ඉදිරි දින කිහිපය තීරණාත්මකයි සියළු දෙනා පරිස්සමින් කටයුතු කරන්න

මෙරට කොරෝනා දෙවැනි රැල්ල සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් වනවා.මොන රැල්ලක් එන්නත් දෙන්න ඕනේ සමාජය තුළින් රටේ ඉන්න ජනතාව මාර්තු මාසයේ 10 වැනි දා ඉඳලා අප්‍රේල් 30 වැනි දා දක්වා වූ කාලය තුළ විශාල කැපකිරීම් කරමින් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් කටයුතු කරපු නිසා තමයි අප්‍රේල් 30 වැනි දා සමාජයේ අවසන් ආසාදිතයා වාර්තා වන තත්වයකට පත්කළේ ඒ සදහා රජය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විසහ කැප කිරීමක් කළා විශේෂයෙන්ම මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරපු අයවලුන් ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ කඳවුරේ ආසාදිතයින් ඉන්නවා කියලා නොදැනුවත්කමින් නිවාඩු ඇවිල්ලා යම් යම් ස්ථානවල ගිහිල්ලා තියෙනවා.

සමාජයේ ඉන්න සියලුම පුරවැසියන් දැනගතයුතුව තියෙනවා මෙහේම තත්ත්වයක් තියෙන නිසා ඔබ නිවසෙන් පිටතට එනවා නම් මාස්ක් එකක් දාගෙන පැමිණිය යුතුවම තියෙනවා කළින් කිව්වා මාස්ක් එක කට නහය ආවරණය කරගන්නවා විනා නිකට ආවරණය කර ගැනීම සඳහා නොවෙයි ඒ ආකාරයෙන් කළ යුතුමයි ඒත් එක්කම අත පිරිසිදු කර ගැනීම සහ ශාරීරික දුරස්ථභාවය හැකිතාක් දුරට රැකගනිමින් ක්‍රියාකලොත් ඔබ කියන රැල්ලක් වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. සෑම පුරවැසියෙකුගේම යුතුකමක් වෙනවා කෙසේ හෝ තමුන් ආසාදිතයෙකු නොවන ආකාරයෙන් වගබලාගන්න.ඒ සදහා ජනතාව අපිට සහ දෙයි කියලා බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාට රට සාමාන්‍ය තත්වයට ගැනීම වෙනුවෙන් ලොකු වැඩ කොටසක් තියෙන බව යුධ හමුදා පති වරයා සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *