දේශපාලනය උඩි යටිකුරු කරන දකුණේ මනාප බල අරගලය

ගාල්ල මාතර, හම්බන්තොට, මැතිවරණ සටන,මෙන්න!
සජිත්ට පැණි බීම ප්ලාටික් පෙට්ටයක් ගෙන ආවේ ඇයි!

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ගාල්ලට ආවේය.ඒ හබරාදුවට හා අක්මීමටයි. මහා විශාල පාක්ෂිකයන් පිරිසක් මෙහි දී දැකිය හැකි වුහ.හිටපු ඇමති වජිර නොමැතිව සියලුම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු එජාප මන්ත්‍රිවරු සියලුම දෙනා සමග පියසේන ගමගේ , මනුෂ නානායක්කාර ද ,තාරක නානායක්කාර ද,සුමනසිරි ලියනගේ ද පළාත් පාලන ආයතන නියෝජිතයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගාල්ලෙන් හිටපු ඇමති වජිර අබේවර්ධන තනිවේ!

මෙහි දී වජිර අබේවර්ධන උපක්‍රමයක් කර සියලුම පළාත් පාලන මන්ත්‍රිවරු සිරිකොතට එන්න යැයි නායක රනිල් වික්‍රමසිංහ හරහා දැනුම් දී තිබිණි. නමුත් සිදු වුයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රිවරුන්ට හරි පුදුම වැඩැක්ය. සමහරු හදිසියේ අසනිප විය. සමහරු මළ ගෙවල්ය. සමහරු වෙන වෙන වෙන දේවල් නිසා සිරිකො යත ගමන නතර කර සජිත් සමග රැස්විම්වලට එක් වුයේ මන්ත්‍රි කම නැති වුනත් කමක් නෑ සජිත් සමඟ අපි ඉන්නවා කියමිනි.

ගයන්තට ගාල්ලේ අහිමි වු ජන ඔටුන්න ලැබෙයි!

මෙහි දී ගයන්තට ගාල්ල දිස්ත්‍රික් සමගි ජන පෙරමුනේ නායකත්වය හිමිවිය. මේ අනුව,ගාල්ලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එජාප ගයන්ත,බන්දුලාල්, විජේපාල, මනුෂද, පියසේන ගමගේ යන පිරිසද එක්ව සමගි ජන බලවේගයට නාම යෝජනා සකස් කරන්න පියවර ගන්නා මෙන් සජිත් ගයන්තට උපදෙස් දුන්නේ ය.

හබරාදුවේ තාරකට සජිත්ගෙන් සහතිකයක් තාරක දිනනවා සජිත් ගයන්තට කියයි!

හබරාදුව රැස්වීමේ දී තාරක නානායක්කාර කතා කරන විට සජිත් ප්‍රේමදාස මහතා සියලුම මන්ත්‍රිවරුන්ට කීවේ තාරක නානායක්කාර වයස 34 යි. හොද අනාගතයක් තියනවා. මෙයා දක්ෂයා. භාෂාවන් කිහිපයක්ම තාරක නානායක්කාර දන්නවා. දෙස් විදෙස් උපාධි රැසක්ම තියනවා.

තාරකට තාත්තගේ කටම දී තියනවා. කතාවම ලබා දී තියනවා. තාරකට සමගි ජන බලවේගයෙන් හබරාදුවෙන් ගාල්ලෙන් දිනන්න හැකියි.තරුණ පිරිස තාරකට ආකර්ශනයක් තියනවා.මෙයා දක්ෂයා. හේම කුමාර නානායක්කාර වාගේම දක්ෂ චතුර කතිකත්වයක් තාරකට තියනවා.තාරකට දිනන්න හැකියි සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායක සෙමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන්ට කීවේ හබරාදුව ජන රැලියේ දීය..

මේ කතාව අසා සිටි ගයන්ත කරුණාතිලක, බන්දුලාල්, විජේපාල, පියසේන ගමගේ හිස සෙලුවා පමණි. කිසිත් කීවේ නැත.

සජිත්ට පැණි බීම ප්ලාස්ටික් පෙට්ටි දෙකක් උස සකස් කරයි!

තාරකගේ කතාවෙන් පසුව වේදිකාවට ගිය සජිත් ප්‍රේමදාස මහතාට කතක පෝරුව උස වැඩි නිසා හරිම අකර තැබ්බයකට ලක් වන්නට විය. සජිත් වැඩිය උස නැති නිසා කථක පුවරුව උස වැඩි නිසා සිදු වුයේ අපහසුතාවයකි.මේ නිසා වහාම පැණි බීම බහාලන ප්ලාස්ටික් පෙට්ටියක් දෙකක් ගෙන කථක පෝරුව අසල බිම තබා ඒ මත නැගි සජිත් ප්‍රේමදාස මහතා හබරාදුව ජනතාව ඇමතිය.

පොහොට්ටුවේ පොදු හතුරා සජිත් නොවෙයි!අලියාද ?නැති නම් අතද ?

කෙසේ නමුත් ,2020 ඉදිරි මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් මේ වන විටත් ගැටළු කිහිපයක් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම ශ්‍රී ල.නි.ප. හා පොහොට්ටුව අතර ඇති වී ඇති මත ගැටුම් නිසා මේ වන විට ශ්‍රී.ල.නි.ප වෙනම මහ මැතිවරණයට තරඟ කිරීමේ ප්‍රවනතාවයක් මේවන විට පවති.මේ සම්බන්ධයෙන් විමසීමේ දී ගාල්ල හා මාතර ශ්‍රීලනිප යේ ප්‍රබලයන් සිය පාක්ෂිකයිනට කියා තිබුණේ දැන් එජාපයට වඩා හතුරා ශ්‍රීලනිපය වී ඇති බවයි. පොහොට්ටුවේ වින්නඹු කම කරපු ශ්‍රීලනිපයට වඩා පොහොට්ටුව ගබ්සා කිරීමට උත්සාහ කල එජාපය, පොහොට්ටුවේ අයට හොද වී ඇති බවයි. කොහොම වුනත් අපි ගොඨාභය රජපක්ෂගේ වැඩ පිලිවෙල එක්ක ඉන්නවා. අපි වෙනම ඉල්ලුවත් ඉල්ලන්නේ ගොඨාභය රාජපක්ෂ විරුද්ධ නිසා නෙවේ. අපි ඒ වැඩ පිලිවෙල සමඟ ඉන්නවා. නමුත් අපිට තියෙන්නේ ලොකු කණගාටුවක්. මේ දැන් තියන තත්ත්වය එක්ක. ශ්‍රීලනිප ගාල්ල හා මාතර ප්‍රබලයන් කීවේ එහෙම කතාවකි.

හබරාදුවෙන් ඒ.ජී.සී පියසිරි  ටී කැපේ ! නවතම ටී කඩේ මෙන්න!

හික්ෂුවක් කියලා මට නොමිනේෂන් දුන්නේ නැත්නම් අපිටත් තීන්දුවක් ගන්න වෙනවා. බද්දේගම සමිත හිමියන් මෙසේ කීවේ තම පාක්ෂිකයන් පිරිසක් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විමසීමට පැමිණි අවස්ථාවේ දීය. හික්ෂුවක් කියලා නොමිනේෂන් දෙන්නේ නැත්නම් මගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක් අනිත් එක මම මේ ලයිස්තුවේම ඉන්න ජේෂ්ඨයෙක්. පසුගිය මැතිවරණයෙත් ඊලඟට මනාප තිබුණේ මට ඒ නිසා මෙවර නොමිනේෂන් මට ලැබිය යුතුමයි. ඒක නොලැඹුනෝතින ඒ අවස්ථාව අනුව තීරණයක් ගන්න වෙනවා. සමිත හිමියන් පැමිණි පිරිසට කීවේ එසේය. නමුත් මේවන විට සමිත හිමි ගාල්ලට නාමයෝජනා අත්සන් කර තිබේ.මේ අතර,හබරාදුව පොහොට්ටුවේ සංවිදායක දිල්සාන් විදානගමගේ මහතා නාමයෝජනා අත්සන් කර ඇති. අතර හිටපු දකුණු පළාත් සබා මන්ත්‍රි ඒ.ජී සී පියසිරිට නාම යෝජනා අත්සන් කරන්ට තවම අවස්ථාවක් උදා වී නැත.

තවත් ගාල්ලේ හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙකු පොහොටුවෙන් නාම යෝජනා බලාපොරොත්තු වෙනුවෙමින් ගාල්ලේ පොහාට්ටුවේ ප්‍රබලයෙකුගෙන් විමසීමක් කර ඇත. ඔයාට පළාත් සභාවේ ඇමතිකමක් ෂුවර්. ඇයි ඔයා ඒක ගන්නේ නැත්තේ. අදාළ ප්‍රබලයා මෙම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට පවසා ඇත. පළාත් සභාවේ ඇමති කම් නම් මට හිටපු ජනපති මෛත්‍රීත් දුන්නා ඒවා ගත්තේ නැති අපිට මේවා මොකටද? අදාළ මන්ත්‍රීවරයා කියද්දී ප්‍රබලයා මේ සම්බන්ධයෙන් ඊට වැඩි ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ සටහන ලියන නෑ බං ටයෆ් කරන ලියුම් කරුගේ කුඩාකල මිතුරා වු වීරසුමන වීරසිංහට ඩලස් අලහප්පෙරම කපයි!

මාතර දිස්ත්‍රික්කයේ ද ප්‍රබලයෙකු ජාතික ලයිස්තුවෙන් පැමිණ එයින් ඇතිවන හිඩසට රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු දිනවීමට සුදානමක් පවතින බවට මේ වන විට මාතර දිස්ත්‍රික්ක යේ ජනතාව අතර කතාවක් ඇති අතර ඉදිරි සතියේ දී අදාළ තරුණ දේශපාලඥයාගේ පලමු කාර්යාලය විවෘත කිරීම ද අගමැති මහින්ද අතින් සිදුවන බවත් එය එසේ වන්නේ නම් මහින්ද සමඟ මුල සිටම සිටි පිරිස ට සිදුවන්නේ ලොකු අසාධාරණයක් බවත් මේ වන විට පාක්ශිකයින් අතර කසු කුසුවක් ඇත.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ ද පාර්ලිමේන්තු මැතිවරණය සදහා බලාපොරොත්තු සහිතව සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සිහින මේ වන විට බොද වීම නිසා ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව සිටිති.

බලන්න මල්ලී පසුගිය යහපාලන රජය පෙරලන්න අපි පළාත් සභාව තුල කොච්චර දේවල් කරාද? ඒ වුනාට සමහර වචනයක්වත් කතා කරපු නැති අයට තමයි අද වෙනකොට නාම යෝජනා දෙනවා කියන්නේ. ඇත්තටම මේ ගැන නම් තියෙන්නේ හරිම දුකක්. මොනවා වුනත් වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නවා.

ඉවරම කිව්වට ඉවරම නෑ? දෙනව වගේ ඉදලා දෙන්නේම නෑ මාතර,ගාල්ල ,හම්බන්තොට පොහොට්ටුව ට ජන්ද ? මනාප  අඩුවෙයිද ?

දැඩි කනස්සල්ලෙන් සිටින හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කියන්නේ එහෙම කතාවකි.මෙහෙම කලහොත් අපි පොහොටුව එක්ක ඉන්නව වාගේ ඉදලා ජන්දය දෙන්නේ නෑ. සද්දෙට වැඩ කරනවා. ජන්දය දෙන්නේ නෑ.

මේ අතර ඇමති ඩලස් හා කංචන පසුගිය සතියේ මාතර මාධ්‍ය වේදීන් හමුවුයේ ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහාය. අපි මෙවර මැතිවරණයේ දී මනාප පොරයට යන්නේ නැතිව මැතිවරණ ව්‍යාපාරය කරන්න බලාපොරොත්තුව එතන දී පක්ෂ කාර්යාල ගම් මට්ටමින් දාන්න අපේ බලාපොරොත්තුවක් නෑ. ඩලස් මෙන්ම කංචන කියද්දී මාධ්‍ය වේදීන් ඇසුවේ මාතර නාම යෝජනා ලයිස්තුව මේ වන විට අවසන් ද යන්නයි. නෑ තාම නෑ. ඒකේ ලොකු තරඟයක් තියනවා. කොහොමටත් ලබන 19 වන විට ඩලස් කීවේය.

සිරි දියණිය දිය වන්නාවට වීරසුමන පළාත් සභාවට ද?

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර මහත්මයාගේ දියණිය ත් මාතරින් ඉදිරිපත් වෙන බවට කතාවක් යනවා. එහෙම වුනොත් වීරසුමනට මොකද වෙන්නේ මාධ්‍ය වේදීන් ඇසුවේ ඩලස්ගෙනි. ඔව් එහෙම කතාවක් තියනවා. නමුත් ඒක කොමියුනිස්ට් පක්ෂයෙන් විසදගන්න ඕන ප්‍රශ්නයක් . ඒක ඒ අය විසදා ගනීවි. ඩලස් මෙන්ම කංචන ද කීවේ සැහැල්ලුවෙනි.

සෙල් ෆෝන්..ෆෙල්.. හලෝ හලෝ සජිත් ඉන්වාද? උකුස්සා, ආප්පයා, රාජ අලියා, මරු සිරා  පතෝල, වැට කොළු, හක්ක පටස් කහ කහ හිටියත් කහ හොයා ගන්න බෑ.

මේ අතර බෙලිඅත්ත පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලය පසුගිය දා රැස්වුයේ හිටපු ඇමති චමල් ගේ ප්‍රධානත්වයෙනි. එහි පැමිණි සිටි බොහෝ දෙනෙකු චමල්ගෙන් විමසා සිටියේ ඉදිරි මැතිවරණනයේ පොහොට්ටුවෙන් නාම යෝජනා ලැබෙන්නේ කාටද යන්න සහ උකුස්සාට මොකද වෙන්නේ කියාය. සියළු කතා අසා සිටි චමල් ඒ සදහා පිළිතුරු දුන්නේ සිය කතාවේදීය. එකින් එක නාම යෝජනා ලැබෙන නම් කියු චමල්ට ඇමති අමරවීරගේ නම කීමට පෙර ශ්‍රීලනිපය වෙනුවෙට කියවුනේ උකුස්සාගෙන් කියාය. එතකොට අපි ඇරුනාම උකුස්සාගෙන් මහින්ද අමරවීර ඇමතිතුමා එනවා. චමල් කී විට සියළු දෙනාට සිනහ ගියේ ඉබේමය. නෑ නෑ මට වැරදුනා. කොහේද ඉතින් මේ ආපු වෙලේ ඉදලා උකුස්සා, උකුස්සා කියනවා.ඉතින් අපිටත් වරදිනවා. ඒක මේ ලොකුවට ගන්න එපා කී චමල් සිය කතාව අවසන් කළේය.

කොරෝනා හා මහන්ද රාජපක්ෂ නෑ මල්ලි අමරවීර !

පසුගිය දින කිහිපයේ දී පොලොන්නරුව නමයෝජනා අත්සන් කළේය.මේ අතර මහින්ද අමර වීර කීවේ තාවකාලික මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන බවය.

සජිත් හලෝ රනිල් ප්‍රතිචාරයක් නැත.රනිල් හලෝ  සජිත් මේ මොහෝතේ දුරකථනය සමබන්ධ කර ගත නොහැකි පසුව කතා කරන්න.

එජාපය රනිල් පිල හා සජිත්පිල වශයෙන් දෙකඩ වී ඉදිරි මැතිවරණයට තරඟ කිරීම මේ වන විට ස්ථිර වන තත්ත්වයක් ඇති වී ඇත. රනිල් පිලෙන් මෙන්ම සජිත් පාර්ෂවයෙන්ද නාම යෝජනා ලබාගෙන තරග කරණ ලෙස එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්ට ආරාධනා ලැබෙමින් පවති. දේශපාලනයෙන් සමුගත් රත්ගම එජාප සංවිධායක සංජීව් කරුණාතිලකට පසුගිය සතියේ සජිත්ගෙන් ඇමතුමක් ලැබිණි. සංජීව් ඔයා එන්න අපිත් එක්ක වැඩ කරමු. මම කැමතියි ඔයා අපිත් එක්ක ඉන්නවා නම් සජිත් එසේ කීවද සංජීව්ගෙන් ඒ සදහා පැහැදිලි පිළිතුරක් ලැබුනේ නැත. මම කැමතියි පක්ෂය කඩන්නේ නැතිව එකට ඉන්නවා නම් සංජීව් ගේ පිළිතුර විය.

මේ අතර පසුදින හිටපු ඇමති වජිර සංජීව් හමුවිය. අපි ඔයාට බෙන්තර ඇල්පිටිය දෙන්නම්. අපිත් එක්ක වැඩ කරමු. වජිරගේ එම යෝජනාවට ද සංජීව් කෙලින් පිළිතුරක් දුන්නේ නැත. මේ අතර මෙම අර්බුද නිසා අතැම් එජාප හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු සෘජු තින්දුවක් ගැනිමට නොහැකිව දෙලොවක් අතර තනි වි සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප හිටපු ඇමති ගයන්ත හිටපු මන්ත්‍රිවරුන්වන මනුෂ,විජේපාල හෙට්ටිආරච්චි,බන්දුලාල් ,පියසේන ගමගේ, තාරක ,යන අය සජිත් ගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් තරග කරන්නට ඉදිරිපත්ව ඇත.

රනිල්ට යකා නගියි! තාරක නානායක්කාරගේ පට්ටම් ගලවයි!

හබරාදුවෙන් මහ  හයියක් සජිත්ට රනිල්ට යකා නගී තාරකගේ තාරකගේ පට්ටම් සියලුලුම ගලවයි!කොල්ල බය නෑය කියලා මමත් එක්ක දෙඩුවා.සජිත් පුතා මහ මැතිවරනයෙන් පසුව අලියට බන්දලා දෙනවා. නායකත්වයක් ගන්නවා කියා තාරක කියමින් තාරක ගාල්ල දිස්ත්‍රික්කයේ ගමින් ගමට යයි!

සජිත් හබරාදුවට හා අක්මිමනට පැමිනි යේ ගිය සතියේ ය. මෙහිදි ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප හිටපු ඇමති ගයන්ත හිටපු මන්ත්‍රිවරුන්වන මනුෂ,විජේපාල හෙට්ටිආරච්චි,බන්දුලාල් ,පියසේන ගමගේ, තාරක ,යන අය සජිත් ගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් තරග කරන්නට ඉදිරිපත්ව ඇත.

සජිත් තරුණ අලි සිරිකොත අල්ලන්නට සැරසේ! සැරදේ අලියා!සැපදේ ලංකා එජාප ?

අපි සිරිකොතක් අල්ලනවා.අලියා සමඟ පක්ෂයක් පක්ෂයේ වැදගත් ප්‍රතිපත්ති හා දර්ශනයක් අරගෙන පිටකෝට්ටෙන් ඇතුල් කොට්ටෙට අලියා අරගෙන ගොස් අලියා ඇතෙක් කර සජිත් ප්‍රේමදාස පුතා ඇතුගේ පිටේ වාඩි කරනවා. පක්ෂයද පක්ෂයේ නායකත්වයද අරගෙන මහමැතිවරණයෙන් පසුව අලුත් යුගයකට ගමන් කරමින් සජිත් අගමැති කරවනවා.සමගි ජන බලවේගයේ ආන්ඩුවක් බිහිකරනවා. හොරුනෑ. ඇවැන් ගාඩ් හොරු නෑ.පාවා දෙන්නන් නෑ. මහ බැංකු හොරු නැ. පිරිසිදු මහත්මාවා දී දේශපාලඥයි විතරයි මේ අලුත් සමගි ජන ආණ්ඩුවේ සිටින්නේ.    

මහ බැංකු හොරු! ඇවන් ගාඩි හොරු! හෙළුවෙන් අරයා විතරක් තනියෙන් දොඩනවා අයි ඒ

හිටපු ඇමති වජිර අලියා ලකුණෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරණ බව දැනටමත් ප්‍රකාශකොට තිබේ. ඔයාලා කවුරු හිටියත් නැතත් මම තනියෙන් හරි කණ්ඩායමක් දමලා අලියා ලකුණෙන් තරග කරණවා වජිර අබේවර්ධන හිටපු ඇමතිවරයා අනිත් පිරිසට කියා තිබිණි.අලුත් මහුණු දමා හෝ අපි ගාල්ල දිස්ත්‍රික්කය වාගේම ලංකාවේ දිස්ත්‍රික් 22කම ජය ගන්නට කටයුතු කරනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන්ද මෙවර මන්ත්‍රිධුරයක් අඩුවි තිබේ. මාතර දිස්ත්‍රික්කය තුලද සජිත් පාර්ශවය හා රනිල් පාර්ශව වශයෙන් දෙපිලක් බේදි තිබේ. මංගල සමරවිරල බුද්ධික පතිරණ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සජිත්පිල නියෝජනය කරණ අතර සාගල රත්නායක හිටපු මන්ත්‍රිවරයා රනිල් පිල නියෝජනය කරන්නේය.

පෙට්ටි කඩේ මල්ලිට රනිල් වැරදුනා බං! සජිත් කපයි!පොඩි කඩේ ප්‍රියන්ත පොඩි කඩේ සිටිය නගේ නෑ !මල්ලි ! මල්ලි හරි මල්ලි!

මේ අතර හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්දන ප්‍රියන්ත මීට දින කිහිපයකට පෙර හිටපු ඇමති සජිත්ට එස්.එම්.එස් පණිවිඩයක් යැවීය. ඇමතිතුමා අපිට මොකද වෙන්නේ. පක්ෂයට මොකද වෙන්නේ. එස්.එම්.එස්. පණිවිඩයෙන් එසේ අසා තිබිණි. දින තුනකට පසුව සජිත්ගෙන් ප්‍රියන්තට දුරකථන ඇමතුමක් ලැබිණි. කොහොම ඉතින් ඉදිරි මැතිවරණ කටයුතු සජිත් ප්‍රියන්තගෙන් විමසීය. ඔයාට සහ ගයාන් සංජිවට කඹුරුපිටිය හා වැලිගම යන ආසන වලින් අපේ සන්ධානයෙන් අවස්ථාවක් දෙන්න බැහැ. ඒ ආසන දෙක සදහා අලුත් අපේක්ෂකයින් දෙදෙනෙකු අපි හොයාගෙන තියෙනවා සජිත් කිවේය.

ගයාන් සංජිව හා චන්දන ප්‍රියන්ත සමගි ජනබලවේගය පිහිටුවිමේ අවස්ථාවට සහභාගිවුයේ නැත. වැලිගම ආසනය සදහා සමගි ජනබලවේගයෙන් වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම ඉදිරිපත් කරණු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ නමුත් ප්‍රියන්ත මේ සම්බන්ධයෙන් තම හිතවතුන්ට මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් ද දැනුවත් කර තිබිණි. මට මේ පක්ෂය කඩන පාපෙට යන්න බෑ. දිනුවත් නැතත් මම අලියා එක්ක ඉන්නවා. ප්‍රියන්තගේ ඒ කතාව ඔහුගේ පාක්ෂිකයින් ද අනුමත කළේය.

සීනුව ගහනවා. වේලාව ඉවරයි අපි යන්නයි  හදන්නේ ……..

ජවිපෙ ද දකුණේ මෙ වන විට ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර කුඩා කණ්ඩායම් රැස්වීම් කිහිපයක් පවත්වා ඇත. ගෙයින් ගෙට යෑම හා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්ද ඔවුන් දියත් කර ඇත. ප්‍රධාන පක්ෂ අතර ඇති බෙදීම් නිසාම ජවිපෙ වෙත මේ වන විට යම් ආකර්ෂනයක් ඇතිවෙමින් තිබෙන බව ජවිපෙ ප්‍රධානීන්ගේ අදහසයි. එය සනාථ කරමින් පසුගිය මාසයක පමණ කාලය තුල පැවති කුඩා රැස්වීම් සදහා නව සමාජිකයින් බොහෝ දෙනෙකු ජවිපෙ සමඟ අත්වැල් බැදගෙන තිබිණි.

කොරෝනා! රස්නෙයි!සද්දෙයි!රථන සුත්තරේ හා ගාල්ලට අදරේට කියන්නේ සූත්තර පුංචා බව ගාල්ලේ නිමල් චන්ද්‍ර රණසිංහ කියයි!

දේශපාලන තත්ත්වය එසේ වුවද දකුණේ ජන ජීවිතය මේ වන විට ඇත්තේ එතරම් හොද තත්ත්වයක නොවෙයි. අධික රස්නය නිසා දකුණේ තේ කර්මාන්තය ඇත්තේ දැඩි අනතුරකය. කොරෝනා වෛරයසය හේතුවෙන් කොරියාව වැනි රටවල සිටන ශ්‍රමිකයින් ද නැවත පැමිණීම නිසා දකුණේ ජනතාව ආර්ථික තත්ත්වය මේ වන විට බොහෝ සෙයින් අඩපණ වී ඇත. කෙසේ නමුත් මෙවර මැතිවරණයේ දී ජනතා නියෝජිතයින් ට මෙම කාරණා සමඟත් තරඟ කිරීමට සිදුවනු ඇත. නියඟය හා කොරෝනා නිසා දකුනු ද රටම මෙන් ගිනිගෙන ඇත. මේ තඅර දේශපාලනය නිසාද දකුණු පළාත සත්තකින්ම ගිනිගෙන ඇත.

හිටපු ඇමති ගයන්ත කරුණාතිලකගේ හැලප කෑම!රනිල්,වජිර ගයන්තට කැපිලි දැම්ම රස රහස ! ගයන්ත හැලප කකා වතුර බිබී කියයි!

සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා කරන්න මමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කලේ  එදා ඉදලාම මට කැපිල්ල ,ගාල්ලට තනතුරු ස්පිලි,පාපිලි දෙන විට වජිර එක්ක රනිල් මට කොමා, තිත, තියනවා.

හිටපු ඇමති ගයන්ත කරුනාතිලක එසේ කීවේ හබරාදුව,ගාල්ල, බද්දේගම,රත්ගම ඇල්පිටිය ආදි මැතිවරණ ආසන රැසකම ජන හමු රැසක් අමතා හබරාදුව තිත්තගල්ලේ සී.ටී.බී කරුණාසේන මහතාගේ නිවසේ පැවැති රැස්වීමෙන් අනතුරුව හැලැප එකක් නොව දෙකක්ම කොටා බාන ගමන්නය.

තවත් මේ ආකාරයේ ඇත්ත කේලමක් අරගෙන මම එනවා තවත් දින කිහිපයකින්ම. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *