මාර්ගයේ ආරක්ෂාවට සවි කරන ලද ආරක්ෂිත යකඩ වැටක් ඉවත් කරලා

කෑගල්ල සමන් විජය බණ්ඩාර
මාර්ගයේ රථ වාහාන වල ආරක්ෂාවට වංගු සහිත ස්ථානයක සවි කරන ලද ආරක්ෂිත යකඩ වැටක් ඉවත් කර නැවත සවි කිරිමේ සිද්ධියක් හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොළ මාර්ගයේදි දැක ගත හැකි විය.
මෙලෙස රාජ්‍ය දේපොලක් ඉවත් කර ඇත්තේ එම මාර්ගයේ අංක 24/4 හා 24/5 අතර වංගු සහිත ස්ථානයක සවිකර ඇති ආරක්ෂිත වැටයි. පසුගිය ආගොස්තු 21 වැනිදා මෙම වැට ඉවත් කර ඊට දින දෙකකට පසුව ආගොස්තු 23 දා එම ආරක්ෂිත වැටෙහි කොටසක් සවි කර ඇති අයුරු මාධ්‍ය වෙත නිරික්ෂණය විය. ඒ අසල වැට ඉවත් කර ඇති බව අම්බුළුවාව සුරකිමේ සංවිධානය විසින් මාධ්‍ය දැනුවත් කර පසු පසුගිය 21 වැනිදා එම ස්ථානයට ගොස් වැට ඉවත් කර ස්ථානයේ ඇති ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසිමක් කරන ලදි.
එහිදි එම වැට එම හිමිකරු විසින් ගලවා ඉවත් කර බවත් එම ඉවත් කරන ලද වැට එම ගොඩනැගිල්ල ඇතුලත තිඛෙන බවත් අපට පෙන්විය. එහිදි එම වැට ගැලවිමට නිතීමය අවසරයක් ලැබි ඇති බව පවසමින් අප වෙත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පෙන්වන ලදි.
නමුත් එම ලිපිය පරික්ෂාවට ලක් කර විට දැක ගත හැකි වුයේ එම ලිපියේ එම නිවසට ප්‍රවේශ විමට අඩි 12 ක කොටසක් පමණක් ගලවා දැමිමට අවසරය ලබා දි ඇති අකාරයයි. එම සියලූම සිදුවිම් ජායාරූප සහ විඩියෝ මෙන්ම ගොඩනැගිල්ලේ අයිතිකරු වන එම්.ඩී.කේ. පෙරේරා අප සමග පැවසු අදහස් පටිගත කර ගන්නා ලදි.
අප ගිය පසුව සම්පුර්ණයෙන්ම ගලවා ඉවත් කරන ලද ආරක්ෂිත යකඩ වැටේ කොටසක් සවි කර ඇති බව නැවත නිරික්ෂණය වුයේ අද 23 වැනි දාය. එහි ගොස් අප ගොඩනැගිල්ලේ අයිතිකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසිමක් කර අවස්ථාවේ ඔහු කලබලයට පත්වි එම සිද්ධිය සිදු වු ස්ථානයට පැමිණි කිහිප දෙනෙකුට දෝෂාරෝපණය කරමින් මාධ්‍ය වෙත ඔවුන් කරුණු වාර්තා කර බව පවසා ඔවුන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදුනි.
අප එම සියලූ සිදුවිම් පටිගත කර ගත් අතර එම ස්ථානය පැමිණි ප්‍රදේශවාසින් කිහිප දෙනෙක් එම සිදු වු සිද්ධිය ගැනත් මාර්ගය සකස් කිරිමේදි පසුගිය රජය විසින් සිදු කර ඇති අඩුපාඩු සම්බන්ධයෙන්ද මාධ්‍ය වෙත අදහස් දක්වන ලදි.
කෙසේ වෙතත් කඩුගන්නාව මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබා දුන් අවසරය අනිසි ලෙස භාවිතා කරමින් ආරක්ෂිත වැට තමන්ට වුවමනාව අනුව ගලවා ඉවත් කර ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත තොරතුරු ලබා දුන් බව පවසමින් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසින් කිහිප දෙනෙකුට බැන තර්ජනය කොට ඔවුන්ගේ ජිවිත වලට පවා තර්ජනය කිරිම ගැන නිතීය ක්‍රීයාත්මක විය යුතුය. තවද හැගි හොරා කර ගෙන යන වංචා වලටද නිතීය ක්‍රීයාත්මක කර යුතුව පවති.
අප මේ සම්බන්ධයෙන් කඩුගන්නාව විධායක ඉංජිනේරු කාර්යාලයෙන් කරන ලද විමසිමකදි එහි නිලධාරියෙක් පැවසුයේ ආරක්ෂිත වැට සහ එම වංගු සහිත ස්ථානයේ අනවසර ඉදිකිරිමක් කර ඇති නිසා එහි අයිතිකරුට නඩු පවරන බවයි. ( විධායක ඉංජිනේරු මහතා කතා කරන ලද හඩ පටය ඇත )
මෙම මාර්ගය මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොල දක්වා මං තීරු දෙකට පසුගිය රජය විසින් සකස් කර ඇත්තේ මාර්ගයේ අඩුපාඩුද රැසක් සහිතවයි. කෝටි ගණනක වියදමින් සකස් කර මාර්ගය කොළඹ සිට පැමිණෙන පිරිස් නුවරඑළිය නාවලපිටිය සහ ගම්පොල මහනුවර වැනි නගරයන් වලට පහසුවෙන් ගමන් කර හැකි මාර්ගයක් ලෙස භාවිතයට ගනි.
මෙම මාර්ගය කදු සහ බැවුම් රැසකින් සමන්විත වන බැවින් යකඩ වලින් ආරක්ෂිත වැටවල් යොදා ඇති අතර සමහර වංගු සහිත ස්ථාන වල ආරක්ෂිත වැටවල් නොමැති කමින් වාහාන අනතුරුද රැසක් මේ වන විටත් සිදු වි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *