ඕලන්ද සමයේ ඉදිවුණු මෙරට පැරණිතම පාලමේ පුරාණය

 ගාලු කොටු පවුරසේ නොසැලී රැකගත යුතුය

ගම ගාල්ලේ ගාල්ල නගරය මැද කොටු පවුර අසල පාලමේ වැඩ දේශපාලන පාලම් පාරුවන්ගේ වරදින් හෝ වෙනත් පිරිසගේ වරදින් හෝ සංස්කෘතියට මුවා වී හෝ පාලමේ වැඩ නතර කර ඇත්තේ පුරා මාස පහකට ආසන්න කාලයක සිටයි. මේ නිසා ගාල්ල නගරයේ ජීවත්වන 1, 20, 000 ක් වන ජනතාවට ද තවත් ලක්ෂ ගණනක් ජනවට සේවා පහසුකම් සපයන ගාල්ල නගරයේ පාලමක් හදා ගන්නට ගත වන කාලයනම් වැඩිය. ගම ගාල්ලේ උවද වැඩ බැරි බව නම් පෙනි යන කරුනකි.

පෞරාණික බව රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදුකරීමට පුරාවිද්‍යා නිලධාරීන් අවධානය යොමු නොකල බවට ඔවුන් චෝදනා කරයි. මෙරට ජනතාව භාවිත කරනු ලබන පැරණිතම පාලම ලෙස වාර්තා වන ගාල්ල පැරණි ඕලන්ද පාලම පුළුල් කිරීමේ කටයුතු මේ දිනවල නතරකර දමා ඇත.මංතීරූ හතරකින් ඉදිකර ඇති ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල නගරයට සම්බන්ධ වන ස්ථානයේ පැරණි ඕලන්ද ඇලට උඩින් මෙම පාලම ස්ථාපිත කර ඇත්තේ 1768 වර්ෂයේ බව පාලමේ ගල් පුවරුවල සඳහන් වෙයි.

මෙම ඉදිකිරිම් වලට පෙර මෙම ගාල්ල මහ ගාල්ල මහ මෝදර  වැවක් තිබි ඇති අතර එහි සිට ඇලවල් දෙකක් පිහිටා තිබේ. මෙම ආරුක්කු පාලම සකස් කරන්නට පෙර ලී පාලමක් මෙහි සකස් කර ඇතිබවට පුරා විද්‍යා ශාක්ෂි සදහන් කරන බැව්  ගාල්ල පුරා විද්‍යා නිලධාරි තරංග ලියනගේ මහතා සදහන් කරයි.

වර්තමානයේ සිදුවන සංවර්ධන කටයුතු වලින් පසු පැරණි පාලම කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් වැසි ගොස් එහි ඓතිහාසික වටිනාකම මෙන්ම සුන්දරත්වයද මැකි යන බවට ගාලු නගරයේ විද්වත් ජනතාව පෙන්වා දෙති.

පාලමේ පෞරාණික බව රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදුකර අනාගත පරපුරට මේ පෞරාණික වස්තු රැක දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.නමුත් එය සිදුවන වාද යන්න ඇත්තේ පැහැදිලි නො වු සිරස්තලයකි.

. මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය කළ ටෙණ්ඩර් කැඳවීමකින් පසු අදාළ ඉදිකිරීම් කටයුතු කොන්ත්‍රාත් සමාගමකට බාරදී ඇති අතර, එහි වැඩ ආරම්භ කර මාස දෙකක පමණ කාලයකට පසු පාලමට සිදු වූ හානි සම්බන්ධයෙන් කතා බහක් ඇති විය.

මේ පිළිබඳ මාධ්‍ය මගින් පුවත් වාර්තා කිරීමත් සමග පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිරික්ෂණ කණ්ඩායමක් කොළඹ සිට එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ගාල්ලට පැමිණියේ ය .

මේ අනුවයි, පාලමේ සංවර්ධන කටයුතු තාවකාලිව නැවැත්වීමට තමාට උපදෙස් ලැබී ඇති බව සහ පාලම නිරික්ෂණය කිරිම සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැමිණිමෙන් පසු මේ පිළිබඳ තීරණයක් ගැනිමට නියමිත බව එම කණ්ඩායමට අයත් එක් නිලධාරියෙක් පැවසීය.ඒ අනුව පසුගිය 24 වන දින ගාල්ලට ආ ඇමති විජේදාස රාජපක්ෂ මේ පාලම සකස් කරන්නට සතියකින් කටයුත කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

පාලමේ සංවර්ධන කටයුතු සිදු කිරිමට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුවත් කළා මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරිය පැවසුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පාලම පිළිබඳ වාර්තාවක් කැඳවන ලදී.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කණ්ඩායමක් පැමිණ පාලමේ ඉදිකිරිම් නිරික්ෂණය කළ අතර, මෙම අවස්ථාවට දකුණු පළාත් පුරාවිද්‍යා කොමසාරිස්වරිය සහ ගාල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරිය ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

ඉතා ශක්තිමත් අඩිතාලමක් මත වසර 250ක් තිස්සේම ගමනා ගමනය සිදුකරන මේ පාලම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස හඳුනාගෙන තිබේ. පාලම ආරම්භ කරන ලද වර්ෂය1768 යනුවෙන් ගල් පුවරුවක කොටා ඕලන්ද අකුරු සහිතව එහි ආරුක්කුවක සවිකර ඇත. ඉංග්‍රීසි පාලන සමයේ පාලම ප්‍රතිසංස්කරණයකට ලක්කර තිබේ.

ගාල්ල පැරණි ඕලන්ද පාලම පුළුල් කිරීමේ කටයුතු හේතුවෙන් එහි පෞරාණික බව මෙන්ම ඓතිහාසික වටිනාකම වියැකි යන බවට ගාල්ල නගරයේ ජනතාව ගේ විරෝධය නිසා පාලමේ වැඩ තාවකාලිකව පසුගිය දා  නවතා දමන ලදි. නමුත්, මෙය කඩිනමින් සකස් කරන්නට පියවර ගන්නා මෙන් 24 වන දින නිරික්ෂණ චාරිකාවකට ගාල්ලට පැමිනි  උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු ඇමති , විජේදාස රාජපක්ෂ මහතා නිලධාරින්ට කියා සිටියේ ය. ඒ සතියක කාලයක් තළ වාර්තාවක් සකස්කර පෞරාණික බව රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදු කරන ලෙසත් පාලමේ ඉතිහාසය සහිත නාමපුවරුවක් පාලම අසල ඉදිකර ජනතාව දැනුවත් කරන්නටද දෙස් විදෙස් සංචාරකයන්ට දකින්ට හැකි ආකාරයෙන් මෙය වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් සකස් කරන්නට පියවර ගන්නා මෙන්ද ඇමති වරයා නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

ඇමති වරයා මේද කීය.

ලෝක උරුමය රැක ගන්නවා ද ගාල්ල අනවසර ඉදිකිරිම් ඉවත් කරනවාද , නාම පුවරු සුරක්ෂිත කරනවා ද මේවයෙන් ගාල්ල ජනතාව ආරක්ෂා කළ යුත්තේ ගාල්ල උරුමය ආරක්ෂා කරලීමයි. එය අප විනාශ කරන්නේ නෑ. නමුත්, අනවසර ඉදිකරිම් ගාල්ල කොටුව ආසන්නයෙන් ඉවත් කරනවා. ක්‍රිඩා පිටිය ඉවත් කරන්නේ නෑ.මේ රටේ සමහර පාලන යුගවල දී  රාජ්‍ය නායකයන් යමක් සිදුකරන විට කිසිවෙක් කතා නෑ උද්ඝෝෂණ,පෙළපාලි , මානව හිතවාදින් නෑ. ගාල්ල කොටුව අසල ඉදිකල ‍අනවසර ගොඩනැගිලි සම්බන්ධයෙන්ද එහෙමයි.

නමුත්, අද අප පාලන යුගයේ තමයි සියල්ලම ඇයි විනිවද භාවය හා අපේ ආණ්ඩුවේ තිබෙන  නම්‍යශීලි බව යි.මේ නිසා සමහර පිරිස්  එවායෙන් අයතු ප්‍ර යෝජන දේශාපාලන ප්‍රයෝජන ගෙන සමහර සංවර්ධන කටයුතු වලට බාධා එල්ල කරනවා. කෙසේ නමුත්, ගාල්ල නගරයේ ඉදිකිරිම් නතර කර තිබෙන පාලම සකස් කරන්නට අප පියවර ගන්නවා යැයිද ඇමති වරයා කීය. එහෙත්

ලෝකයේ  ලෝක උරුමයට අයත් ස්ථාන අතරේ ගත් කළ මේවනවිට එවැනි ස්ථාන දෙකක් ලෝක උරුම ලේඛනයෙන් ඉවත් කර තියනවා. තුන්වැන්න ලංකාවේ ගාල්ල කොටු පවුර කරන්නට අප ඉඩ තියන්නේ නෑ. කොටු පවුර රැකගෙන ලෝක උරුම ලේඛනයේ තවදුරටත් රැදි සිටින්ට අප පියවර ගන්නවා.

ඇමති කියන්නේ එවැන් කතාන්දරයකි.

ගාල්ල නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස මංතීරු හතරකින් යුත් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමට 2006 වසරේදි සැලසුම් සකස් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරිය පැවසුවාය.

ඒ අනුව 2011 වසරේ පාලමේ දකුණු කොටස මිලියන 38.6 ක වියදමින් සංවර්ධනය කිරිම ආරම්භ කළ බවත්,පාලමේ වම් කොටස හරහා දුරකථන සම්ප්‍රේෂණ කේබල් මාර්ග තිබු බැවින් එය ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 42 ක මුදලක් ඉල්ලා සිටිම නිසා එය අතහැර දැමිමට සිදුවු බවත් පැවසුවාය.

පසුව ටෙලිකොම් සමාගම් සමග සාකච්ඡා කර එම මුදල මිලියන 9 දක්වා අඩු කර යලිත් පාලමේ වම් කොටස සංවර්ධනය කිරිමට ආරම්භ කළ බවත් ඇය ප්‍රකාශ කළාය.මෙම පාලමේ සංවර්ධන කටයුතු සිදු කිරිමට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුවත් කර ඉදිකිරිම් ආරම්භ කල බවත් ඇය පැවසුවාය.

පාලම හදනවා ඇමති කියයි. පාලම් හදනවා නම් පුරාවිදයාමක අයිතිය සුරකින්නට උවමනා බව ගාල්ල නගරයේ ජනතාව බවයි. දෙකම බේරාගෙන ගාල්ල නගරය අසල ඇත පැරනි ලංකාවේ පැරනිම පාලම සකස් කරන්නේ කවදා ද? ජනතාව කැඩුණු පාලම දෙස බලාගෙන සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *