයි.

කරනවා නම් කරමු මෙන්න මෙහෙමු යහපාලනයක්

සාගලගේ ආරාධනාවෙන් අගමැති මාතරට….

මාතර සිදු වු බැංකු කොල්ලයේ දී පොලිස් නිළධාරියෙකු මිය යෑම නිසාම දකුණ යලිත් පාතාල බියෙන් ඇවිලෙන්නට විය. ඒ අතර ම ගාල්ලේ ද ස්ථාන කිහිපය කදී සිදු වු ඝාතන මෙයට ප්‍රධාන වශයෙන්ම බලපෑවේය. කෙසේ නමුත් මාතර මංකොල්ලයේ සැකකරුවන් විනාඩි කිහිපයක් තුල අත්අඩංගුවට ගැනීම පොලිසිය ලද ජයක් විය. මාතර මංකොල්ලයේ දී මිය ගිය පොලිස් විරුවා ගේ අවසන් කටයුතු පසුගිය ඉරිදා සිදු වු අතර මාතර නගරයේ ම කඩ සාප්පු වසා දමා ඒ සදහා ගෞරවයක් ලබා දී තිබීම විශේෂත්වයක් විය. මේ අතර මෙම පොලිස් විරුවාගේ අවමඟුල සදහා අගමැති රනිල් ද මාතර ආවේ ඇමති සාගල ගේ දැනුවත් කිරීම මතය.

හිටපු මහින්ද රාජපක්ෂද මාතරට ගියේ ඇයි.

මාතර මන්තින්ද විහාරස්ථානයේ 125 වන සංවත්සර උත්සවය සදහා හිටපු ජනපති මහින්ද පැමිණ තිබුණේ හෙලිකොප්ටරයකිනි. මාතර රාහුල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ගොඩබැස් වු පසු හිටපු ජනපති මහින්ද රැගෙන ඒම සදහා මන්ත්‍රී කාංචන , මන්ත්‍රී ඩලස් සමඟින් ගියේ සිය මෝටර් රථයෙනි. කාංචන ම පදවාගෙන ගිය මෝටර් රථයේ ඉදිරිපස අසුනේ හිටපු ජනපති අසන් ගත් අතර ක්ෂයකින් කංචන වාහනය මන්තින්ද පිරිවෙනට රැගෙන ආවේය. කෙසේ නමුත් ඒ අතරේ මහින්ද මන්තින්දේ නායක හාමුදුරුවන් පිළිබදව අතීත ආවර්ජනයක් ද කළේය.

 මාතර මන්තින්ද හාමුදුරුවෝ  කී  පුදුම අනාවැකිය.

මම විපක්ෂ නායක ඉන්න කාලේ මන්තින්දේ  හාමුදුරුවෝ තමයි කිව්වේ මම ජනාධිපති වෙන්න ඕන කියලා. හැබැයි උන් වහන්සේ යු.එන්.පී. නිසා මට උදව් කරේ නෑ. මගේ ඥාතියෙකුත් වෙනවා. ඒත් ඡන්දෙදී හිටියේ මගේ පැත්තේ නෙවෙයි. හිටපු ජනපති මහින්ද අතීත ආවර්ජනාව ඉක්මනින්ම කරේ කංචන වේගයෙන් මන්තින්ද පිරිවෙනට වාහනය ඇතුලත් කරපු නිසාය. හිටපු ජනපති මහින්ද උණුසුම්ව පිළිගත් මෙහි දී තිබු ප්‍රදර්ශණය නැරඹීමට ද මහින්ද එක්විය.

ඇඳුම රෙද්ද සිවුර ජම්පරය කුමක්ද? අපේ නායක  හාමුදුරුවනේ…

ප්‍රදර්ශණයේ තිබු එක් අංගයක් වු සිවුරු සෑදීම, සිවුරු භාවිතය හා සිවුරු ගැන තිබු ප්‍රදර්ශණ කුටිය බෙහෝ වේලාවක් නැරඹු හිටපු ජනපති මහින්ද සිය කතාවේ දී කීවේ දැන් හාමුදුරුවන්ට සිවුර ගැන මෙන්ම ජම්පරය ගැන ද ඉගෙන ගන්නට සිදු වී ඇති බවයි. වර්තමාන මන්තින්ද විහාරාධිපතිවරයා ගේ කතාවේ දී හිටපු ජනපති මහින්ද වාහනයේ දී ඩලස්ට සහ කාංචන ට කී කතාවට සමාන කතාවක් කීවේය. මේ පංසල මීට වඩා ගොඩක් දියුණු වෙන්න තිබුණු පංසලක්. නමුත් අපේ නායක හාමුදුරුවන් සහ හිටපු ජනපතිතුමන් ලඟින් ඇසුරු කරත් දේශපාලන වශයෙන් හිටියේ පිල් දෙකක. ඉතින් මහින්ද මහත්තයා හිටියා හාමුදුරුවන් තමන්ගෙන් මේ උදව්ව ඉල්ලයි කියලා. හාමුදුරුවෝ හිටියා මහින්ද මහත්තයා ඇවිත් උදව් කරයි කියලා. නමුත් මේ දෙකම වුනේ නෑ.

මෛත්‍රී මහින්ද  රාජපක්ෂ විපක්ෂ නායක සම්බන්ධන්  මංගල ගමනක් යයි.

හිටපු ජනපති මහින්ද සිකුරාදා වැල්ලවත්ත ප්‍ර දේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී විය. ජනපති මෛත්‍රී, විපක්ෂ නායක සම්බන්ධන්, ඇමති දුමින්ද ඇතුළු පිරිසක් සහ මන්ත්‍රීවරුන් වන කංචන හා චානක ද මේ සදහා සහභාගී වී තිබිණි. කංචන හා චානක විවාහ මංගල උත්සවයට පැමිණෙන විටම ඒ අසල සිටි අයෙකු කීවේ ඇතුලේ ජනාධිපතිතුමා ඉන්නවා කියාය. මහින්ද මහත්තයා ඉන්නවද? ප්‍රශ්නය කංචන ගෙනි. තාම ආවේ නෑ. දෙදෙනාම ඇතුලට යන්න ගිය ගමන නවතා දොර අසල නතර විය. ඒ අනුව දුරකථන ඇමතුමකින් හිටපු ජනපති මහින්ද විනාඩි කිහිපයකින් පැමිණෙන බව දැන් වු අතර කංචන සහ චානක හිටපු ජනපති මහින්ද එනතුරුම උත්සවය ඇතුලට ගියේ නැත.

ජනපති වරුන් අතර කිසිදු කතාවක් නෑනේ තරහද මන්දා ඇයි මේ තරහ ගිල්ලද ?

පසුව මහින්ද සමඟින් දෙදෙනාම ම උත්සවයට සහභාගී වු අතර හිටපු ජනපති මහින්ද සමඟින් සම්බන්ධන්, දුමින්ද ඇතුළු කීප දෙනෙකුම කතා කරද ජනපති මෛත්‍රී හා හිටපු ජනපති මහින්ද අතර කතාවක් මෙහි දී ඇතිවුයේ නැත.

ඩලස් තැන් තුනක දී හමු වු පිරිස ගැන දන්නවාද ?

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් කමිටුව ආසන වශයෙන් ස්ථාන තුනක දී පසුගිය සති අන්තයේ දී කැදවීය. අකුරැස්ස, මුලටිනය හා මාතර මන්ත්‍රී ඩලස් ගේ ප්‍රධාන කාර්යාලයේ දී මෙම හමු වීම් සංවිධානය කර තිබිණි. ඒ අනුව සියළු ශාඛා සමිති ඉක්මනින් පිහිටු වීමට මෙහි දී යෝජනා විය.

ඒ අනුව අදාල ශාඛා සමිති පිහිටුවීමෙන් පසුව අගෝස්තු 08 වන දා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් සමුළුව පැවැත්වීමට ද මෙහි දී යෝජනා විය. ඒ සදහා කටයුතු භාර දීම ද සිදු වු අතර මීලඟය සාකච්ඡා වුයේ ජුලි මස 08 දින මාතර දී පැවැත්වීමට නියමිත එලිය වැඩ සටහන සම්බන්ධවයි. එහි ද සංවිධාන කටයුතු බෙදා දීම ද මෙහි දී සිදුවිය.

16 කල්ලය පිල්ලියක්ද ? අනේ කියා දෙන්නකෝ…?

මෙම සාකච්ඡා 03 දීම 16 දෙනාගේ කණ්ඩායම ගැන පළාත් පාලන මන්ත්‍රීවරුන් විමසන්නට විය. අපි පාර්ලිමේන්තු කටයුතු වලදී ටී.එන්.ඒ එක සහ ජේ.වී.පී එකත් එක්ක ත් කටයුතු කරනවා. නමුත් අපි ඒ අය එක්ක දේශපාලනය කරන්නේ නෑ. 16 දෙනා සමඟත් එහෙමයි. පාර්ලිමේන්තුවේ දී එම කටයුතු වලදී කටයුතු කරනවා. නමුත් ඔවුන් සමඟ දේශපාලනය කරන්න නම් ඔවුන් පොදුජන පෙරමුණ සමඟ එකතුවිය යුතුයි. මන්ත්‍රී ඩලස් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සැකය නැති කරමින් 16 දෙනාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළේ මන්ත්‍රී කංචන ද සමඟිනි.

දකුණු ඇමති වරුන් හට විරුද්ධව කඩුව ගනී !

මේ අතර දකුණේ ඇමතිවරුන් ගේ ක්‍රියාකලාපය ගැන දකුණේ සන්ධාන මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ තිබුනේ අප්‍රසාදයකි. එයට හේතු වී තිබුනේ ඇමතිවරුන් විසින් රැකියා ලබා දීම සහ එම රැකියා අවස්ථා තමන්ට නොදීම යන කාරණාය. මේ නිසාම මේ සම්බන්ධයෙන් දකුණේ නව ආණ්ඩුකාරවරයා හමු වී මේ සම්බන්ධයෙන් ගතු කීමට ඔවුන් තීරණය කර තිබිණි. ඒ අනුව දකුණේ සන්ධාන මන්ත්‍රීන් මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර මාෂල් පෙරේරා දැනුවත් කර අතර ඒ අනුව ඔවුන්ට දිනයක් ලැබිණි. කෙසේ නමුත් එදින උදෑසන මන්ත්‍රී චම්ලිට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුයේ අදාළ රැකියා මන්ත්‍රීවරුන්ට ද ලබා දීමට කටයුතු කර බව දැනගන්නට ලැබු බවත් මෙම සාකච්ඡාව අවශ්‍ය නොවන බවත්ය. නෑ නෑ අපේ කෝටා එක දෙනවා කියලා මේ අය කියන්නේ නෑ. අපි මේ සාකච්ඡාවට යමු. මන්ත්‍රී චම්ලිගේ තීරණය විය. එම සාකච්ඡාව මන්ත්‍රීවරුන් හිතූ පන්නයේ එකක් නොවීය.

මම දන්නේ නෑ මම බබා. මට අහුනේ නෑ. අනේ මන්දා? ආණ්ඩුකාර තුමා.

ආණ්ඩුකාරවරයා සියළු දේට පිළිතුරු දුන්නේ තමා කිසිත් නොදන්නා ගානටය. මේ ඇමතිවරුන් රස්සා ටික බෙදා ගන්නවා. අපිට කිසිදු දෙයක් දෙන්නේ නෑ. මන්ත්‍රී උපුල් කතාව ආරම්භ කරමින් විස්තරයක් කලේ අනිත් මන්ත්‍රීවරුන්ගේ සහයෙනි. කෙසේ නමුත් ආණ්ඩුකාරවරයාගෙන් නිසි පිළිතුරක් නොලැඹෙන තත්ත්වය උඩ මෙම හමුව විනාඩි පහලොවකටත් අඩුවේලාවකින් නිමවිය. ආණ්ඩුකාර කාර්යාලයෙන් මන්ත්‍රීවරුන් එලියට ආවේ බලාපොරොත්තු සුන් වීය.

බඩ පිනුම් ගහන්නේ කවිද ? බොලව් !

අපෝ මෙයා නම් අපේ ඇමතිවරුන්ට නියමයි. මහ ඇමති ඇමති මණ්ඩලේ මේ කාලේ බඩ පිලුම් ගහවි. මන්ත්‍රී චම්ලි එලියට ආවේ ම සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි. අනිත් මන්ත්‍රීවරුන් ද ඔහුට සහය පලකරමින් කියා සිටියේ මෙය කිසිදු වැඩක් නොවුන රැස්වීමක් වු බවයි.

රාපක්ෂවරුන්ගේ බලකොටුවට කඩා පැන්නේ කව්ද?

ශ්‍රී ලනිපයේ නව ප්‍රතිසංස්කරණ යටතේ ශාඛා සමිති පිහිටුවීම හා හම්බන්තොට බල මණ්ඩල රැස්වීම පසුගිය සති අන්තයේ තංගල්ල ප්‍ර දේශයේ හෝටලයක දී පැවැත්විණි. රාජපක්ෂවරුන්ගේ බලකොටුව වන කාල්ටන්  ආසන්නයේ ම හෝටලයක් මේ සදහා තෝරා ගෙන තිබිණි. සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරගේ ආරාධනයෙන් මහ ඇමති ෂාන් මෙහි ප්‍රධාන ආරාධිතයා විය. සැලකිව යුතු පිරිසක් පැමිණ සිටි එම හමුව සදහා නියෝජ්‍ය ඇමති මනුෂ, ඇමති අමරවීර, දකුණේ ඇමති ගුණසේන ඇතුළු පිරිසක් සහභාගී වී තිබිණි. අමරවීර, ෂාන් සහ මනුෂ සිය කතාවේ දී ශ්‍රීලනිපය මීට වඩා වැටුණු අවස්ථා තිබු බව ද එය නැවත නැගී සිට බවද අවධාරණය කර අතර මහ ඇමති ෂාන් විමසා සිටියේ අද ලංකාවේ ප්‍රශ්නයක් නැති පක්ෂයක් ඇති නම් තමාට පවසන ලෙසය.

චමල් රාපක්ෂට    ආසන සංවිධායක කම අහිමි වෙයි.

පසුව සාකච්ඡාවාරය එලඹී අතර එහි දී දැනට හිටපු කතානායක චමල් ආසන සංවිධානයක දුරය දරණ තංගල්ල ආසනයේ සංවිධායක දුරය දකුණේ ඇමති ගුණසේනටත් කවත් සංවිධායක දුරය කීපයක් පිළිබදව යෝජනාවක් පක්ෂයට ඉදිරිපත් කිරීමට යෝජනාකරන ලදී.

නාමල් රාජපක්ෂ කාල්ටන් නිවසේ දී හමු වුවෝ කව්ද ?

මේ අතර පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් හමුවක් ද සදුදා කාල්ටන් නිවසේ දී පැවතියේ මන්ත්‍රී නාමල්ගේ ප්‍රධානත්වයෙනි. දකුණු පළාත් සභාව නියෝජනය කරන අජිත්, ගුණසේන, සිංහසමන්, උපුල්, කපිල සහ කසුන් ඇතුළු පළාත් පාලන ආයතන වල සභාපතිවරු මේ සදහා සහභාගී වූහ.

මහින්ද …ජනතාව සිර අඩස්සියට ගත්තේ ඇයි ?

අපි ශාඛා සමිති ටික හදලා ඕනම වෙලාවක එන මැතිවරණයටකට සුදානම් විය යුතුයි. මන්ත්‍රී නාමල් සාකච්ඡාව ආරම්භ කලේ එසේ කියමිනි. ඔව් ඒක හොදයි. ඒ වගේම දැන් අපි අවුරුදු තුනකින් විතර දිස්ත්‍රික් සම්බන්ධීකරණයට සහභාගී වෙලා නෑ. දැන් සභාපතිවරුත් යන නිසා අපි එතනට යමු යෝජනාව මන්ත්‍රී අජිත් ගෙනි. ඔව් එක හොදයි. අද තිබුණු රැස්වීමේ දී නම් මිනිස්සු අමරවීර ඇමතිතුමාව හිරකරගෙන ඉදලා තියනවා. මන්ත්‍රී වරුන් එසේ කියද්දී මන්ත්‍රී නාමල් ද සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී වීම හොද තීරනයක් බව පැවසීය.

ඔලිම්පික් යන්න ට අතදෙන කරුණාතිලක ගේ ආසාව… දන් සතුටුයිද හා ..ද

රත්ගම එජාප සංවිධායක සංජීව් අළුත් වැඩක් ආරම්භ කර තිබිණි. දකුණේ ක්‍රීඩාවට දක්ෂ බෙහෝමයක් රත්ගම ආශ්‍රිතව බිහිවී ඇති නිසාම රත්ගම හා අවට සියළු ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම පසුගිය සතියේ දී සිදුවිය. මේ අතර වසර 1959 දී රජයට පවරා ගත් රත්ගම ඉඹුල්දුව විද්‍යාලයට පසුගිය සතියේ මන්ත්‍රී සංජීව් ගියේ හදිසියේමය. එම විද්‍යාලයේ ඇති ගොඩනැගිලි දෙකම ටකරන් සෙවිලි කර ගොඩනැගිලි වු අතර ඔහු එහි දී පොරොන්දු වුයේ දකුණේ අධ්‍යපාන අමාත්‍යංශය හරහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන මුදලින් එම ගොඩනැගිලි වල වහල සාදා දෙන බවයි. ඒ අනුව නැවත පසුගිය සතියේ ඉඹුල්දුව විද්‍යාලයට ගිය මන්ත්‍රී සංජීව් එම විද්‍යාලයේ අළුත් වැඩියා කටයුතු වෙනවෙන් ලක්ෂ 10 මුදල් පරිත්‍යාගයක් කලේය.

ගුරුවරුන්ට ඇදුම් ඇන්ඳ වු ඇමති

දකුණේ අධ්‍යාපන ඇමති චන්දිමා ගේ සංකල්පයක් අනුව දකුණේ ගුරවරුන්ට ලබා දෙන නිල ඇදුම් දීමනාව පසුගිය සතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ලැබිණි. මෙම උත්සව සදහා ඇමති චන්දිමා විසින් පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන්ට ආරධනා කර තිබු අතර දකුණු පළාත් සභාව තුල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද මේ සදහා පැමිණ තිබිණි. හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මට මේ අධ්‍යාපන ඇමතිකම දෙනකොට බලාපොරොත්තු වෙන්න ඇති දකුණ හා හම්බන්තොට එකට ගෙන එයි කියලා. අද ඒක වෙලා තියනවා. ඇමති චන්දිමා සිය කතාවේ දී එසේ කියද්දී එම උත්සවයේ සිටි දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ද කතාවක් ඇතිවිය. චන්දිමා ඇමතිතුමත් වෙලාව බලලා පනින්න වගේ හදන්නේ. එක්අයෙක් කී විය අනිත් මන්ත්‍රීවරයා කීවේ දැන් ටික දවසක ඉදන් ටිකක් වැඩිපුර මහින්ද මහත්තයා ගැන කියනවා. එහෙම වෙන්නත් පුළුවන් කියාය.

දිනේෂ් ගුනවර්ධන 16 කල්ලිය හමුවෙයි!

මේ අතර 16 කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමුවීමේ වැඩ සටහන යටතේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් හමුවීම පසුගිය දා කොළඹ දී සිදුවිය. අපි ඉක්මනින්ම මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කරවලා ආණ්ඩුව අතට ගත යුතුයි. එහි දී කතාව පටන් ගත්තේ හිටපු අමැති වරුන් වන සුසිල් සහ චන්දිමයි. තව අවුරුදු එකහමාරක් මේ විදියට ගියොත් රට ගොඩ ගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ.

16 දෙනාගේ කණ්ඩායමේ යෝජනාව ට දිනේෂ් ගේ ද අනුමැතිය ලැබිණි. ඒ අනුව 16 කණ්ඩායම මීලඟ ට හමුවුයේ විමල් ගේ පක්ෂයි. ඉතාම සුහදහීලීව පැවති මෙම හමුවේ දී ජානිපෙ නායක විමල් පවසා තිබුනේ රනිල්ගේ ආණ්ඩුව බිද වට්ටවන ඕනෑම ආයෙකු සමඟ එක්වීමට තම පක්ෂය සුදානම් බවයි.  ඒ අනුව 16 කණ්ඩායම බ්‍රහස්පතින්දා හිටපු ඇමති බැසිල් ද හමුවීමට යෝජනා කර තිබිණි. හිටපු ඇමති බැසිල් හමුවීම කොළඹ පොදුජන පෙරමුණ කාර්යාලයේ දී යොදා ගෙන තිබු අතර පසුගිය දින කිහිපය තුල හිටපු ඇමති බැසිල් සහ 16 කණ්ඩායමේ විරසකයක් තිබු පසුබිමක මෙමම හමුවීම ගැන මාධ්‍ය වේදීන් හිටපු ඇමති චන්දිම ගෙන් විමසීය, නෑ ඒක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නේ. ඒ පැත්තෙන් කිව්ව දේට අපි උත්තර දුන්නා. දැන් ඒක ඉවරයි. දේශපාලනයේ දී එහෙම තමයි. චන්දිම ගේ පිළිතුර විය.

හිටපු ඇමති චන්දිම පාක්ෂිකයෝ ඔසවයි මෙන්න වැඩ කරයා…..

මේ අතර හිටපු ඇමති චන්දිම මේ වන විට පසුගිය ඡන්දයේ දී තමන්ගෙන් ගිලි හී ගිය පාක්ෂිකයින් එක් රැස් කරමින් රැස්වීම් කිහිපයක් ගාල්ලේ ස්ථාන කිහිපයක දී පැවැත්වීය. යෝජනා , චෝදනා වලින් පිරුණු මෙම හමුවීම් වලදී ජනතාව ඇසු සියළු ප්‍රශ්න වලට හිටපු ඇමති චන්දිම ගෙන් සෘජු පිළිතුරු ලැබිණි. අපිට ප්‍රශ්නය තිබුණේ ඔබතුමා මේ ආණ්ඩුව එක්ක කටයුතු කරපු එක. නමුත් ඒ කාලය තුල ශ්‍රීලනිප පාක්ෂිකයින්ට රස්සා දුන්නා, පලි ගැනීම් වෙන්න ඉඩ දුන්නේ නෑ. ඒවා අපිට මතකයි. දැන් ඔබතුමා අපිත් එක්ක හිට ගන්නවා නම් අපි ඔබතුමාට සහය දෙනවා. අදාල රැස්වීම් බෙහෝමයක් අවසන් වුයේ හිටපු ඇමති චන්දිම හා ඔහු හැර ගිය පාක්ෂිකයින් නැවත ඔහු හා සම්බන්ධ වීමෙනි.

වෘත්තිය සමිති  දඩයමකට යන්නට සරසෙයි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එරෙහිව ගුරු වෘතතීය සමිති නායකයෙකු කරා යැයි කියන ප්‍රකාශයකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඒ සදහා පිළිතුරු ලබා දීම සදහා  දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන්ගේ මාධ්‍ය හමුවක් අඟහරුවාදා පැවැත්විණි.

මන්ත්‍රී ක්‍රිෂාන්ත විසින් සංවිධානය කරනු ලැබු මේ සදහා එජාපය වෙනුවෙන් අශෝක, නිලමේ, ගාමිණී, ජයන්ත, ඇතුළු පිරිසක් ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ක්‍රිෂාන්ත, මාදු ඇතුළු පිරිසක් ද මේ සදහා එක්ව සිටයහ. දකුණ අධ්‍යාපනයෙන් ඉහලටම ගිය මෙවැනි අවස්ථාවක එහි ගෞරවයට හානි කිරීම සදහා සමහර වෘත්තීය සමිති දකුණේ අධ්‍යාපනය අකුල් හෙලමින් කටයුතු කරන බව මෙහි දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එකම මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. කෙසේ නමුත් මේ සදහා දකුණේ අධ්‍යාපන ඇමති චන්දිමා සහභාගී නොවුන අතර පැමිණි සියළු මන්ත්‍රීවරුන්ගේ මතය වුයේ දකුණේ අධ්‍යාපනය මේ වන විට ඉතා හොද මට්ටමක ඇති නිසා ඒ සදහා අනවශ්‍ය අතපෙවීම් අනවශ්‍ය බවයි.

මේ අතර දකුණේ එජාප මන්ත්‍රීවරුන් දකුණේ ඇමතිවරුන්ගේ හමුවක් අඟහරුවාදා දිනය පුරා පැවැත්විණි. එකම වේලාවක නොපැවැත්වුණු මෙම හමුවේ දී එක් එක් අවස්ථා ඇමති වරුන් විසින් මෙම එජාප මන්ත්‍රීවරුන්ට ලබා දී තිබිණි.  පළමු හමුව පැවතියේ අධ්‍යාපන ඇමති චන්දිමා සමඟය. ඉතාම සුහදශීලීව පැවති මෙම හමුවේ දී එජාප මන්ත්‍රීවරන්ගේ විශේෂ ගරැත්වයක් ඇමති චන්දිමා ට හිමිවිය. ඔබතුමා ප්‍රතිපාදන දෙනකොට හැමෝන්ටම සමානව දෙනවා. ඒක බෙහොම හොද දෙයක්.

කරනවා නම් කරමු මෙන්න මෙහෙමු යහපාලනයක්.

මහ ආණ්ඩුවේ යහපාලනය කොහොම වුනත් ඔබතුමා මේකේ නම් යහපාලනය අපුරුවට පෙන්නලා තියනවා. විපක්ෂ නායක නිලමේ එසේ කීවේ උපහැරන කීපයක් ද ගෙන හැර දක්වමිනි. ඉන් අනතුරුව පැවතියේ කෘෂීකර්ම අමාත්‍ය ආරියතිලක සමඟ හමුවයි. මෙහි දීද පොදු කාරණා කීපයක් වු රැකියා ලබා දීම හා ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර මෙය ද ඉතාම සුහදශීලීව පැවැත්විණි. මේ සාකච්ඡාවේ විශේෂත්වයෙක් වුයේ පසුගිය පළාත් සභා අයවැයේ දී ඇමති ආරියතිලකගේ විෂයට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කල එජාප මන්ත්‍රීවරුන් වන ගාමිණී හා ප්‍රියන්ත ද මේ සාකච්ඡාව සදහා සහභාගී වී සිටීමයි.

ඇමති හමුව වංගයිද අවලංගුයි ද?

කෙසේ නමුත් ඇමති ආරියතිලක ඒ සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් ප්‍රකාශ නොකර ඔවුන් සමඟ ද සාමාන්‍ය පරිදිම සාකච්ඡාව පවත්වන ලදී. ඇමතිවරුන් වන මනෝජ් ගේ හා ගුණසේන ගේ හමුවීම් අවලංගු වී තිබු අතර අවසන් හමුව තිබුනේ මහ ඇමති ෂාන් සමඟිනි.

රට සවාරයටය දකුණු පළාත් මැති ඇමති වරු වරයක් ඉල්ලයි.

මහ ඇමතිතුමා අපේ විදේශ සංචාරය අපිට ලැබුනෙත් නෑ. අපේ පර්මිට් එක ලැබුනෙත් නෑ. එජාප මන්ත්‍රීවරුන් එසේ කීවේ චෝදනාත්මක ස්වරූපයෙනි. විදේශ චාරිකාව නම් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක ඉතින් අනුමත කරන්නේ නැත්තේ ඔබතුමාලගේ ආණ්ඩුවම තමයි. පර්මිට් එක ගැනත් ඉතින් ඒ ටික තමයි. මහ ඇමති ෂාන් කීවේ ඇඟට පතට නොදැනීය. මේ ඔය පර්මිට් එක දෙන්නේ නැත්තේ පොහොට්ටුවේ අය වැඩියි කියලනේ. අනේ කරුනාකරලා ජනාධිපතිතුමාට කියන්න පොහොට්ටුවේ අයට වඩා එජාප ශ්‍රීලනිප අය ඉන්නවා කියලා. අශෝක ධනවංශ කීවේ මහ ඇමති ෂාන් දෙස හැරෙමිනි. රැකියා ලබා දීමේ දී අපේ මන්ත්‍රීවරුන් ගැනත් සැලකිල්ලක් දක්වන්න නිලමේ කී විට ෂාන් කීවේ අපිත් එක්ක දැන් වෙන් වී හිටියත් පොහොට්ටුවේ අය එකට ඡන්දය ඉල්ලපු අය නිසා ඔවුන්ට ද විශේෂයක් කල යුතු බවයි.

රනිල් ගාල්ලට එයි! වැඩ කරනවා සංවර්ධනය කරනවා සමහරුන්ට ආණ්ඩුව එපා වෙලා  ඇත්ත කතාව කුමක්ද ?

අගමැති රනිල් පසුගිය සතියේ ගාල්ල ට පැමිණියේ වැලිවිටිය දිවිතුරු ප්‍රා දේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘර්ත කිරීම සදහාය. අගමැති රනිල් පැමිණෙන තුරු ඇමති ගයන්ත ඇතුළු දකුණු පලාත් සභා මන්ත්‍රී කණ්ඩායම කතාවකට වැටී තිබිණි. බලන්න මාර ප්‍රශ්නයක් තමයි අපි කොච්චර හොදට වැඩ කළත් මිනිස්සු ඉන්නේ ආණ්ඩු විරෝධී මතයක.

අද දළු මිල හොදයි, කුරුදු මිල හොදයි. සංවර්ධන වැඩත් වෙනවා. එත් ජනතා මතය අපේ පැත්තට නෙවේ තියෙන්නේ. ඇමති ගයන්ත එසේ කී විට එහි සිටි සියළු පළාත් මන්ත්‍රීවරුන්ට එය අනුමත කරමින් කතා කරන්නට විය. මේ කතාවට සවන් දෙමින් අසල සිටියේ මිටපු ඇමති ගුණරත්න වීරකෝන්ය. ඔබතුමාලට නම් පක්ෂයක් විදියට නේ ප්‍රශ්නය තියෙන්නේ. මම තමයි මේ වැලිවිටිය දිවිතුර, කරන්දෙනිය ප්‍රා දේශීය සභා , ලේකම් කාර්යාල ගෙනල්ලා හදලා ඔක්කොම කරලා දේශපාලනයේ ගෝලයොත් හැදුවේ. ඒත් උන් දැන් එකකේ වත් මගේ දිහාවත් බලන්නේ නෑ. ඒ අය ඉන්නේ මම දන්නේවත් නැති ගානට. හිටපු ඇමති වීරකෝන් කියද්දී මන්ත්‍රී අශෝක කතාව මැදට පැන්නේය. ඒ ඔබතුමාගේ ප්‍රශ්නය අර කලින් කිව්ව එක අපේ ප්‍රශ්නය ඕක තමයි දේශපාලය කියන්නේ. අශෝක ගේ ඒ කතාව සියළු දෙනාම අනුමත කරන්නට විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *