රස්සාවට කොල්ල කන බූස්සේ තුන්දෙනාගේ කල්ලියේ මහමොළ කරු අල්ලයි!!!!

නයිට් කඩේ කොල්ලකෑමට පැමිණි කොල්ල කරු අල්ලා පොලීසියට භාරදෙයි!!!!

ගාල්ල නගරයේ රාත්‍රි වෙළෙඳ සැලකට පැමිණි කොල්ල කරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් ගාල්ල පොලිසිය 17 වන දින රාත්‍රි 10.00ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.අනෙක් කොල්ල කරුවන් දෙදෙනා පැමිනි යතුරු පැදියෙන්ම පලාගොස් ඇතැයි  ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.සැකකරු සන්තකයේ තිබි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද තිබී ඇත. මෙම තුන්දෙනාගේ කල්ලිය සංවිධානාත්මක ආකාරයට රාත්‍රි කාලයේ කොල්ල කෑම් සිදු සිදුකරන පිරිසක් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.අල්ලාගත් සැකකරු අපරාධ රැසකට සම්බන්ධ කොල්ල කරුවෙක් බව ද පොලිසිය පවසයි.

17 වන දින රාත්‍රි ගාල්ල, බුස්ස ප්‍රදේශයේ සිට යතුරු පැදියකින් පැමිණි කොල්ල කරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු වෙළෙඳ සැල් හිමියාගෙන් දුම් වැටියක් ඉල්ලා ඇත. ඒ අතරතුරු  දී  වෙළෙද සැල් හිමියාගේ ගෙල බැදි රන් මාලය කොල්ල කන්නට තැත් කරදී කොල්ල කරුවා හා වෙළෙද සැල් හිමියා පොරකා ඇත. මේවන විට වෙළෙද සැල් හිමියාගේ බිරිද මෙම ස්ථානයට පැන කොල්ල කරු අල්ලාගෙන ඇත. මේවන විට ඇති වු තත්ත්වය මත, වෙළෙද සැල පිටු පස නිවසේ සිටි වෙළෙද සැල් හිමයාගේ  පුතුන් දෙදෙනාට මේ බව දැක ඔවුන් පැමිණ පැමින දොර පොල්ලක් අරගෙන කොල්ල කරුට පහර දී මෙල්ල ගර ගන්නට තැත් කරද් දී කොල්ල කරුවා ගල්කටස් වර්ගයේ ගිනි අවිය පෙන්වා බිය ගන්වන්ට තැත් කර ඇත. මෙහි දී වෙළෙද සැල් හිමියාගේ හා බිරිද පුතුන් එක්ව කොල්ල කරුවා අල්ලා ගාල්ල මූලස්ථාන පොලිසියට භාර දී ඇත. අත්අඩංගුවට ගත් කොල්ල කරුවා 65 වන වියේ පසුවේ. පැනගිය බැව් කියන වයස අවුරුදු 30,25 වියේ පසුවන කොල්ල කරුවන් සම්බන්ධයෙන්ද පොලිසි පරික්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *