දිවියා සමුගෙන ඇත. තොපිට දැන් සතුටද ???

දිවියාගේ දිවි අහිමි කළ  කතාන්දරයට වගකිව යුත්තෝ

බලන්නට නොව හිතන්නට සියලුම අප්පු හාමිලාගේ වරදින් දිවියාට දිවි අහිමි වු වරද ? කෙසේ නමුත් දිවියා සමුගෙන ඇත. තොපිට දැන් සතුටද කියා දිවියා නොකියන කතාව අපට කියන්නට සිදුව ඇත.

සියලුම අප්පු හාමිලාගේ වරදින් දිවියාට දිවි අහිමි වු වරද ? අලියා නෑ කොටියා ඔව් දිවියා සොයා දිව ගිය දිවියාගේ කතාන්දරය නම් මරු දිව්යාට නොදෙවනි කතාන්දරයකි.

ලංකාවේ දිවියෝ දුවද්දී නොවෙයි දිවියන් පිළිබඳව අපට හැකි පරිදි තොරතුරු ඇබිත්තක් සොයා ගන්තා මේ දිවියන් පිළිබඳ කතාන්දරය යි. දිවියා දිවි අහිමි කළ  කතාන්දරයට වගකිව යුත්තෝ කව්ද යන්න අපි බය නැතිවම කියන්නෙමු. ඒ අප මාධ්‍ය ප්‍රතිපත්තියයි.ඒ නිසා කියවලාම බලමු!  ආයුබෝවන්……!

හඳුන් දිවියා ,වල් බළලා, කොළ දිවියා ,කොටියා (Panthera pardus kotiya), සඳහා භාවිතා වන වැරදි යෙදුමකි. ශ්‍රී ලංකාවේ දිවියන් ලෙස හැඳින්වෙන සත්වයන් දෙදෙනෙක් ඇත​. හඳුන් දිවියා (Prionailurus viverrinus),කොළ දිවියා (Prionailurus rubiginosus),කොටියා සඳහා සාවද්‍යය ලෙස දිවියා යන්න ව්‍යවහාර කිරීම මෑත ඉතිහාසයේදී සිදු වූ වැරැද්දක් බව පෙනේ.

කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි: rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි. 2012 මෙම දිවියා නේපාලයෙන් ද හමුවිය. 2016 පටන් භූගෝලීය වන ගහණය IUCN රතු ලැයිස්තුවේ ආසන්න ලෙස තර්ජනයට ලක් වූ ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක.

කොළ දිවියා ඉතා කුලෑටි සතෙකු වේ. එසේම මොහු වාසස්ථාන වලට අනුවර්තනය විය හැකි සතෙකු ලෙස (Habitat Generalist) හදුන්වයි. ප්‍රමාණයෙන් ගෘහාශ්‍රිත කුඩා බළලෙකුට සමාන ය. කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි. නිශාචර දඩයක් කරුවෙකි. කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුළන් ආහාරයට ගනී.

ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි. වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත. කලු ඉංගිරියාව ලා නිල් පාට ය. වර්ධනය ගෘහාශ්‍රිත බළලෙතුට සමාන ය. නිශාචර සතෙකි. ගස් මතත් පදුරු සහිත වන ලැහැප් වලත් දැක ගත හැකි ය. පැටවුන්ගේ ලොම් ලා පැහැති ය. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. උදරය යට සුදු පාට ය. සාමාන්‍ය දිග අඟල් 18 ක් පමණ ය. වලිගය මොවුන්ගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.

මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පඳුරු සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත. ඝන වනවැස්මක් සහිත හෝ ගල් සහිත ස්ථානවලට ප්‍රිය කරයි.

ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල හමුවන විලෝපික ක්‍ෂීරපායී සත්ත්‍වයෙකි. සත්ත්වවිද්‍යාව අනුව කොටි උප විශේෂයක් වන අතර සත්ත්වවිද්‍යාත්මක නාමය පැන්තරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya)වේ. ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය.

ශ්‍රී ලංකා කොටියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුණත්, නවතම පර්යේෂණයකින් සොයාගත් තොරතූරුවලට අනුව ශ්‍රී ලංකාවේ යාල ජාතික අභය භූමිය තුළ ලොව විශාලතම කොටි ගහනය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටියන් නැරඹීම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ලොව වෙනත් රටචල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස් තුළ කොටියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකියහැක.

ශ්‍රී ලංකා කොටියා ලොව වෙසෙන කොටි විශේෂයට අයත් උපවිශේෂ අටෙන් එකකි. මෙම සතුන් ගේ සම ටෝනි හා රස්ටි කහ යන වර්ණයන් ගන්නා අතර තද පැහැති ලප සම පුරාම දක්නට ලැබේ. ගැහැනු සතුන් හත් දෙනෙකු අඩංගු වූ නියදියකින්, ගැහැනු සත‍කුගේ සාමාන්‍ය බර කි.29ක් වී ඇති අතර විශාලතම පිරිමි සත‍කුගේ බර කි.77ක් වන විට පිරිමි සත‍කුගේ සාමාන්‍ය බර කි.56ක් ව සටහන් වී ඇත.

ශ්‍රී ලංකා කොටියා ලොව අන් කිසිදු රටක හමුනොවන අතර ශ්‍රී ලංකාව තුළ හමුවන විලෝපීන් අතරින් ප්‍රමුඛස්ථානයනක් ලබා ඇත. මුල්කාලයේ දී මෙම සතුන් පිළිබඳ විශාල ලෙස තොරතුරු අනාවරනය වී නොතිබුනත් මැතකාලය් දී සිදු කරන ලද පර්යේශණ වලින් අනාවරණය කරගන්නා ලද තොරතුරු වලට අනුව (The Leopard project- The Wilderness and Wildlife Conservation Trust, www.wwct.org) මෙම සතුන් ශ්‍රී ලංකාව තුළ රක්ෂිත මෙන්ම අනාරක්ෂිත පෙදෙස් හී පැතිර පවතී. වර්තමානයේ දී මෙම සතුන් වාසභූමි ලෙස, වියළි සදාහරිත මෝසම් වනාන්තර, වියළි කටු කැළෑ‍, උස් හා පහත් නිවර්තන වනාන්තර,වැසි වනාන්තර හා කලාපීය අතරමැදි වනාන්තර ප්‍රධාන වශයෙන් තෝරාගෙන ඇත.

ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවෝ වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මෙම සත්වයා වදුරන්, වල් ඌරන්, සම්බා වැනි සතුන් ද ගොදුරු කරගනී.

විවිධ නිරීක්‍ෂණ වල ප්‍රතිඵලවල‍ට අනුව මෙම සතුන්ට හොදින් වැඩුනු මීමින්නන් පවා තම ග්‍රහණයට නතුකරගැනීමේ හැකියාව ඇත. කොටියා දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්දව තම ගොදුර කරා ඇදේ. අනතුරු‍ව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. දිවියන් විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.

මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව (The Leopard project- www.wwct.org) ශ්‍රී ලංකා කොටියා ලොව අන් කොටි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් හෝ අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වති. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. ශ්‍රී ලංකාව තුළ ගැහැනු හා පිරිමි සත්තු කොට්ඨාස, අතිච්චාදනයවු භූමි ප්‍රදේශ වල වාසය කරති. එනම් පිරිමි සත්තු, ගැහැනු සත්ව තොට්ඨාස අතරේ ද අසල්වැසි පිරිමි සත්ව කොට්ඨාස අතරේ ද සැරිසරති. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් කොටි සසඳන කල ශ්‍රී ලංකා කොටියා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.

ශ්‍රී ලංකා කොටියා විවිධ අකටයුතුකමි නිසා වදවීමේ තර්ජනයට ලක් වී ඇත. මින් ප්‍රධාන වශයෙන් මිනිස් දඩයම්කරුවන්ට හසුවීම, තම වාසස්ථාන අහිමි වීයාම හා විවිධ ආකාරයේ වධ හිංසා වලට ලක් වීම සිදු වේ. තත්ත්වය එසේ තිබුන ද මෙම සතුන් සතු අතිශය අනුවර්තන හැකියාව හේතු කොට ගෙන, ඔවුන් මිනිස් වාසස්ථාන අසල පවා වාසය කිරීමට පුරුදු වී ඇත. වසර ගනනාවක සිට රට තුළ පවතින සිවිල් යුධමය කටයුතු හේතුවෙන්, දිවි සංරක්ෂණ කටයුතු පවා අඩාල වී ඇත. මෙය විශේශයෙන්ම විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ හා රාජ්‍ය හමුදාව හා එල්. ටී.ටි. ඊ. ත්‍රස්තවාදීන් අතර ගැටුම් පවතින නැගෙනහිර කළාප වල දැකිය හැක.ප්‍රධාන තර්ජනය ලෙස දැකිය හැකි වන්නේ දඩයම්කරුවන් විසින් අටවන උගුල් වල හසුවීමෙන් කොටින් මිය යෑමයි.

වර්තමානයේ දී ශ්‍රී ලංකා කොටියා සම්බන්ධව සංරක්‍ෂණ කටයුතු සාර්ථක කරගැනීමට නම් තවදුරටත් පර්යේෂණ කටයුතු මෙහෙයවිය යුතුව තිබේ. The Wilderness and Wildlife Conservation Trust (WWCT) යටතේ අරඹා ඇති The Leopard project නම් වූ ව්‍යාපෘතිය මගින් කොටියන්සංරක්‍ෂණය සදහා ශ්‍රී ලංකා රජ‍යේ ද අනුබල ලැබී ඇත. මීට අමතරව Sri Lanka Wildlife Conversation Society නම් වූ ආයතනය මගින් ද විවිධ අධ්‍යයන කටයුතු කරගෙන යනු ලබයි.

වර්තමානයේ දී WWCT මගින් මධ්‍ය කදුකරයේ සීඝ්‍රයෙන් කොටස් වී ගෙන යන කොටි වාසස්ථාන සදහා තම සැළකිල්ල යොමුකරමින් පවතී. මෙම ආයතනය මගින් මීට පෙරද යාල ජාතික වන උද්‍යානය තුළ ක‍රන ලද පර්යේෂණ කටයුතුවල දී සොයාගත් තොරතුරු අනුසාරයෙන් මෙම සතුන් සම්බන්ධව හොඳ පදනමක් වැටී ඇත.

පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන “කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ “ යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි.

Panthera pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි “කොටියා” සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්ත්ව යටතේ වාසය කරනු ලබයි. තව ද Panthera pardus diviya ලෙස ද හදුන්වන සත්‍යවයෙක් වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු ‘ව්‍යාඝ්‍රයා’ වන අතර leopard යනු ‘කොටියා’වේ. තව ද ශ්‍රී ලංකාව තුළ දිවියා යන යෙදුම සියවස් ගනනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමානයේ සතුන් සදහා පොදුවේ භාවිතා කර ඇත. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.

විවිධ මාධය ඔස්සේ කතාබහට ලක්වී ඇති මාතෘකාවක් වන්නේ කිලිනොච්චිය, අඹන්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් පහර දී මරාදැමූ දිවියෙකු පිලිබඳ කතාන්දරයයි.

වන සතුත් කැලැ වදින්නේය. නමුත් ගම් වැදින්නේ නැත. එහෙම වන සතුන්  ගම් වදින්නට නම් හෙතු රැසකි. උන්ගේ කැලේට ගොස් මිනිස් සතුන් පදිංචිව සිටින විට අලියා, කොටියා පමණක් නොව දිවියාද යන්නේ ගමටය ඒ නිසා වැරද්ද අපේය.

පොලු මුගුරු, උදලු වලින් වටකරගෙන පහර දෙන විට අසරණවන දිවියා අවසන් හුස්ම හෙලද්දී මිලේච්ඡත්වය වීරත්වය ලෙස ආරූඪ කරගන්නා මිනිසුන් විසින් මල සිරුරකට වද දෙන අයුර දකිද්දී එවන් තැනක හුස්ම යන්නට පෙරාතුව නිර්වින්දන ඖෂධ නිසා අඩපණ වූ අසරනයෙකුගේ සිතිවිලි කෙබඳු වන්නට ඇද්ද ?

කවුරු වැරිද හරිද අපි නොදන් නෙමු. අපි දන්නේ පිරිසක් දිවියෙක් මරණ දුසුන් දැකි සෙල්ෆි ගසන්නට තරම් අප බුදුන් වැඩි දේශයේ මිනිසුන් කුරිරු වුයේ ඇයිද යන්නයි.අනේ බුදු හාමුදුරුවනේ අපි එදා තමාගේ තරහ කාරයෙකුට හෝ දුකක් කර දයක් සිදු විට අනේ අපොයි… කියනා කාලයක් තිබිනි. නමුත් අද තොට හොඳ වැඩේ යැයි කියන්නට තරම් අප අඳ බාලයෝ වී ඇත.

කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයට පැමිණි  ලංකාවේ පැන්තරා පාදුස් නම් කොටියා මරා දැමීමේ සිද්ධියට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රමාදය හේතුවීදැයි පරීක්ෂණ පවත්වන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. කොටියා ගමට පැමිණි අවස්ථාවේදී ඒ ගැන පොලිසියට හා වනජීවී නිලධාරීන්ට දැනුම් දුන් බව ද වනජීවී නිලධාරීන් අවශ්‍ය උපකරණ ද රැගෙන පැමිණෙන විට පැය ගිහිපයක් ගත වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති. පොලිසිය ද එම ස්ථානයට ගොස් වනජීවී නිලධාරීන් කැඳවාගෙන ඒමට වනජීවී කාර්යාලයට ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් විමසීමේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ දුර බැහැර වනජීවී කාර්යාලවලට අවශ්‍ය පහසුකම් ලබා දී නැති බවයි. බොහෝ වනජීවී කාර්යාලවලට ඇත්තේ එක් රියදුරකු පමණක් බවත්,ඔවුන් අසනීප වුවහොත් එම දිනවලට ගමන් බිමන් යෑමේ  අපහසුතා ඇති බවත් එම නිලධාරියා පැවසීය.

ශ්‍රි ලංකා පොලිසියට , වන නිලධාරින්ට ද, ප්‍රශ්ණ පත්‍රයක් ඇතිව මෙවැනි අවස්ථාවක කටයුතු සිදු කළ යුතුය.මේ රාජ්‍ය නිලධරින්ට යමක් සිදුකරන්නට යන විට අවසර ගතයුතු තැන් හා පුද්ගලයන් බොහොය. මේ අයට පහසුකම් නැත. ඉන්ධනද වාහනද නැත. ලබාදෙන වාහනද ඉන්ධනද ප්‍රමාණවත් නැත. එයද තෙරුම්ගෙන රජයේ නිලධාරින්ට ඇගිල්ල දිගු කළ යුතුව ඇත. නමුත් එයට වගකිව යුත්තේ කව්ද ? නිලධාරින්ද රජයද ? විෂය භාර ඇමතිවරුන්ද? නැතිනම් පිටසක්වල ජීවියෙක්ද ?

රට කර වු කිසිදු ආණ්ඩුක් තම යුතුකම් නිසි පරිදි ඉටු කලේ නම් මේ දිවියාගේ ප්‍රශ්ණයට පමණක් නොව ලංකාවේ සියලුම ප්‍රශ්ණවලට විසදුම් ඇත. මැති ඇමතිවරුන්ට උන්ගේ හෙංචයියලාට ද පරිවාර වාහන රෑනකි.

නමුත්, රාජ්‍ය ආයතනවලට පහසුකම් ලබාදීම මදිකමක් ඇත. නමුත්, මේ සියල්ලම සමහර රාජ්‍ය ආයතනවලට ලබා දී ඇති අවස්ථාවලදී ද ජනතාව වෙනුවෙන් සමහර සමහර රජයේ නිලධාරිහු වැඩක් කරනවා ද කියා ද ජනතාව අසන ප්‍රශ්ණය ට කටඋත්තර නැත. එවැනි කතාන්දරයක්ද ඇත.

කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු  (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේපුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.

ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිටි අතර එම අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ද හට ගැණින.

දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් මහතා ප‍්‍රමුඛ වනජීවි නිලධාරී කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේ දී දිවියා විසින් වනජීවි නිලධාරියකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.

ගම්වාසීන් අවට ප‍්‍රදේශවල රැදී සිටීම හේතුවෙන් මෙහෙයුම සිදුකිරීමේ අපහසුතාවයක් ඇති බවට වනජීවි නිලධාරීන් ගම්වාසීන්ට දැනුම්දී ඉවත්වන ලෙස දන්වා තුවාලකරු රැගෙන වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියබව අම්බාලකුලම් ප‍්‍රදේශවාසීන් පවසයි. වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලූ මුගුරු අතැතිව දිවියා මරාදැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයින් පස්දෙනකු සපාකෑහ.

දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප‍්‍රදේශවාසීන් දිවියාට පොලූ මුගුරු වලින් පහරදී මරාදමණු ලැබීය.දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප‍්‍රදේශවාසීන් කියති. වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරාදැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොදින් වැඩුණු සත්වයකු බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරති.  කිලිනොච්චි-අම්බාල්කුලම් ප්‍රදේශයෙදී දිවියෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.(22) දිනයේ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.අදාළ සිද්ධිය වන අවස්ථාවේ වීඩියෝ දර්ශන යොදා ගනිමින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

අවසාන වශයෙක් සටහන් කළ යුත්තක් ඇත. මේ දිවියා ගමට ගම්මානවලට එන්නේ කලක සිටය.දිවියාගෙන් පහර කෑ පිරිස ද දහ දොළෙස් දෙදෙනෙකි. ප්‍රථිකාර ගත් හා රෝහල් ගත පිරිසද සිටිති.එසේ නම් දිවියාට දිවි අහිමි කරන්ට යන දවස දක්වා වගකිව යුත්තෝ කිසිවක් නොකළේ ඇයි ද එතනද සොයා බැලිය යුතුය.

වන නිලධාරින් විතරක් නොව සියලුව වග කිවයුතු නිලධාරින් හා මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ද පරික්ෂණයක් සිදුකළ යුතු නොවේද ?  කෙසේ නමුත් දිවියා සමුගෙන ඇත. තොපිට දැන් සතුටද කියා දිවියා නොකියන කතාව සමහරු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *