එදා විපක්ෂ නායක හිටියේ මහින්දගේ ඔඩොක්කුවේ

අපි යහපාලන විප්ලවයේ දෙවැනි ඉනිම අරඹනවා

එදා විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ සමග එකට වාඩිවෙලා කොපි බිව්වා අපි රට වෙනස් කරන ජනබලය ගොඩනගමින් ජනතාව ඒකරාශී කරමින් ප්‍රජත්න්ත්‍රවදී ජනතා වියාපාරය ශක්තිමත් කරමින් පන්සලින් මේ සටන ආරම්භ කලේ ඒකට නායකත්වය දුන්නේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ ඔය අද යහපාලනය ගැන කතාකරන කිසිම පුද්ගලයෙක් එදා මේ ජන සටන ආරම්භක අවස්ථාවේ සිටියේ නැහැ.

අපි කරපු අරගලය තුල තමයි ඔය සියලුදෙනා ඒකරාශී කිරීම සිදුකලේ අද වීරයන් එදා සටනේ දී මහින්ද මහත්තයා දිනවන්න වැඩ කරපු අය.පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මම දායකත්වය දීපු කටුනායක සීදූව නගර සභාව එජාපයට දිනවලා දුන්නා අද එකේ ඉන්නේ යහපාලන නගරාධිපති කෙනෙක්. මම ජනාධිපතිතුමාට කිව්වා ඔබතුමා ලංකාවෙන්ම ප්‍රාදේශීය සභා පහකට වැඩිය දිනන්නේ නැහැ කියලා මම සුළු ජාතික පදනම තිබෙන නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය පහක බලය එතුමාට අරන්දෙන්න පොරොන්දු වෙලා තමයි මඩකලපුව දිත්රික්කයේ මැතිවරණ කටයුතු ඉල්ලා ගත්තේ ,

ප්‍රජත්න්ත්රවදී ජාතික ව්‍යාපාරයේ මන්ත්‍රීවර එක්දහස් පන්සීයක් මන්ත්‍රීවරු ශ්‍රීලනිපයෙන් සහ එජාපයෙන් දිනවන්න මම කටයුතු කලා ,එදා ජනවාරි අට අපි කරපු විප්ලවය අදටත් හෙටටත් වලංගුයි එදිරි මැතිවරණයේදී අපි දිනවන්නේ පුද්ගලයෙකු නොවෙයි වැඩපිළිවෙලක් එකට අවශ්‍ය නායකත්වය දායකත්වය මා ලබාදෙනවා එදාට පුළුවන් බලාගන්න මේ චතුර සේනාරත්න කවුද කියලා බලාගන්න බව ගම්පහ දිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මිනුවන්ගොඩ නවලෝක මංසන්ධියේ පැවති නිලසෙවන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මේ අදහස් පළ කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *