අනතුර බේරීමට ගිය ලොරිය පොලීසිය තුලට කඩා වදී. cctv සහිතයි

අනතුරක් බේරීමට ගිය ලොරියක් යක්කල පොලීසිය තුලට කඩා වදී.

කොළඹ  – මහනුවර මාර්ගයේ යක්කල පොලීසිය ඉදිරිපිටදී මාර්ගයෙහි විරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් බේරා ගැනීමට ගිය කන්ටේනරයක් සහිත ලොරියක් පොලීසිය තුලට කඩා වැදී ඇති අතර අනතුරින් කැබ් රථයේ රියදුරා මියගොස් ඇත. 

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා කුකුල් කෑම රැගත් ලොරියක් සහ නිට්ටඹුව දෙසට ගමන් ගනිමින් තිබූ කැබ් රථයක් ගැටීමෙන් නිට්ටඹුව, එල්ලක්කල පදිංචිව සිටි සානන්ද ගමගේ මහේෂ් සම්පත් රණසිංහ නමැති  35 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. 

අනතුරටපත් කැබ් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 

ලොරි රථය කඩා වැදීමෙන් පොලිස්ථානයෙහි ඉදිරිපස කොටසට හානි සිදුව ඇති අතර පොලිස්ථානය ඉදිරිපිට නවතා තිබූ කැබ් රථයකට සහ යතුරු පැදි දෙකකටද හානි සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති පොලිස් සුමිත් සුසන්ත මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශාධිපති පොලිස් පරීක්ෂක සරත් ගුණසිංහ මහතාගේමෙහෙයවීම යටතේ පරීක්ෂණ අරඹා ඇති අතර ලොරි රථයෙහි රියදුරා අත් අඩංගුවට ගෙන ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *