දියණිය කුකුල් කුඩුවට දැමූ අම්මා ගේ ඇත්ත කතාව මේකද ?

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකරයි.

තම 11 හැවිරිදි දියණිය කුකුල් කුඩුවකට දමා ඉබි යතුරු දමා අවශ්‍ය තාවයක් සඳහා බැහැරට ගිය අම්මා කෙනෙකු ගැන බොහෝ මාධ්‍ය
වාර්තාකොට තිබුණි.ඇතැම් ඒවා රුප රාමුද සහිතවය.දැරිය කුකුල් කුඩුවක රඳවා ඇතිබව අසල් වාසීන් විසින් පොලිසියට දැන්වීමෙන් පසුව
පොලිසිය මවගෙන් ප්‍රශ්නකර දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබුණා.

දරුවාගේ ඉල්ලීම මත ආරක්ෂාව පිණිස මෙසේ දරුවා කුඩුවක රඳවා ගිය බවයි මව ප්‍රකාශ කර ඇත්තේ.මෙම දැරියට අමතරව ඇයට බාල
අබාදිත දරුවෙකුද මෙම යුවලට සිටින බවද අදාල පුවතට අනුව වාර්තා වෙනවා. ඇත්තටම මෙම මවගේ කතාව විශ්වාස කල නොහැකිද? සුවිශේෂී තත්වයකදී නොවේනම් තිරිසන් සතුන්ද තම දරුවන්ට ආදරේය.මෙම මවටද එය පොදුය.ඇතැම්විට අයගේ අධ්‍යාපන මට්ටම ඇයගේ සමාජ ආර්ථික වටපිටාව අනුව දැරියගේ ආරක්ෂාවට මෙය සුදුසුම පියවර මෙය ලෙස ඇයට සිතෙන්නට ඇත.ඇතැම්විට බැහැරට යාම සඳහා තම දරුවන් ටික වෙලාවකට බලා ගන්නා මෙන් කරනලද ඉල්ලීම පොලිසියට තොරතුරු ලබාදුන් අසල්වසියන්ම ප්‍රතික්ෂේප කරන්නට ඇත.දිනෙන් දින මෙරටේ වාර්තාවන ළමා අපචාර හමුවේ අබදිත දරුවා සමග පාළු නිවසතුල තබා යනවාට වඩා එළිමහනේ කුකුල් කූඩුවක දමා ඉබි යතුරු දමා යාම දැරියගේ ආරක්ෂාවට වඩා හොඳ ක්‍රියාවක් ලෙස ඒ අම්මට සිතෙන්නට ඇත.

එම මවට එරෙහි ක්‍රියාත්මක බලධාරීන් මෙවැනි කරුණු පිළිබඳවද අවධානය යොමු කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

[siteorigin_widget class=”WP_Widget_Custom_HTML”][/siteorigin_widget]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *