මුස්ලිම් දරුවන්ගේ දෑතින් පින්තාරු වන ජාතික ධජය // වීඩියෝ සහිතයි

ජාතික ධජයයේ අයිතියට ජාති ආගම් නොමැත

අද දින සවස කොළඹ මීගමුව පාරේ මාබෝල ප්‍රදේශයේ දී මේ දසුන් පෙළ හමුවී ඇත. මෙවන් දසුන් ඔබට නිරන්තරයෙන් දර්ශනයක් විය හැක. එහෙත් අප ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සියලු ජනවර්ග එක කොඩියක් යට සිටිනු දැකීම මොනතරම් වසනා වන්ත ද  අභිමානවත් ලාංකීය ජාතියක් ලෙසින් ලෝකයට කියාදෙන පාඩම මෙය විය යුතුය. මේ තාප්පය මත හැඩ ගැන්වෙන ජාතික කොඩිය අපේ ජාතියේ අභිමානයයි එය සිත්තම් කරණු ලබන්නේ මුස්ලිම් ජාතික පාසල් දරුවන් පිරිසක්ය.

 

ඔවුන් මාබෝල අල් අෂ්රොෆ් මහා විද්‍යාලයේ සිසුන් පිරිසකි. අද සංහිදියාව ජාතික සමගිය ගැන කථා කරන යුගයක එය අත්‍යවශ්‍ය යුගයක මේ දරුවන් එකම ශ්‍රී ලංකික ජාතියක් ලෙසින් ජාතික කොඩිය ඔවුන්ගේ දෑතින්ම හැඩ ගැන්වීම ජාතිවාදය ජාතික ආලය කුමක්ද කියා නැවත සිතන්නට යමක් ඉතුරු කිරීමක් නොවේද.

සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ගේ මේ මව්බිමේ ජාතික අනන්‍ය තාවය පිළිඹිබු කරන ජාතික ධජයේ උරුමය මෙන්ම මව්බිමේ උරුමයත් බෙදන්නට කඩන්නට කැස කවන අන්තවාදී කණ්ඩායම් පුද්ගලයන්ට මේ පාසල් දරුවන් දෙන ආදර්ශය කෙතරම් ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *