රටපුරා කොඩිය දිනවන සටනේ ගම්පහ ජනතාව ඉහළින්ම සිටිනවා

අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රක් අපේක්ෂිකා සුනේත්‍රා සමරකෝන් මැතිණිය කියයි

මීරිගම ආදරණීය ජනතාව වෙනුවෙන් මම සපත කර සිටිනවා මේ මීරිගම ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් ලබාදෙනවා කියලා ඒ ගමන යන්න අගෝස්තු 5 වෙනිදාට කොඩිය ලකුණ දිනවන්න එතකොට ඔබ වෙනුවෙන් මීරිගම සහ ගම්පහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කථාකරන මන්ත්‍රී වරිය වශයෙන් පත්වෙනවා ඒක කරන්න මීරිගම ඇතුළු ගම්පහ දිසාවේ රටට ආදරය කරන ප්‍රගතශීලී සකලවිධ බලවේගයන් අපිත් සමග මේ වෙනකොට අත්වැල් බැදගෙන අවසන් ඒක දරාගන්න බැරි දුර්වල මිනිස්සු කොඩිය ලකුණට අපේ ජන බල පක්ෂයට අපිට නොයෙක් මඩ ගහන්න පටන් අරගෙන මේක තමයි අපේ ජයග්‍රහණයේ පෙර නිමිත්ත

අපි දුර්වලනම් ප්‍රතිවාදියා අපි ගැන කථා කරන්නේ නැහැ හැබැයි දැන් මීරිගම විතරක් නොවෙයි ගම්පහම වගේම රට පුරාම අපේ ජනබල පක්ෂය ගැන කථා කරනවා අපිට දේශපාලන පිටියේ කොටස වෙන්වෙලා තියෙන බව නොවෙයිද මේ නගන අවලාද වලින් පෙනෙන්නේ අපි කියනවා අපිට තව පහර දෙන්න එකෙන් අපි තවත් පන්නරය ලබනවා අපේ මිනිස්සු සත්‍ය වටහාගෙන අවසන් ජනතාව තීන්දු කරලා තියෙනවා ගම්පහින් කොඩිය ඉහලින්ම ඔසවා තබන්න

ඡන්ද පත්‍රිකාවේ උඩම තියෙන ලකුණ කොඩිය ඒ වගේම අගෝස්තු 5 වෙනිදා ඡන්ද පොළට යන ඔබ ඡන්ද පත්‍රිකාවේ උඩම තියෙන කොඩිය ලකුණ ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න අගෝස්තු 6 වෙනිදා සවස් වෙනකොට ප්‍රථිපල ලැබෙන කොට අපි ගම්පහ ප්‍රමුඛයන් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ

අපි පිරිසුදු ගමනක් යන්නේ අපිට දේශපාලනයට ඇවිල්ලා හම්බ කරන්න දෙයක් නැහැ අපි මේ හම්බ කරන්නේ ජනතාව ජනතාව අපිව ඔසවා තබන බව මේ මැතිවරණ සටනේ අපි යන හැම තැනම ජනතාව දෙන සහතිකය තුලින් ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේලා එක පැත්තකින් අපිට නායකත්වය දෙනවා අපි ජනතාව සමග මැතිවරණ සටන මෙහෙයවනවා

අපේ අවසන් ඉලක්කය ඉදිරි දින 10 තුළ තවත් වර්ධනය කරගෙන රටෙන්ම කොඩිය එසවෙන කොට ගම්පහින් කොඩිය ඉහළටම ඔසවන්න ඔබත් මමත් පෙරමුණ ගනිමු ඒ වෙනුවෙන් මේ ඉතිරි දින කිහිපයේ ජනතාවට සත්‍ය වෙනුවෙන් එකතුවෙන්න කියන පණිවුඩය ගමට ගෙනියමු කියලා මීරිගම ආදරණීය ජනතාවට මම ආරාධනය කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *