මීළග ශ්‍රීලනිප නායකයා වෙල්ගම ද ,ජනපති සටන තුන්කොන් සටනක් වෙයි ද

වික්ටර් අයිවන් කී පරිදි සරල බහුතරය කිසිදු අපේක්ෂකයෙකුට ලබාගැනීම නොහැකි ද

ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ මීළග නායකයා වෙල්ගමද පසුගිය කාලය පුරාම දේශපාලන කරලියේ පෙරලි රැසක් සිදුකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුක්කානම භාරගන්නා ලෙස ශ්‍රීලනිප පක්ෂයේ විවිධ පාර්ශව වලින් ඇරයුම් ලැබී ඇති බවට වාර්තාවෙයි .

පසුගිය කාලය පුරා මහින්ද සුළග වේදිකා නිර්මාණය කිරීම, එජනිස සන්ධානයේ කණ්ඩායම් රැස්වීමේදී සහ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී නැගිට විපක්ෂයේ සිටිය යුතුයයි සෘජුව අදහස් පල කිරීම, ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කිරීම, පොදුජන පෙරමුණ නිර්මාණය කිරීම ඇතුළු විපක්ෂයේ විශාල කාර්ය භාරයක් සිදුකල මන්ත්‍රීවරයා වශයෙන් කුමාර වෙල්ගම මහතා පෙන්වාදිය හැක එම පෙරලි රැසක් සිදුකල වෙල්ගම මන්ත්‍රීවරයා අද දින එසජනිස නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පස්වරුවේ ගොස් තිබේ.

මේඅනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය වන වත්මන් ජනාධිපතිතුමන් ඉදරි ජනාධිපතිවරනයට තරග නොකරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වීමට කුමාර වෙල්ගම මහතාට අවස්ථාව පවතින බව slpf අභ්‍යන්තර තොරතුරු අනුව වාර්තාවී ඇත එසේ වුවහොත් ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වීමට බොහෝ ඉඩ කඩ විවුර්තව ඇත ඒ එජාපය ,පොදුජන පෙරමුණ (පොහොට්ටුව)සහ එසජනිස සන්ධානය වශයෙනි එසේ තරග කරන්නේනම් නිසැකවම ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට සරල බහුතරය (50.5%) ලබාගැනීමට නොහැකි බව පසුගියදා ප්‍රකට මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කල අදහස යථාර්තයක් වනු ඇත.

මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් ඇත්තේ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමටයි.එම අවස්ථාවට ගිය මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඉතා සුහදව පිළිගනු ලැබීය.සන්ධාන මූලස්ථානය විවෘත කිරීම වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සූදානම් කර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *