ජනපති ,බැසිල් සහ පී,බී නැගෙනහිර ජැටිය දෙන්න හදනවා

වරාය වෘතීය සමිති චෝදනා කරයි

කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහත්වරුන් කැමති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වාරය නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමට විරුද්ධ බවත් එතුමා ගේ දැඩි විරෝධයක් ඒ සදහා තිබෙන බවත් අපිටද එයට විරුද්ධ වන ලෙසත් සදහන් කල බව වරාය වෘතීය සමිති චෝදනා කරයි.

එයට විරුද්ධව කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිටින බවත් ඔවුන්ගේ දැඩි විරෝධය ඉදිරියේදී දැක ගත හැකි වන බවත් සදහන් කරයි ඉන්දියාවට වාරයේ නැගෙනහිර ජැටිය විකිණීම හරහා රාජපක්ෂ කදවුරේ බෙදීමක් ඇති බවත් වාරය ඉදියාවට බදුදීමේ ක්‍රියාවලිය හරහා මෙම කදවුරේ විරසක තුල වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට දැඩි පහරක් එල්ලවීම හරහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති ඇතැම් සෘජු තීරණද මේ හේතුවෙන් නිෂේධනය වීමේ අනතුරක් ඇතිබව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත.

අනෙක් කරණය වන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල සංවිධාන සහ ඇතැම් භික්ෂුන්වහන්සේලා සිදුකරන ප්‍රකාශ හරහා මෙම බෙදීම තිවූර වෙමින් ඇත වත්මන් ආණ්ඩුවට ඇති එකම ශක්තිය මහින්ද රාජපක්ෂ මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතාද බැසිල් රාජපක්ෂ මහතාද නැතිනම් වෙනත් පාර්ශවයක් ද යන්න පිළිබදව දේශපාලනික රේඛාව ඉදිරියේදී ජනතාව දැකගත හැකි බවත් මේ සියලු පක්ෂ සහ විරුද්ධ වන කණ්ඩායම් කවුද යන්න දැකගත හැකි නිසා වත්මන් පාලනයේ බෙදීම් රේඛාවක් නිර්මාණය වීම හරහා එම ප්‍රබල කදවුරේ දෙදරීම ලංකාවේ දේශපාලන අනාගත භුමිකාවේ සංධිස්ථානයක් වන බවද පෙන්වා දෙයි

මේ මොහොතේ බලයේ සිටියේ රනිල් වික්‍රමසිංහ නම් නිසැකවම මෙය ඉන්දියාවට දීමේ කැමැත්ත සිදුවන අතර ජාතික සම්පත් රැකගැනීම සදහා බලය ඉල්ලූ කණ්ඩායමක ජාතික සම්පත් විකිණීමේ අරමුණ ඇති වීම හරහා සිදුවන දේශපාලන විරසකය එතරම් හිතකර නොවන අතර මේ කිසිම කණ්ඩායමකට පක්ෂ වීම හෝ විරුද්ධ වීම හැර වෙනත් විකල්ප නොමැති මොහොතක ඉන්දියාව තම ස්ථාවරය දැඩි කරමින් ඇත ඉන්දියාවට නැගෙනහිර ජැටිය ලබාගැනීමේ දැඩි හදිසියක් නිර්මාණය වන්නේ මේ හරහාය ඉන්දීය විදේශ අමාත්‍ය වරයා අවස්ථා දෙකකදී මෙරට පැමිණියේ අදාල කටයුතු සාර්ථක කරගැනීම සදහා වන අතර මෙතෙක් එය ඉටු නොවීම හරහා මේ මොහොතේ ඉන්දියාව දැඩි රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් ලංකාවට එල්ල කරමින් ඇත

ඉන්දියාව විසින් කොරෝනා එන්නත අසල්වැසි රාජ්‍යන් වෙත ප්‍රධානය කර ලංකාව වෙත ලබා නොදීම ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් වරයා තවමත් රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව අහිමි කිරීම සහ නවතම ධීවර ගැටළුව හරහා ඉන්දියාව කෙසේ හෝ මෙරට වාරයේ නැගෙන හිර පර්යන්තය අත්පත් කරගැනීමේ බලපෑම දියත්කර ඇත

මෙරට විපක්ෂය වෙතින් දැඩි විරෝධයක් එල්ල කිරීමත් ආණ්ඩු විරෝධීන් එක පෙරමුණකට කැදවීමත් සදහා කැස කවමින් සිටී එය වත්මන් ආණ්ඩුවේ දේශප්‍රේමීත්වය වෙත එල්ල වන ඇතුල් පහරකි එම පහරේ ප්‍රබලත්වය දිය කරගැනීම සදහා ආණ්ඩුව තුලම වරාය විකිණීමේ ප්‍රයත්නයට එරෙහි කදවුරක් නිර්මාණය වීම හරහා දැන් ඒ කිසිවෙකුට මග හැර යාමට නොහැකිය මග සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී කියන කියමන දැන් දැන් ආණ්ඩුවේ ඇත්තන්ට අත්වෙමින් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *