පොසොන් දින යුධ හමුදාව අඩු අදායම් පවුල් සහ විහාරස්ථාන වෙත සහන මළු බෙදයි!!

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය සහ බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය එක් ව පොසොන් උත්සවය නිමිත්තෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් සහ විහාරස්ථාන වෙත වියළි සලාක පාර්සල් 500 ක් බෙදා දීම පෙරේදා (03) සිදු කෙරුණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න මහතා විසින් මෙම වියලි සලාක බෙදා දීම සංවිධානය කර තිබුණි.

මෙම වියළි සලාක පාර්සල් තොගය බෙදාදීම පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන භූමියේදී සිදු කරන ලදී. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රතිලාභින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය, යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලය සහ පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත සියලුම රෙජිමේන්තු මේ සදහා අනුග්‍රහය දක්වා තිබේ.

මෙම වියළි සලාක බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති සහ යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගි වූ අතර එහි විවිධ අවස්ථාවන් ඉහත ඡායාරූප වල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *