ලංකාවේ කොරෝනා අසාධිතයින් ගණන 178 වෙයි!! ලොව පුරා මරණ 70000 ස ඉක්මවයි!!

අද සවස ලැබුණු වාර්තා අනුව මෙරට කොරෝනා අසාධිතයින් ගණන 178 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි මේ වනවිට කොරෝනා අසාධිතයින් 33 ක් පමණ සම්පුර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති අතර මෙතෙක් මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 5 ක් බවට පත්ව ඇත මෙම නව කොරෝනා ගෝලීය වසංගතය නිසා අද (6) පස්වරු 5.30 වනවිට ලොවපුරා මියගිය ගණන 70,000 ඉක්මවා ගියේය.

විවිධ රටවල දත්ත සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිල දත්තවලට අනුව එම මරණවලින් 50,215ක් වාර්තා වී ඇත්තේ යුරෝපයෙනි.
කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙනි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 15,877කි.

ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ 13,055ක් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 9,648ක් විය. ප්‍රංශයෙන් වාර්තා වූ මරණ 8,078ක් ලෙස දැක්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *