ප්‍රධාන පාසල් 300 ක විදුහල්පතිවරුන්ට මේමස ස්ථාන මාරු දෙනවා

සා පෙළ විෂයන් 09 ඉදිරියේ දි විෂයන් හය දක්වා අඩු කරණවා

මා ගැන ගුරුවරුන්ගේ  හිතේ  අමාරුවක් ඇති  ගුරුවරු මාරුකරපු නිසා. නමුත්   ඒ ප්‍රතිපත්තිය  අපි ක්‍රියාත්මක කරනවා.    ලංකාවේ  ප්‍රධාන පාසල් ඇතුළු ජාතික පාසල් 300ක වසර අටකට වඩා  රැදි සිටි ප විදුහල්පතිවරු ටික මේ මස 16 වැනිදා සිට  මාරුකරණවා.සා පෙළ  විභාගය සදහා  දැනට පවතින විෂයන් 09 ඉදිරියේ දි විෂයන් හය දක්වා අඩු කරණවා යැයි  අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

(04)  දහවල්  ගාල්ල මිපාවල අමරසුරිය මහාවිද්‍යාලයේ වාර්ෂික  ත්‍යාග ප්‍රදාන උත්සවයට එක් වෙමින් ඇමතිවරයා මේ බවද සදහන් කළේය. මෙදින   රිචඩ් පතිරණ  අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව,තාක්ෂන විද්‍යාගාරය ඇතුළු  ගොඩනැගිලි සංකිරණ පද්ධතිය සිසු අයිතියට පැවරිමද ඇමතිවරයා අතින් සිදුවිය.. ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක්වු අධ්‍යාපන ඇමතිවරයා මේසේද කිවේය.

 

ගුරුවරු හැම විටම තමන්ගේ විෂය ගැන ප්‍රවිනයෙක්  වෙන්න ඔන.  දැනුම යාවත්කාලින කර ගන්න ඕන. ප්‍රධාන පාසල්වලට විතරක්  නෙවෙයි දක්ෂ ගුරවරුන්ගේ  දැනුම හැම ළමයෙකු ටම ලබා ගන්න  ඕන.  පොඩි පාසල්වල  ගුරවරු  ප්‍රධාන පාසල්වලට ගිය විට ඒ පාසල්වලට  ගැලපෙන පරිදි හදා ගන්න ඕන. ගැලපෙන විදියට  වෙනස් වෙන්න ඕන. ගුර වෘත්තියට පමණයි සියලු වෘත්තිකයින් බිහි කරන්න පුළුවන්. අධ්‍යාපන පද්ධතිය තුල  ගුරුවරු විදුහල්පතිවරු නිලධාරින්  ඇතුළු  සේවකයින් ලක්ෂ 03ක් විතර ඉන්නවා..සමහර විදුහල්පතිවරුන්ගේ වැටුප තිස් හතලිස් දහසකින් වැඩිවුනා.  ගුරු වැටුප් විෂමතාවය හදලා දෙන්න කියලා  මුදල් අමාත්‍යංශයට  ලබාදිලා තියෙනවා..ගුරු වැටුප් විෂමතාවය  හැදුණු විට සියලු ප්‍රශ්න අඩුවෙනවා.. මා ඇමති ධුරයට පත්වු පසු පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකුගේ දිමනාව රුපියල්  6500කින්  වැඩි කළා.විදුහල්පති  ශ්‍රේණි අනුව මේක අඩුවැඩි වෙනවා.. මානව සමපත් දියුණු කරන්නේ විදුහල්පතිවරු හා ගුරුවරු..

 හොදම පාසල ළගම පාසල වි්‍යාපෘතිය යටතේ  පාසල් 5900ක් ගොඩනැගිලි ඉදි කරලා  තියෙනවා.  විද්‍යාගාර 3000ක්  ඉදි කළා.දැන් පාසල් සියයට 98කට විතර  විදුලිය තියෙනවා. වැසිකිළි කැසිකිළි පහසුකම්  26000ක් ලබා දුන්නා.  පුටු  ලැප්ටොප් ලැබෙනවා   භෞතික  සම්පත් පමණක් නෙවෙයි මානව සම්පත සංවර්ධය කරන්න කටයුතු කරලා තියෙනවා. තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරු  4000ක්  බදවා  ගත්තා. දේහපාලන බිංදුවක්වත් බැලුවේ නැහැ. අධ්‍යාපන පරිපාලන   සේවයට 852ක් බදවා ගත්තා.ගුරු අධ්‍යාපන සේවයට   එක් දහස් ගණනක් බදවා ගත්තා.

ඉදිරියේ දි  ජාතික පාසල් වලට   ගුරුවරු  බදවා ගැනිම සහා ගැසට් කරණවා. එවිට ගුරු හිගයට පිළියම් ලැබේවි. පළාත් සභා පසාල් සදහා ගුරුවරු බදවා ගන්න මුදල් ලබා දෙනවා  ඉදිරියේ දි තුන්වැනි ශ්‍රේණියේ  විදුහල්පතිවරු 600ක් බදවා ගන්නවා . අධ්‍යාපන පරිපාලන  සේවයට 400 දෙනෙකු  ගුරු අධ්‍යාපන අංශය ද සදහා  1000ක් බදවා ගන්නවා. ගුරු පුහුණුවට  විශාල මුදලක් ලබාදිලා තියෙනවා .

 ලබන වර්ෂයේ ජනවාරි මාසයේ දි ජාතික විද්‍යා පිඨාවලට කණ්ඩායම්  දෙකක්  එකවර බදවා ගන්නවා .ගුරු හිගය වසර දෙකක් ඇතුලත   අවසන් කරණවා.  අපි දේශපාලනය කරලා කොමිස් ගහන්නේ  නැතිව  උපරිම වේගයෙන් වැඩ කරලා තියෙනවා.

 දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව  ආණ්ඩුව භාරගෙන  තියෙනවා.  කෙතරම්  විභාග පාස්වුනත් වැඩක් නැහැ  හොද හදවතක් , ගුණ ධර්ම  මනුස්සකම,  නැත්නැම්.  හොද හදවතක්  ඇති දරුවෙක් බිහි කරන්න.   අම්මා තාත්තාට හොදට සලකන්න ඔන. මොන විභාග පාස්  කළත් වැඩක් නැහැ සමාජය සමග  ගැටිලා වැඩකරන්න  බැරිනම් විභාග පස් කරලා පිස්සෝ කරන්න අපි සුදානම් නැහැ . ලෝකයට ගැලපෙන පරිදි  විෂයමාලා වෙනස් කිරිම් ආරම්භ  කරලා තියෙනවා .විෂයමාලා අඩුකරලා පංති කාමරය තුල ක්‍රියාකාරකම්වලට  වැඩිපුර ඉඩදෙනවා  සා පෙළ  විෂයන් 09 ඉදිරියේ දි  හයක් කරණවා  යැයිද ඇමතිවරයා කිවේය.

ඇමති ගයන්ත කරුණාතිලක, ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි, යන මහත්වරුද කථා කළ අතර මෙම අවස්ථාවට  ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්වන  දොස්තර් රමේෂ් පතිරණ, බන්දුලාල් බණ්ඩාරිගොඩ , දකුණු පළාත් සභා මන්ත්‍රි සුමනසිරිලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *