විපක්ෂය කැබලි වෙලා ඉවරයි!! හිරේ ගිය රාජිතගෙන් ගොඩයන්න හදනවා

සමග ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ලොකු අර්බුදයක වැටිල තියෙන්නෙ ඒ අර්බුදය නිර්මාණය වීමත් සමග රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමත් එක්ක ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා ඒ ගොල්ලන්ගේ සමගියක් ඇති වුනා කියලා අපි පැහැදිලිව කියන්න ඕන මේ දෙගොල්ලොම එකම කට්ටිය මේ කට්ටිය තමයි කියන්නේ බැඳුම්කර සම්බන්ධ වුණේ මෙයා පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් එය යට ගහන කටයුතු කලේ මේ අය කියලා නොයෙක් ප්‍රකාශ කරනවා

කණ්ඩායම් දෙකේ කට්ටිය රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවට වැඩිය තොරතුරු දකින්න ලැබෙනවා ඒ නිසා මේ අයගේ තත්ත්වය දැන් රටට පැහැදිලි වෙලා තියනවා සේනාරත්න හිටපු අමාත්‍යවරයා හිරගෙදරට යාම හොඳක් වුණා කියලා කට්ටිය එකතු වෙලා හොරකම් මැරකම් කරලා සුදනෝ වෙන්න හදනවා දැන් මැතිවරණ කිරීම සඳහා කණ්ඩායම් දෙක බෙදිලා නාමයෝජනා දීලා තියෙනවා දෙපිලකට බෙදිලා සටන් කරනවා බෙදිලා සටන් කරන පක්ෂ දෙකේ ඇතුලාන්තය එකයි ඡන්දය දෙනකොට ජනතාව මේ දෙගොල්ලෝ ගැනම හිතන්න ඕනෑ මේ සුදනෝ නොවෙයි.

එදා බැඳුම්කරේ යට ගහපු බැඳුම්කර ඒ මුදලින් මංකොල්ල කාපු මේ කණ්ඩායමට ඡන්දදායකයන් නිසි පිළිතුර දෙන්න ඕන අපි කලබලත් නැහැ මැතිවරණයකට අපි ජන ජීවිතය යථාතත්වයට ගෙන්න කටයුතු කරනවා දවසින් දවස රට සහ ජනතාව ප්‍රකෘති තත්ත්වයට පත්වෙනවා මේක විපක්ෂයට දරාගන්න බැහැ එක රටේ අවාසනාවන් ඒක එක්සත් ජාතික පක්ෂයට දරාගන්න බෑ සමගි බලවේගයට ජනතා විමුක්ති පෙරමුණට දරාගන්න බැහැ

එදා මාධ්‍ය සාකච්ඡාවක් කියලා බොරු කියලා බොරු ගොතලා බොරු හදලා බොරු නඩු හදලා බොරු රැවුල් කාරයෝ හදලා මේ ඔක්කොම කරලා අභියෝග කළේ අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණ වලක්වන්න හැබයි ජනතාව ඒකට නිසි පිළිතුරු දුන්නා දැන් බොරුව නීතිය ඉදිරියට ගිහින් තියෙනවා එක නීතිය ඉදිරියේ විසදගන්න අපි නීතියට හරි නීතිය කරන තැන්වලට හරි බලපෑම් කරන්නේ නැහැ ඒ නිසා දණ්ඩනීති සංග්‍රහය දුන් දඬුවම තමයි මේ ලැබිලා තියෙන්නේ

ජනතාව විමසිල්ලෙන් ඉන්නේ වැරදිකරන මිනිස්සු ගැන අඩු මුදලට බෙහෙත් දෙනවා කියලා රටේ ජනතාවට බොරු කරලා බෙහෙත් ටික රටට ගෙනල්ලා මේ බෙහෙත් ගබඩා ටික පුරෝලා ඒවායින් කොමිස් ගහපු ධීවර සංස්ථාව පාලනය කරපු රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා කරපු වංචා දුෂණ ටික ජනතාවට දැකගන්න පුළුවන් ඒක නිසා අපි පැහැදිලිව කියනවා එදා එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු වැරදි කරපු දූෂණය කරපු වංචා කරපු මැති ඇමතිවරුන්ට එරෙහිව දැන් නීතිය ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා.

මේ නීතිය ක්‍රියාත්මක වෙන එක නවත්ත ගන්න තමයි මේ බොරුවට හිරේ දැම්මා කියලා කතාවක් ජනතාව අතර යවන්නේ අද තියෙන්නේ අරලියගහ මන්දිරයට එදා වගේ නීතිය ගෙනගිය නොවෙයි නීතිය කරන හැටි උගන්නපු කියලා දීපු ආණ්ඩුවක් නෙමෙයි දැන් තියෙන්නේ ඔය හිරේ ගිහින් ඉන්න රාජිත සේනාරත්න ගේ පුතා දැන් ගම්පහින් ඡන්ද ඉල්ලනවා හොර වැඩ කරපු හොර කණ්ඩායම එකතු වෙලා මේ හොරකම් වහගෙන නැවත පාර්ලිමේන්තුවට එන්න හදනවා

අපි අධිකරණයට පොලිස් දෙපාර්තමේන්තුවට සියලු පරීක්ෂණ කටයුතු කරන්න කරන්න නිදහස සහ ස්වාධීනත්වය මේ ආණ්ඩුව විසින් ලබා දෙනවා ඒ සඳහා ජනාධිපතිවරයා ජනාධිපතිවරයා අගමැතිවරයා සම්පූර්ණයෙන්ම කටයුතු කරල තියනවා එදා අධිකරණය හෑල්ලුවට ලක් කරලා කටයුතු කරපු නායකයන් හිටියේ

කිසිම දෙයක් අමතක කරන්න තැනක නෙවෙයි මේ ආණ්ඩුව ඉන්නේ සියලු දේවල් හොඳට මතක් කරල දෙන්නෙ මේ ආණ්ඩුව ඉන්නේ ආණ්ඩුව ගත්ත දවසේ ඉදලා ආණ්ඩුව හරි ගමනක් යනවා ජනාධිපතිතුමා හරි ගමනක් යනවා මේ ආණ්ඩුව හදන්නේ වංචා දූෂණ කරපු අය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා නීතිය ක්‍රියාත්මක කරන එක

එදා ඔක්තෝම්බර් මාසයේ අපේ පාර්ලිමේන්තුව ඇතිවුණු ප්‍රශ්නය වෙලාවේ ද්‍රවිඩ සන්ධානයත් එක්ක එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කළා පාර්ලිමේන්තුවේ කොළ කැලි සෙල්ලමක් කළා බහුතරය පෙන්වන්න එහෙම කරපු ජනතා විමුක්ති පෙරමුණ අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්න වැඩ කරලා එහෙම කරපු කණ්ඩායමක් කොහොමද අද අපට චෝදනා කරන්නේ

පාර්ලිමේන්තුව රැස්වෙන්න දින තීරණය කරන්නේ කොහොමද ජනාධිපති තුමා එක නිසි වෙලාවට කරාවි මැතිවරණය තියෙන දිනය නම් කලාට මැතිවරණය තියන්න පුළුවන්ද කියල ප්‍රශ්නයක් තියෙන නිසා දිනයක් ගැන හිතලා ජනාධිපතිතුමාට කටයුතු කරන්න බැහැ රටේ ජනතාව සුවපත් කරලා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරලා මැතිවරණයට ගිහිල්ලා මේ රටේ ජනතාවට අවශ්‍ය ආණ්ඩුව අපි නිර්මාණය කරනවා මම හිතන්නේ නෑ ඔය 3% කට්ටියට ගම්පහින් නැවත පාර්ලිමේන්තුවට යන්න ලැබෙයි කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *