බහුතරය මතයට ඉඩ දිය යුතුයි, ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී කියයි.

අගමැති වියදම් කපා හැරීම සදහා වන යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවට

ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කල මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පලකිරීමට එජාපයෙන් ඉවත්වූ පිරිසක් නැවතත් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත සහය පලකිරීමට අද(29) දිනයේදි එක්වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ආණ්ඩු පක්‍ෂය විසින් පාර්ලිමේත්තුව වර්ජනය කලද ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී විය.ඔහු සභාවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.ඔහුගේ ප‍්‍රකාශය සදහා විපක්‍ෂයේ ඉහල ප‍්‍රතිචාරයක් හිමි විය.

අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සදහා වන යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධවෙන් මේ වන විට සාකච්චා වෙමින් තිබේමෙසේ එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමට නියමිත මන්ත්‍රීවරුන් අතර, රාපක්ෂ ආණ්ඩුවේ ඇමැතිධූරයක් පවා ලබාගත් විජේදාස රාජපක්ෂ,එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාද,එජාපයෙන් ඉවත්වී රාජපකෂ ආණ්ඩුවට ගිය තවත් මන්ත්‍රීවරයෙකුද සිටින බව වාර්ථා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *