රබර් කර්මාන්ත ශාලාවේ දුමට එරෙහිව බෝගහගොඩ ජනතාව වීදි බසී

උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනයට ද බාධා

ගාල්ල බෝගහගොඩ දොරපේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රබර් කර්මාන්ත ශාලාවකින් පිටවන දුම හේතුවෙන් ගාල්ල දොරපේ ද්වීත්ක පාසලේ දරුවන් හා ප්‍ර දේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පවසමින් දොරපේ විද්‍යාලයේ සිසුදරුවන්ගේ දෙමාපියන් හා ප්‍ර දේශවාසීන් විසින් සංවිධානය කරන ලැබු උද්ඝෝෂණයක් 14 දින ගාල්ල බෝගහගොඩ නගරයේ දී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනයට ද බාධා ඇති වුයේ උද්ඝෝෂකයින් විසින් පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රධාන මාර්ගය වසා ගෙන උද්ඝෝෂණයේ නිරත වු බැවිනි.

ප්‍රධාන මාර්ගයට රැස් වු උද්ඝෝෂකයින් , හුස්ම ගැනීමට ඉඩ දෙනු, නිරෝගී ජීවිතයක් ගත කිරීමට අපිට අයිතියක් හැමිකමක් නැතිද? පරණ ටයර් තම්බන කම්හලේ දොලපිදේනි වලට යට වු පාලකයින්ට ජනතාව ගැන පාසල් දරුවන් ගැන තැකීමක් නැතිද? පරිසර ලොක්කන් ව්‍යාජ නිනිදෙන් අවදිවන්නේ කවදාද? , දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදාද, දරු පැටවුන් මරා දැමීමට ඉඩදෙනු බෑ, දරුවන්ගේ වෙද්නාව ඉවසනු බෑ, බලාසිට මිය යනු බෑ, රැවටීම් හා පාලකයින්ගේ මුලාකිරීම් වලට එරෙහි වෙමු. යන සටන් පාඨ කියමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.

මෙහි දී අදහස් දැක් වු උද්ඝෝෂකයින් කියා සිටියේ, මෙම කර්මාන්තය පසුගිය දෙසැම්බර් 31 ඉවත් කරන බවට කියා තිබුණත් එසේ නොකිරීම හේතුවෙන් සහ පසුගිය දින කිහිපය තුල පාසල තුල දරුවන්ට සිටීමටවත් නොහැකි ආකාරයට ඇති වු දුම් සහිත තත්වය නිසා මෙම විරෝධතාවය මෙසේ සංවිධානය කර බවයි.

උද්ඝෝෂකයින් පවසන පරිදි මෙම රබර් කර්මාන්ත ශාලාව ආසන්නයේ ම ඇති දොරපේ ද්විතීක පාසලට මෙයින් සෘජුම බලපෑම සිදු වී ඇත.

පාසල් දිනයක් වු 14 දින මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ ආදාල පාසලේ මුළු ළමුන් 590 කගෙන් එදින පැමිණ තිබුණේ ළමුන් 19 දෙනෙකු පමණක් වු අතර පාසලේ පංති කාමර පාළුවට ගොස් තිබිණි. ගුරුවරුන් පමණක් පාසලට පැමිණ තිබු අතර පාසලේ කටයුතු සමාන්‍ය පරිදි සිදු නොවිනි.

කෙසේ නමුත් උද්ඝෝෂකයින් ප්‍රකාශ කර සිටියේ තම දරුවන් මෙම තත්වය තුල පාසලට එවීමට නොහැකි බවත් මේ තත්වයට විසදුමක් ලබා දෙන තුරු තම දරුවන් පාසල වෙත නොඑවන බවයි.

කෙසේ නමුත් පැයකට වැඩි  කාලයක් මෙසේ උද්ඝෝෂණයේ නිරත වු පිරිස නැවත ලබන 18 දින රැස්වන බව පවසමින් විසිර ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *