මහ මැතිවරණයේ දී රාජපක්ෂලාට තුනෙන් දෙක තියා 113 වත් ගන්න බෑ

රනිල් වික්‍රමසිංහ ඩීල් කාරයා හය හත් දෙනාගේ ඩීල් කල්ලියට ජනතා විස්වාසයක නෑ

මෙවර මහ මැතිවරණයේ දී රාජපක්ෂලාට තුනෙන් දෙක තියා 113ක් වත් ගන්න බෑ.මේ නිසා රනිල් එක්ක හොර රහසේ ඩීල් ගහන රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා සජිත් අගමැති කරවන ජයගමන අපි දැන් ආරම්භ කර බව,සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීය.

එ මහතා එසේ කීවේ ගාල්ල,යක්කලමුල්ල,බද්දේගම,හබරාදුව,නෙළුව, තවලම,බලපිටිය,අක්මීමන ප්‍රදේශ රැසක දී පැවැති ජන හමු රැසකට එක් වෙමිනි. (06 අද දින) .ගයන්ත කරුණාතිලක මහතා මෙසේද කීය.

අපිට තියනවා ප්‍රශ්නයක් අපිට දිනන්න උපමනායි.අපිට ජනතාවට සේවය කරන්න බලයක් උවමනායි.සිරිසේන අපි පත් කළා. නමුත් අපට කිසිදු සේවයක් උනේ නැ.අපි දින සියයක වැඩ සටහන සාර්ථකව කලා.නිවැරදි කටයුතු ජනගත කළා.සර්ගේ ආන්ඩුවට එහෙම කරන්න බැරි අනා.

සිරිසේන රනිල් වික්‍රමසිංහ ප්‍රශ්ණ ආ විගස එයට පියවරක් ගත්තේ නෑ. හවුල් ආණ්ඩුක් ගැහුවා. එකෙන්ද එජාප සිදු වු සෙතක් නෑ.මෛත්‍රිපාල ඒ අයගේ පක්ෂයේ අයට මැති ඇමති කම් දුන්නා ඒ අය රස්සාවල් දුන්නා අපිට මේ රස්සාවල් දෙන්න විදියක් උනේ නෑ.හවුල් ආණ්ඩුව අවුල් උනා. අගමැති ජනපති අතර නයි මුගටි ගැටුමක් හට ගත්තා දින පනස් දෙකේ අගමැති වරයෙක් මෛත්‍රිපාල සිදු කළා. හොර ආණ්ඩුව පහකර ගත්තේ අධිකරණ බලය මත අපට යළිත් බලය ගන්න හැකි උනා.

අපි පාසල් දරුවන්ට ටැබ් දෙන්න කටයුතු කළා.නමුත් එය සිදුකරන්න දුන්නේ නැ. එහෙම උනානම් මේ පාසල් පවත්වන්නේ නැති මේ කොරෝනා කාලයේ ළමයින්ට ඉගෙන ගන්න තිබුනා. එය ක්‍රියාත්මක කරන්න දුන්නේ නැ. ජනතාවට ඉඩම් අයිතිය දෙන්න කටයුතු කළා. නමුත් ඒ සියල්ලටම  මෛත්‍රිපාල අවස්ථාව දුන්නේ නෑ.ජනතාවට සෙත සලසන දේවල් කරන්න දුන්නේම නෑ.

අපේ ජන්දයෙන් මනාපයෙන් බලයට ආ මෛත්‍රිපාල සිරිසේන අපේ පක්ෂයේ භේද බින්න කර ජනතාවට කරන්නට ගිය කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කරන්නට ඉඩ දුන්නේ නැ. කකුලෙන් ඇන්දා.අපිව නැති කරන්නට කටයුත කළා.මම නිර්පාක්ෂික දේශපාලඥයෙක් කියා බලයට ආ මෛත්‍රි සති කිහිපයක් යන්නට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති කම අරගෙන අපටම ගැහැව්වා. දැන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ද නිලතල අරගෙන යළිත් ජන්දය ඉල්ලනවා.අපි නැති නම් සිරිසෙන වළ වල්ලේ යනවා. අපි නිසා ජයගත්තු සිරිසෙන ජනපති අපට සුහද කොකා පෙන්නලා පොහොට්ටුව කරතියා ගත්තා ජන්දයෙන් පස්සේ සිරිසේනට කර කියා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා.

ජනපති තනතුරු දරලා. යළිත් මන්ත්‍රිකමකකට තරඟ කරන මහින්ද,මෛත්‍රි බලයට ඇති කෑදර කම මේ ජන්දය ඉල්ලිම තුළින්ම පේනවා. දැන් රාජපක්ෂ පවුල සමඟ රාජපක්ෂ පාලනය එක්ව එකතු වී සිටින මෛත්‍රිපාල පිළිබඳව කිසිදු විස්වාසයක් රටේ ජනතාවට නෑ. රාජපක්ෂ පාලන පිළිබඳව ජනතාවට විස්වාසයක් නෑ.

රනිල් වික්‍රමසිංහ ඩීල් කාරයා පිළිබඳවත් එයා එක්ක සිටින හය හත් දෙනාගේ ඩීල් කල්ලියත් පිළිබදව ජනතාවට විස්වාසයක් නෑ.මේ ඩීල් කාරයෝ නිසා එජාප එජාපාක්ෂිකයන් පවා දි තියනවා.

ජනතාවට විස්වාසයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක විතරයි.රට ඉල්ලන්නේ ජනතාව ඉල්ලන්නේ ජනතාව ආදරය කරන්නේ ඩීල් නැතිව කටයුතු කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස නායකතුමා විතරයි. අපි දුරකතන කාරයෝ මේදා වැඩිම ආසන ප්‍රමාණයක් ගන්නවා. ගියවර ජන්ද ප්‍රතිපලය මත අපට ආසන 102ක්ම ලැබෙනවා. මේවර වෙනත් බලවේග සියලුම එක්ව අපි ආණ්ඩුක් හදනවා එහි අගමැති සජිත් ප්‍රේමදාස මැතිතුමායි.

රාජපක්ෂ  වරුන්ට මෙදා කොරොනා නිති නිසා ජන්ද තියන්න නොහැකි අනාගෙන තියනවා. කොරොනා නිසා රාජපක්ෂ පවුලට කොර උනා. වෙනදා ලංකාවේ සියලුම ලංගම බස් අරගෙන මැතිවරණයට සෙනඟ ඇඳ අපිට බලය තියනවා කියා ඔලුගෙඩි පෙන්වා ජනතාව රවටා බලයට ආ රාජපක්ෂ පවුල් කල්ලියට අද එහෙම කරන්න නොහැකිව තියනවා. කොරොනා නීති රාජපක්ෂගේ ජනතාව රවටන ක්‍රමය වෙනස් කරන්න පටන් ගෙන තියනවා.

ලංකාවේ සියලුම සංවර්ධන කටයුතු කඩා වැටි තියනවා. ජනතාවට ජිවත් වෙන්න බැ. බඩු මිල අහසට නොවෙයි දිවිය ලෝකය දක්වා ඈතට ගොස් මිල වැඩිවෙලා.අපි නම් දැන් සැපද කියලා අහන්නේ නෑ. රාජපක්ෂලා රටත් කෑවා ගමත් කෑවා රටම නැති කළා. ජනතාවට තුන්බිය ඇති කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *