ගම්පහ පොහොට්ටුවේ අපේක්ෂක ලැයිස්තුව තීරණය වෙයි!!

ගම්පහ පොහොට්ටුවේ ලැයිස්තුවෙන් ආසන දහතුනනට නාමයෝජනා අත්සන් කර ඇත ඊට අමතරව පළාත් පාලන සංසදයෙන් දෙදෙනෙකු සහ පළාත්සභා සංසදයෙන්නාආනන්ද හරිශ්චන්ද්‍ර මයෝජනා පත්‍රයේ අත්සන් කර ඇත හිටපු මන්ත්‍රී වරුන් වශයෙන් සිසිර ජයකොඩි සහ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ලලන්ත ගුණසේකර සහ පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද නාමයෝජනා සදහා අත්සන් කර ඇත ඒ අනුව ගම්පහ පොහොට්ටුවේ සමස්ථ නියෝජනය ආසන දහතුනේ අපේක්ෂකයන් සමග සමස්ථ නියෝජනය 19 වන අතර වියත් මග නියෝජනය කරන නාලක ගොඩහේවා සහ ලසන්ත අලගියවන්න සමග 21 දෙනා සම්පුරණ වී ඇති බවට වාර්තා වෙයි

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය ගම්පහ දිස්ත්‍රිකයේ මුලින් තිදෙනෙකුට හිමිවන බවට සදහන් වුවද පසුව එය දෙදෙනෙකුට සීමා වූ අතර වර්තමානයේ එය එක දක්වා අඩුවීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න පමණක් නම් කර ඇත මේ නිසා ශ්‍රීලනිපය තනිව තරග කිරීමේ තීරණයකට එළඹ ඇත දැනට ගම්පහ ආසන සදහා නම්වී ඇති අපේක්ෂකයින් පහතින් දැක්වෙයි

  1. මීගමුව ආසනය – සුදර්ශනී ප්‍රන්නාඩු පුල්ලේ
  2. කටාන ආසනය – ආනන්ද හරිශ්චන්ද්‍ර
  3. ජා ඇල ආසනය – මෙරිල් පෙරේරා
  4. වත්තල ආසනය – නිමල් ලන්සා ,
  5. කැලණිය ආසනය – ප්‍රසන්න රණවීර ,
  6. මහර ආසනය – සහන් ප්‍රදීප්
  7. බියගම ආසනය – දුලිප් විජේසේකර
  8. දොම්පේ ආසනය – වර්නන් ගුණරත්න
  9. අත්තනගල්ල ආසනය – උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
  10. මීරිගම ආසනය – කෝකිලා හර්ෂනී ගුණරත්න ,
  11. දිවුලපිටිය ආසනය – ඉන්දික අනුරුද්ධ
  12. මිනුවන්ගොඩ ආසනය – ප්‍රසන්න රණතුංග
  13. ගම්පහ ආසනය – ලක්ෂ්මන් ගුණවර්ධන

ඉතිරි අපේක්ෂකයන් වශයෙන් දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති මිලාන් ජයතිලක ,අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්ප කුමාර ජාතික නිදහස් පෙරමුණේ ගම්පහ නායක ලලන්ත ගුණසේකර පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් මධු මාධව අරවින්ද සහ වියත් මග නියෝජනය කරන නාලක ගොඩහේවා අනෙකුත් අපේක්ෂකයන් බවට පත්ව ඇත ශ්‍රී ලනිපය ගම්පහ තනිව තරග කිරීමේ තීරණය උඩඉතිරි අපේක්ෂකයන් වශයෙන් ගම්පහ නගරධිපති එරංග සේනාරත්න සහ තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත පියුම් පෙරේරා ඉදිරිපත්වීමට වැඩි ඉඩක් ඇත ඒ අනුව ගම්පහ මැතිවරණ සටන සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අවසන් ලැයිස්තුව ප්‍රකාශ වී ඇත එහි එක් වෙනස්කමක් හැර අන් සියල්ල සම්පුර්ණ බවට වාර්තා වෙයි අප ඉදිරිපත් කරන ලද නාමලේඛනය අවසන් නාමලේඛනය වීමට වැඩි සම්බවිතාවක් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *