දකුණට සිග්නල් දමා වමට හරවන දකුණේ මනාප සටන // ජනතාව තවමත් නිහඩයි

සල්ලි ගස් ,පාතාලය සහ කැරට් අල සමග දකුණේ මනාප අරගලය

  • දකුණු මනාප සටන කොරෝනා යුද්ධයක් මෙන් දකුණම ගිල ගනිමින් තිබේ.
  • දකුණේ ජන්ද මානාපයට පාතලය එක් වෙයි ජනතාවගේ දැන ගැනීම සඳහා පමණි!    
  • වජිරගෙන් බත් පැකැට් එකයි රුපියල් 1000යි
  • පක්ෂ විපක්ෂ ඕනෑම කෙනෙකුට රැස්වීමට එන සියල්ලටම දෙයි!!
  • වජිරගේ සල්ලි ගහ ගාල්ලේ දී සෙලවෙයි.!
  • මේ සල්ලි වජිර සෙව්වේ කෙසේ ද ? රටටම ප්‍රශ්ණයකි……
  • දකුණු පළාතේ මහ ම සෙනඟ චන්දිම වීරක්කොඩිගේ ආරාධනයෙන් හබරාදුවට ජනපති පුදුමවෙයි!
  • කුරුණෑගල මහින්ද රාජපක්ෂ සිරිසේන කෝ මේ සිරිසේන….ගැන කී කතාව..
  • ජපන් පොහොට්ටු හා තායිවාන් පොහොට්ටු මැක්කැයි බෝලා දොඩංනේ…
  • චන්දිමට මනාප දෙන්න එපා කියා එලි පිටම කියන රමේෂ් චන්දිමගේ රැස්වීමේ දී කොර වෙයි!  
  • ගයන්තගේ මයික් එක ගලවං ගියේ කව්ද ??
  • පෝන් එකේ තාරක නානායක්කාරගෙන් ගාල්ල දිස්ත්‍රික්යේ තරුණ තරුණියන්ට අලයක්….. නැ වැරදුනා පැලයක්…
  • මාලිමාට දකුණෙන් තුනයි බොලව්. බුද්ධිමත් ඇත්ත මිනිසුන් දොඩයි!
  • කිර්ති තෙන්නකෝන් දෙහි නැතිව බිලිං කපයි,
  • හරින් පුනාන්දු හරියටම බයිලා කියයි
  • මනුෂ නානායක්කාර වළලු පැළදුවේ කාට ද ?
  • ජනපති ගෝඨාභය චන්දිමට ස්තූතිය පුද කරයි! ජනපතිගෙන් චන්දිමට සහතිකයක්..

මහ මැතිවරණ සටන උණුසුම් වෙමින් පවතින අතර තුර දකුණේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ද දැන් යලිත් දේශපාලන කරලියට පැමිණ ඇත. විශේෂයෙන්ම සමඟි ජන බලවේගයට සිය සහයෝගය දක්වමින් සිටින ඔහු පසුගිය සතියේ රජයේ මාධ්‍යන් සම්බන්ධයෙන් ඔහුගේ ඇති විවේචනය දකුණේ සමඟි ජන බලවේගයේ අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කලේය. දැන් බලන්න , ලංකා මැතිවරණ ඉතිහාසයේ නින්දිතම ප්‍රචාරක ව්‍යාපාරය ජාතික රූපවාහිනියහා ස්වාධීන රූපවාහිනිය කරනවා.  පොදුජන පෙරමුණේ හොරණෑව බවට පත්වීම පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිල නාලිකා ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය නාලිකා දෙක හිටපු ආණ්ඩුකාර කීර්ති කියද්දී එහි සිටි සමඟි ජන බලවේගයේ මනුෂ, විජේපාල,  චතුර ගලප්පත්ති, වෙදආරච්චි ඇතුළු පිරිස ද එය අනුමත කරමින් කතා කරන්නට විය. හැම මැතිවරණයක දීම මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කෙරෙනවා. මනුෂ කියද්දී හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් කීවේ ඔව් ඒක ඇත්ත මම 1999 ජනාධිපතිවරණයේ සිට අද දක්වා සෑම මැතිවරණයක දී ම රාජ්‍ය මාධ්‍ය යේ හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කොට හෝ පරිශිලනය හෝ කර තිබෙනවා. 

නිදිමතයි ශෝක නියයි මහ රජාණෝ.. සීනූ කරයන්ට තප්පර 100 යි කැතැයි යකෝ වැඩේ…

ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි නින්දිත ප්‍රචාරක ව්‍යාපාරයක් රාජ්‍ය මාධ්‍ය නිරත වී නෑ. යනුවෙනි. ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල යටතේ පොදුජන පෙරමුණට තත්පර 3340 ක් දෙන විටල මේ මැතිවරණයේ ප්‍රධානතම විපක්ෂයට හිමිවන්නේ තත්පර 275 ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණට තත්පර 100 යි.  හැබැයි එජාපය ට තත්පර 1250 ක් හිමිවෙනවා.   අනිත් රාජ්‍ය රූපවාහිනියේ පොදුජන පෙරමුණට තත්පර 1850 ක් දෙන විටල එජාපයට තත්පර 550 කුත්, සමගි ජනබලවේගයට තත්පර 510 කුත් දෙනවා.

මෙන්න ගනන් හිලව් බොලව්.

අපේ පක්ෂය පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් 80 ක්, ආණ්ඩුකාරවරු දෙදෙනෙක්. හිටපු මන්ත්‍රීවරු 14 ක්ල පළාත් සභා මන්ත්‍රීවරු 69ක් තරඟ කරනවා.   හැබැයි පළාත් පාලන ආයතනවලට තරඟ කරලා පැරදුණ අපේක්ෂකයෝ ඉන්න එජාපයට සමගි ජන බලවේගයට වැඩි වෙළාවක් දෙනවා. කීර්ති තත්ත්වය තවදුරටත් පැහැදිලි කලේය.  කෙහොම වුනත් අපි මේ ගැන නායකත්වයත් එක්ක කතා කරලා තීරණයක් ගමු. පිරිස අවසානයේ එසේ එකඟ විය.

දකුණු පළාතේ මහ ම සෙනඟ චන්දිම වීරක්කොඩිගේ ආරාධනයෙන් හබරාදුවට ජනපති පුදුමවෙයි!

ජනපති මැතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාවකට ගාල්ලට මාතරට පැමිණියේ පසුගිය සතියේ ය. මහ වැසි නොබලා මහජනතාවක් මෙහි දැක්නට ලැබිණි. මෙහි  දී මේවන විට ජනපති සහභාගි වු වැඩිම ජනතාවක් එක් වුයේ හබරාදුවේ දීය. මෙය සංවිධානය කර තිබුනේ චන්දිම වීරක්කොඩි හිටපු ඇමති වරයාය.

ජනපති ගෝඨාභය චන්දිමට ස්තූතිය පුද කරයි! ජනපතිගෙන් චන්දිමට සහතිකයක්..

ජනපති බුද්ධි අංශ පැවසුවේ මෙතෙක් දකුණු පළාතේ පැවති ජනපති එක්වු රැස්විම් වලින් වැඩිපුරම ජනතාවක් එක්ව සිටියේ හබරාදුවට බවය. මෙහි දී ජනපති ගෝඨාභය මහතා චන්දිමට ස්තූතිය පුද කළේය. චන්දිමගේ රැස්විම් හොදයි මහ වැස්සෙත් මහා ජනතාවක් ඇවිත් තියනවා චන්දිම ගේ ආරාධනයට චන්දිම ඇමති තුමා වැඩේ කරගෙන යන්න ජනපති චන්දිමට කීවේය.

චන්දිමට මනාප දෙන්න එපා කියා එලි පිටම කියන රමේෂ් චන්දිමගේ රැස්වීමේ දී කොර වෙයි!

මේ අසල සිටි රමේෂ්, මොහාන්, සම්පත්, දිල්ෂාන් එය ඇසුනේ නැති ගානට සිටියෝ ය. මේ අනුව ජන්දිමට ජන්දද මනාපද ගාල්ලෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිපුර ප්‍රමාණයක් ගත හැකි බවය දැන් සක් සුදක් සේ පැහැදිලිව දක්නින්ට හැකිය. 

අයියඩිය බිය නොවන්න මා මනාප ගන්නා හැටි පෙන්නන්නම්..හම්බන්තොට  වෙද කුමරා කියයි,

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයෙන් මෙවර වෙදආරච්චි දෙසොහොයුරන්ම තරඟ බිමට පිවිස තිබේ. කෙසේ නමුත් පසුගිය කාලය තුල නිහාල් හා දිලිප් යන මෙම දෙසොහොයුරන් අතර එතරම් හොද ඇයි හොදයියක් තිබුණේ නැත. ඒ කෙසේ වුවද මේ දිනවල හම්බන්තොට සමඟි ජන බලවේගයේ වේදිකා වල දෙදෙනාම දෙදෙනාටම අවස්ථාව සලසා ගනිමින් සිටිනු පෙනේ.  කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පාක්ෂිකයින් කිහිප දෙනෙකු දකුණේ හිටපු මන්ත්‍රී නිහාල්ගෙන් විමසා තිබිණි. නෑ නෑ එහෙම නෑ. ඉතින් තරහ වෙලා බෑනේ. මේ සැරේ අමාරුයි. අපි එකතුවෙලා වැඩේ කරන්න ඕන. අවුලක් නෑ වැඩ කරගෙන යනවා නිහාල් ඇසු පිරිසට එසේ පිළිතුරු දී තිබිණි.

නිල අල්ල්මින් හම්බන්තොට නිලමේ මනාප පෙරහරේ යයි!

හම්බන්තොට සමඟි ජන බලවේගයේ දකුණේ හිටපු විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ ද මේ වන විට මැතිවරණ සටන උණුසුම් කර ඇත. මැතිවරණ කටයුතු අතර තුර නිලමේට තම හිතවත් පාක්ෂිකයකුගේ  විවාහ මංගල උත්සවයකට පැමිණෙන ලෙස ආරාධනා කොට තිබුණි. 

නිලමේටද වැරදුනේ මහින්දටද…හම්බන්තොට මගුල් කෑම!

අදාල මාර්ගයේ නිවසක් ඉදිරිපිට ජාතික කොඩියක්  දමා තිබු අතර නිලමේ එම නිවසට ගොඩවිය.   නිවසට පැමිණි  අමුත්තන් සමග  නිලමේ කථාබස් කරමින් සිටියේය. ඇතමුන් නිලමේ සමග ඡායාරුප පවා ගනු ලැබිය.  නිලමේට යම්කිසි අමුත්තක් දැනෙන්නට විය.  ඒම නිවසේ    පැවතියේ ගැහැණු දරුවකු වැඩිවියට පත්විම නිමිත්තෙන්  පැවති සාදයකි. නිවෙස් හිමියා පොහොට්ටුවේ ප්‍රබල ආධාරකරුවෙකි. පිරිස හොදින් නිලමේ සමඟ කතා කරමින් සිටන අතර තුර නිලමේ නිවස තුල සිටි ඇමති අමරවිරද දැක්කේය. නිලමේ   අපි කැම කමු මහින්ද අමරවිර නිලමේට කථා කළේය. ඔබතුමා කැම කන්න යන්න මම තව පොඩ්ඩකින් එන්නම් නිලමේ කිවේය. තමන්ට වැරදිමක් වි ඇති බව තෙරුම්ගත් නිලමේ  හෙමින් සිරුවේ ඒ අසල තිබු තම ආධාරකරුවාගේ විවාහ මංගල උත්සවයට සහභාගිවිම සදහා පිටත්ව ගියේය.

මාතර මනාප පොර ය තනි තනියෙන්ම යයි!

දකුණේ ප්‍රබලම මනාප සටනක් ක්‍රියාත්මක වන මාතර පොහොට්ටුවේ මෙන්ම සමඟි ජන බලවේගයේ ද පසුගිය සතිය වන විට සිය මැතිවරණ ප්‍රචාරනය තවත් ශක්තිමත් කර තිබිණි. මාතර පොහොට්ටුවේ ලයිස්තුව සැබවින්ම ප්‍රබල ලයිස්තුවකි. එයින් ජය ගන්නේ කවුද කියන එක කියන්න ලේසි නැත. මාතර පොහොට්ටුවේ කණ්ඩායම් කිහිපයක් යටතේ සිය ප්‍රචාරනය දියත් කරන අතර තුර ශ්‍රීලනිපයේ අපේක්ෂකයා ලෙස මනෝජ් සිරිසේන ද මේ වන විට අභීයෝගයක් වෙමින් ඉදිරියට පැමිණ ඇත. ලක්ෂ්මන් යාපා, නිපුන රණවක, මහින්ද යාපා මෙන්ම මනෝජ් ද සිය මැතිවරණ ප්‍රචාරනය කරන්නේ තනිවමය. අගමැති මහින්ද පසුගිය සතියේ මාතර ට පැමිණි අවස්ථාවේ මනෝජ් සම්බන්ධයෙන් හොද සහතිකයක් දුන්නේය.

කුරුණෑගල මහින්ද රාජපක්ෂ සිරිසේන කෝ මේ සිරිසේන….ගැන කී කතාව..

එදා මට මතකයි එච්.ජී සිරිසේන මහත්මයාගෙන් මමයි ඇහුවේ ඇයි මෙච්චර ඉගෙන ගත්ත පුතෙක් ඉද්දී මෙයාව දේශපාලනයට දාන්නේ නැත්තේ ඇයි කියලා. එදා ඒ මම කියපු එක අද මනෝජ් ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියනවා. කල්ලි වලට නොගිහින් දේශපාලනය කරනවා. ඒ වගේම ඇමති කම දරපු අවස්ථාවේ වුනත් එයින් අපිට කරන්න පුළුවන් උදව් කරපු දේශපාලඥයෙක් මනෝජ් කියන්නේ අගමැති මහින්ද කීවේ අගමැති මහින්දගේ පැරණි දේශපාලන මිතුරෙකු වන දකුණේ හිටපු මහ ඇමතිවරයෙකු වන එච්.ජී . සිරිසේන ද ද ඉදිරිපිට තබා ගනිමිනි.

අත හා පොහොට්ටුව අතර දකුණු පලාතේ සීතල යුද්ධයක්….ජපන් පොහොට්ටු හා තායිවාන් පොහොට්ටු මැක්කැයි බෝලා දොඩංනේ…

දකුණේ මනාප සටන නිසා කැපිලි කෙටිලිවලට වැඩි වශයෙන් ගොදුරුවි ඇත්තේ පොහොට්ටුවෙන් තරග වදින ශ්‍රි.ල.නි.පක්ෂ අපේක්ෂකයින්ය. ජපන් පොහොට්ටුකාරයින් හා තායිවාන් පොහොට්ටුකාරයින් අතර තමයි මනාප ගැටුම තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්  සමගි ජනබලවේගයේ අපේක්ෂක අමරසිරි කුරුවගේ රත්ගම ප්‍රදේශයේ  පැවති රැස්විමකදි තම හිතවතුන් සමග එසේ කිවේය.

මනාපයි ගීතා අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය දැන් ගාල්ල ගම්දනව් සිසාරා තිරගතවේ.

පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගිතා කුමාරසිංහ අපේක්ෂිකාවද  එලිපිටම මානපය ගැන කථා කිරිමට පටන්ගෙන තිබේ. සමහර අයට ඕන කරනවා මුළු ලංකාවෙන්ම වැඩිම මනාප ගත් එක්කෙනා වෙන්න.  ඒක මානසික රෝගයක්. එයාට ඕනේ එච්චරයි. ඒක හරි වැරදි තීරණයක්. ශ්‍රී ලංකා වෙන්ම වැඩිම මනාප ලැබුනේ කාටද කියන එක නෙමෙයි දේශපාලනයේ දී  වැදගත් වෙන්නේ ගිතා මේ කථාව කිවේ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්විමකදිය.

හරින් ප්‍රනාන්දු හරියටම හරිදි වැරදිද මළයා….

හරින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයා මේ දිනවල රට පුරාම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වන්නේ සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙසය. හරින්ගේ රැස්වීම් මාලාව ආරම්භ කිරීමට පෙරම මනුෂ හිටපු රාජ්‍ය ඇමැතිවරයාට දුරකතන ඇමතුමක් දුන්නේය.

“මම දැන් රට වටේම රැස්වීම් දාගන්නවා. ගාල්ලේ ආසනයට රැස්වීම් දාගන්න ඕන දවස මට කියන්න. මම ඒ දවස කලින්ම වෙන් කරලා තියාගන්නම්”හරීන්, මනුෂට කීවේ දෙදෙනාම එකම අමාත්‍යාංශයේ ඇමැතිවරයා හා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නිසා පමණක් නොව දෙදෙනා අතර කාලයක් තිස්සේ පැවති මිතුදම නිසාය.

“ඡන්දෙට සති දෙකක් විතර තියලා ගාල්ලේ රැස්වීම් ටික දාගනිමු”මනුෂ කීවේ තරුණ හමුවක්ද සංවිධානය කිරීමේ අරමුණ ඇතිවය.

ඒ අනුව හරීන් පසුගිය ඉරිදා ගාල්ලට පැමිණියේය. ඒ මනුෂගේ නිවසේ සංවිධානය කර තිබූ තරුණ හමුවට සහභාගී වීමටත්, මනුෂ සමග ගාල්ල ආසනයේ රැස්වීම්වලට සහභාගී වීමටත්ය.

අයියා මල්ලි කව්ද බොලේ මේ ඇලිස් තාරක මනුෂ හා මයික් එකේ කතාන්දරය.මයික් එක ගල් කෙරුවේ ඇයි ද බං…

අයියා මල්ලි මෙන් තාරක නානායක්කාර හා මනුෂ නානායක්කාර හබරාදුවේ රැස්විම් අතර තුර තාරකට මනුෂ කිවේ මළයා මම හරින් එන රැස්වීම්වලට යනවා මළයා වැඩේ ඇඳගෙන යන්න කියා ගිනි ගහන වැරදුනා මොර සූරණ වරුෂාවේ  වරුෂාවේ තාරකගේ රස්විමි අතර මග දී මනුෂ ගාල්ලට ගියේ ය.

මයික් එක ගලවන් ගියේ කව්ද

මේ අතර ගයන්ත හා තාරක හබරාදුවේ රැස්විම් අමතමින් යන අතරේ ගයන්තගේ ගෝලයෙක් තාරක කතා කරන්නට පෙර මයික් එක ගලවාගෙන ගියේ ය. මේ සම්බන්ධයෙන් තාරක හෝ ගයන්ත දැන සිටියේ නැත. පසුව තාරකගේ පීකරය සහ මයික් එක සවි කර තාරක නානායක්කාර කතා කරගෙන ගියේ ය. මයික් හුට පටය. තව නිමේෂයක් ගත වුයේ නම් මයික් ටයිසන් ගෙන එන්නට තරම් ගැටුම් දුර දිග නොගියේ ගයන්ත හා තාරක දෙදෙනාම මේ සම්බන්ධයෙන් තේරුම් ගත් නිසාය.  

හරින්ට වළළු පැළදුවේ ඇයි.හරින් ප්‍රනාන්දු ගායකයා සිංදු කියයි. බයිල ගහයිද 

හරින් මනුෂගේ නිවසට පැමිණෙන විට මනුෂ හරීන් පිළිගත්තේ තමන්ගේ නම සහිත අත් පළදනවාවක් හරින්ගේ අතේ පළදවමිනි. මනුෂ හරීන්ට පැළදවූ අත් පළදනාව හරින් ඉවත් කළේ නැත. එය තවමත් අතේ තිබේ. හරින් එදින රාත්‍රියේ ස්වර්ණවාහිනියේ පැවති සංගීතමය වැඩසටහනකටද සහභාගී වූ අතර එයටද ඔහු මනුෂගේ අත් පළදනාව පැළදගෙන ගොස් තිබුණේය.

මනුෂගේ එක රෑට ටී.වී එකෙන් පෙන්නලා…

“සර්ගේ බෑන්ගල් එක හරින් ඇමැතිතුමා අතේ දාගෙන ඉන්නවා. දැන් ටී.වී. එකෙත් ඒක පෙන්නනවා” රෑ වන තුරු රැස්වීම්වලට සහභාගීවන මනුෂට පාක්ෂිකයින් කිවේ දුරකතන ඇමතුම් ලබාදෙමින්ය.

තරුණ හමුවට සහභාගීවීමට පෙර හරින් මනුෂ සමග උදෑසන ආහාරය ගත්තේ මනුෂගේ නිවසේදීය. මහින්ද රාජපක්ෂගේ අගමැතිධූරය අහිමි කරමින් දින පනස් දෙකේ ආණ්ඩුව පෙරලූ හැටි ගැන මතක උදෑසන ආහාර මෙසේයේ කතාබහට ලක්වූ කරුණ විය.

“මනුෂ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තනි ආණ්ඩුවක් දෙන්න අපේ පැත්තට ආපු වෙලාවේ ජීවිත අවදානමක් අරගෙන නේ ආවේ. ඒ වෙලාවේ මනුෂ ඉල්ලා අස්වීමේ ලියුම දීලා ප්‍රකාශයක් වීඩියෝ කරලා ඒක රහසිගතව අපි ළග තියලා රට ගියා. ඒ දවස් ටිකේ ලංකාවේ හිටියා නම් සමහර විට ජීවිතයටත් තර්ජනයක් වෙන්න තිබුණා. මේ ඉන්නේ ඒ වීඩියෝ එක ගනිපු කෙනා”හරින් කීවේ තමන් සමග සිටින හිතවතෙක් පෙන්වමිනි.

හරින් ඔහු පෙන්වන තුරු ඒ කවුරුන්දැයි බොහෝ දෙනා දැන සිටියේ නැත. හරින්ගේ පුද්ගලික හිතවතෙක් වූ ඔහු හරින්ගේ රාජකාරී කටයුතුවලට වෘත්තීමය සහාය ලබාදුන් හිතවතෙකි.

“එදා මනුෂ බය නැතිව පළමු පියවර තබපු නිසා තමයි අපේ පාක්ෂිකයින්ට තනි ආණ්ඩුවක් අරගෙන දෙන්න පුලුවන් වුනේ. ඒ නිසා තමයි ගමට ගම් පෙරළිය ආවේ. පාක්ෂිකයින්ට රස්සා ටිකක් හරි දෙන්න පුලුවන් වුනා නම් ඒ රස්සා ටික දෙන්න පුලුවන් වුනේ මනුෂලා නිසයි”හරීන් කීවේය.

“මට මගේ තාත්තා නැතිවුනේ ප්‍රේමදාස මහත්තයාට දේශපාලනය කළ නිසයි. මට මගේ මහ ගෙදරට, පාක්ෂිකයින්ට අවශ්‍ය වෙලාවේදී වීරයෙක් වගේ එන්න ඕන වුනා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පෙරලලා මම මගේ මහ ගෙදරට ආවේ ගාල්ලේ අපේ අයත් එක්ක තවත් දශක කීපයක්ම දේශපාලනය කරන්න”මනුෂ තමන්ගේ දේශපාලනය ගැන කීවේය.

“මනුෂ සමගි ජන බලවේගය පිහිටුවන වෙලාවේ ඉදලාම සජිත් නායකතුමා එක්ක හිටියා. ඉස්සරහට සමගි ජන බලවේගය ඇතුළේ මනුෂට ලොකු අනාගතයක් තියෙනවා”හරින් මනුෂට සහතිකයක් දුන්නේය.

දකුණු පළාතෙන් මාලිමාට තුනක්වත් දෙන්න මොලේ ඇති ජන්ද දායකයෝ දොඩනවා මම අහගෙන වරව් ඇත්ත මිනිසුන් දිනවන්නට ලස්සනයි සටන් පාඨය. සහෝදරයා…

හම්බන්තොට මාතර ගාල්ල මාලිමා කාරයෝ වැරදුනා අපේ ජේවී පීයේ ඈයෝ ගාල්ලෙන් මාතරින් හම්බන්තොටින් එක එක මන්ත්‍රිවරු බාගන්නට යන ගමනේනේ දි උගතුන් බුද්ධිමතුන් පවසන්නේ මාලිමාවට මේදා දකුණනේ මෙන්ම රටේම වැඩි බලයක් හමිවන බව දකුණු පළාතේ හිතන්නට හැකි ජන්ද දායකයෝ දැන් එළි පිටිම කියති.!

සටන් සඟයනි උබලා නැති පාර්ලිමේන්තුවක් වැඩක් නෑ. මනාලයා මනාලිය නැති මගුල් ගෙයක් වගේ.

ජේ.වී පී කාරයෝ ඇත්ත මිනිස්සු රටේ ජනතාවගේ කරුමේට මේ ඇත්තෝ තොරා ගන්නවා අඩුයි.

නමුත් එකෙක් හියොත් එදා හමුදාවක් වගේ උන් ඩීල් නෑ ටයර් සෑයට ගියත් ජෙබ්බෝ ගින්දර වගේ හරියෑ….

ජවිපෙ ප්‍රමුඛ ජාතික සමගි බලවේගයෙන් තරග වදින අපේක්ෂකයින් ද  විවිධ ක්ෂේත්‍ර ස්පර්ශ කරමින්  මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත්තේ වෙනදාටත් වඩා වේගයෙනි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ එම අපේක්ෂකයින් අතර මනාපය සදහා ගැටුමක්  නොමැති අතර  ඔවුන් තම පක්ෂයට ඡන්ද ගොනුකරගැනිමේ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටිති.   දකුණු පළාතෙන් තරගවදින සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙකු බව කියමිනි. එසේම නිහාල් ගලප්පත්ති, නලීන් හේවගේ, ලාල් ප්‍රේමනාත් මෙන්ම රත්න ගමගේ ගැන ද මධ්‍යස්ථ මතධාරින්ගේ කැමැත්තක් ඇති බව පෙනේ. ඒ සදහා   ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ට දැඩි සටනක නිරතවිමට සිදුවි තිබේ. දකුණ කවදත් වාමාංශිකයින්ගේ බලකොටුවකි.

මේ වතාවේ දකුණෙන් කිසිම ජවිපෙ හෙවත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු පත් කරන්නට දකුණු පළාතේ මෙන්ම සමස්ත රටේම ජනවතාව කැමැත්නේ මනාපයෙන් මේවර කටයුත කරන සෙයක් දැකිය හැකිය.

එජාපය මෙන්ම සමඟි ජන බලවේගය ද සිටින්නේ තමන්ට එම මන්ත්‍රීදුර ඩැහැ ගැනීමේ සටනකය. මෙසේ තිබිය දී මන්ත්‍රිධුර පත්වන ආකාරය පිළිබද විවිධ අය  විවිධ මත පලකරති. හම්බන්තොට  දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රිධුර 05ක් හා සමගිජන බලවේගයට මන්ත්‍රිධුරය 02ක්  ලැබිමට ඉඩ ඇති බවද  ඇතමුන් මත පලකරති.

මහින්දගේ තුනෙන් දෙක ද නැති උනාට සහේදරයා!  දකුණෙන් මාලිමාවට තුනක්වත් දීයව්  බොලංව්…..!!!!!

එහෙත් ජ.වි.පේ ක්‍රියාකාරින්ගේ අදහස වි ඇත්තේ මෙවර හම්බන්තොට, මාතර මෙන්ම ගාල්ල යන දිස්ත්‍රික්ක තුනෙන්ම අවම වශයෙන් එක් මන්ත්‍රීදුරයක් හෝ  ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා වෙනුවෙන් වෙන් කිරිමට  ජනතාව පුල පුලා බලා සිටින බවයි.

මේ අතර එජපය ද දකුණේ සිය මැතිවරණ ව්‍යාපාරය මේ වන විට ශක්තිමත් කර ඇත. හිටපු ඇමති වජිර අබේවර්ධන ගාල්ලේ බර කරට ගනිමින් සමඟි ජන බලවේගයට ප්‍රබල අභියෝගයක් කරමින් සිටී. බොහෝ හිටපු එජාප පාක්ෂිකයින්ගේ නිවෙස් වලටම ගොස් වජිර නැවත ඔවුන් එජාපය වෙත කැදවාගැනීමේ ප්‍රභල සටනක නිරත වෙයි. 

මනාප සටනට පණ පොවන්නට පාතාලය ද එයි මේ ඇත්ත කතාව තිත්ත වුවද රාජ්‍ය සේවය පිනිස නොව රාජ්‍ය කරවන කරවපු ඈයන්ගේ නොව ජනතාවගේ දැන ගැනීම පිණිසයි.

මේ අතර ගාල්ලේ හම්බන්තොට මාතර ද පාතාලයේ සගයන්ද අපේක්ෂකයන්ගේ වාහනවල ගමන් කරන බව දැන ගත දැක ගත හැකිය. මේ සමබන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවලටද ඉව වැටී ඇති නමුත් මැක්කැයි මලයා කරන්නේ … අපේ හිතවත් බුද්ධි අංශ අයියලා මගේ මූනටම දෙඩුවේ පුංචි පහේ හඩියක් ගහන අතරේය.

ජන්ද ඔට්ටු අල්ලයි. දමපල්ලා ලක්ෂ ගණන් මේන්නු මේකත් ඔට්ටුයි!

ඒ කතාව දොඩන කොට හැමදාමත් වාගේ සිස්ටම් වෙනසද අලි කුලප්පුවද පොහොට්ටු පිළිබඳවද ඇසෙක කතා අතරේ ගාල්ලෙන් ගිහින් බදුල්ලෙන් ජන්දය ඉල්ලා දුරකතනයෙන් දිනන මෛත්‍රි ගුණ රත්න හිටපු ආන්ඩුකාර වරයා දිනන බව පවසමින් ලක්ෂ 05ක් ඔටුටුවක් ඇලුවේ බදුල්ලෙන් නොව ගාල්ලේ මෛත්‍රි ගුණරත්න ගේ හිතවතුන් පිරිසක් එක්වයි.   

මාතර ගඟෙ ඉන්නා කිබුලිගේ පැටියා බුදු සරණයි!මාතර එජාප අලි කියන කතාව මොන්න !

මාතර එජාපයේ දිස්ත්‍රික් නායකයා හිටපු දකුණූ පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීවය. මෙවර එජාපයේ විශේෂත්වයක් වන්නේ ඔවුන් මනාප ඡන්ද පොරයේ නොමැතිව පක්ෂයට ඡන්දය ඉල්ලා සිටීමයි. මෙහි දී වඩාත්ම කැපී පෙනෙන්නේ එජාපයේ මාරත දිස්ත්‍රික් අපේක්ෂකයින්ය. එජාපය හැර ගොස් සිටි අය වෙනුවෙට මේ වන විට නව තනතුරු පත් කරමින් මාතර එජාපයේ ගමන ශක්තිමත් කිරීමට හිටපු මන්ත්‍රී ගයාන් සංජීව කටයුතු කර තිබිණි. පසුගිය සතියේ ඔවුන්ට තවත් ශක්තියක් වුයේ මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත මාතර සංවිධායක ලෙස පත් කිරීමයි. කිසිම වෙලාවක අපි මනාප පස්සේ යන්න ඕන නෑ. අපේ ලොකු බලාපොරොත්තුවක් මේ වෙලාවේ මාතරින් නෑ. හැබැයි අපි එක ආසනයක් තහවුරු කර ගන්න වැඩ කරමු. ගයාන් දිස්ත්‍රික් නායකයා ලෙස එජාප ක්‍රියාකාරීන්ට කීවේ එසේය. මේ අතර පසුගිය සතියේ හිටපු

රනිල් වික්‍රමසිංහ වැලිගමට එයි. මේ අතර මහින්ද ද ගාල්ලට එනවා කියා බුද්ධි අංශ අපව දැනුවත් කළේය.

අගමැති රනිල් වැලිගමට පැමිණියේ මාතර එජාප යේ ජය තහවුරු කිරීමේ රැස්වීමක් සදහාය. ගයාන් එම රැස්වීම සාර්ථක සංවිධානය කර තිබිණි. කොහොම ද මාතර තත්වය රනිල් ඇසුවේ ගයාන්ගෙනි. මංගල ගෙන් වෙන් වීමත් එක්ක ගියපු කට්ටිය බොහෝ දෙනෙක් නැවත අපිත් එක්ක එකතු වුනා. අපේ ටාගට් එකට යන්න බැරි වෙන්නේ නෑ සර්. ගයාන් කීවේ මාතරින් ආසනයක් අනිවාර්යෙන්ම එජාපයට ලබා දෙන බව කියමිනි. රැස්වීම අවසානයේ පාක්ශිකයින් ගයාන්ගෙන් ඇසුවේ පක්ෂ නායක රනිල් පක්ෂය හැර ගිය පොඩි කඩේ ප්‍රියන්ත ගැන ඇසුවේ ද කියාය. නෑ එතුමාට එකේ ගානක් නෑ. සජිත් ගිය එක ගනන් ගත්තේ නැති අපේ නායකයා ප්‍රියන්ත ගිය එක ගනන් ගනීද? ගයාන් කියද්දී පැමිණි පිරිස ට ද හිනා ගියේය.

ගාල්ලේ වජිරගේ රනිල්ගේ අලි පැටව් ගොනක්ම චන්දිම වීරක්කොඩි බාග ගනී.

දකුණේ එජාප පාක්ෂිකයින් බොහෝ දෙනෙකු පසුගිය සතියේ දී පෙහොට්ටුව සමඟින් එකතු වී තිබිණි. ගාල්ලේ දී එසේ බෙහෝ විට එකතු වන්නේ චන්දිම හා ෂාන් සමඟින් ය. චන්දිම මෙන්ම ෂාන් ද සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේ තනිවමය. පසුගිය සතියේ හිනිදුම ආසනයේ තිබු චන්දිම ගේ රැස්වීමක දී එජාප පාක්ෂිකයින් බොහෝ දෙනෙකු පොහොට්ටුව සමඟින් එකතු වී තිබිණි.

ඇත්තටම ගාල්ලට වැඩක් කළ චන්දිම වීරක්කොඩි ගිය වර වාගේම වැඩි මනාප ගන්නවා ඔට්ටු පිට ඔට්ටු අල්ලයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගියවර ද ඊට පෙරද වැඩිම මනාප ලබාගත් චන්දිම වීරක්කොඩි මෙවරද වැඩිම මනාප ගන්නවා යැයි රුපියල් ලක්ෂ දහය පහ දෙක ආදි වහයෙන් ඔට්ටු අල්ලන්නට ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 10 නියෝජනය කරන සමහර චන්දිමගේ හිතවතුන් එළිපිටම පවසන  බව දැක ගත හැකිය.

මේ අතර ඇත්තටම ගමින් ගමට රැස්විම් පවත්වන චන්දිම වීරක්කොඩි ජන්ද ද මනාපද ගෙඩි පිටන්ම නෙලා ගන්නට ගාල්ලේ සිට නෙළුවටද හබරාදුවටද බද්දේගමටද යන අතරේ කඩා වතු රැස්වීම් වලට එන්න එන්න යැයි චන්දිමට පාක්ෂිකයේ බල කරන නිසා චන්දිමගේ දින පොත පිරි ගොස් තිබේ.

කාටවත් අහිතක් නෙකර චන්දිම වීරක්කොඩි ජන්ද ව්‍යාපාරය සිදු කරන අතර රමේෂ් පතිරන ප්‍රමුඛ ගාල්ලේ අපේක්ෂක පිරිසක්ම චන්දිමට ජන්දය දෙන්න එපා කියමින් එළිපිටම ගහන්න පටන්ගෙන ඇත. මේ තත්ත්වය චන්දිම වීරක්කොඩි තම ටීම් එයිට් අටේ කල්ලිය ආවා කල්ලිය මෙන් ගම වටේ අටට ජන්දද මනාපද සොයමින් යන සෙයක් දැකිය හැකිය. දනට කවුරු මොනවා කීවත් ගාල්ල වැඩි මානප සටනේ ජන්දම වීරක්කොඩි ඉදිරයෙන් සිටින බව දැකිය හැකිය. 

ෂාන් හා චන්දිම ට මනාප දෙන්න එපා

ෂාන් හා චන්දිමට මනාප දෙන්න එපා යැයි සමහර අපේක්ෂකයින් කියනවා. බලන්න සර් අපි නම් ඒ වගේ වැඩ කරන්නේ නෑ පොදුවේ ජයග්‍රහණය ගැන අපි හිතන්නේ. ෂාන් ගේ රැස්වීමක දී පාක්ෂිකයෙකු කියන්නට විය. මම ඕකට මගේ කතාවේ දී උත්තරක් දෙන්නම් කියමින් ෂාන් කතාව ආරම්භ කලේය. අද සමහර අපේකෂකයින් කියනවා ගාල්ලේ අපේක්ෂකයින් දෙන්නෙකුට ඡන්දය දෙන්න එපා කියලා. එහෙම කියන අය දේශපාලනයේ තාම අත දරුවන් ඒ අයට දේශපාලනය නොතේරීම පිළිබදව අපි කණගාටු වෙනවා. ඒ වගේම මම නම් කියන්නේ තමන්ගේ මනාප තුනම තමන්ට හොදියි කියන අයට ලබා දෙන්න කියලා. ඒ වගේම ජනතාවගේ ජනතා පරමාධිපත්‍යයට මම අභීයෝග කරන්නේ නෑ. මම ඔබ හැමගෙන් මනාපයක් ඉල්ලනවා විතරයි. කාටවත් දෙන්න එපා කියන්නේ නෑ. ෂාන් කීවේ පැමිණී සිටි පිරිසගේ දැවැන්ත අත්පොලසන් හඩ මධ්‍ය යේය. ගාල්ල හිටපු නගරාධිපතිවරුන් දෙදෙනෙකු වන මෙත්සිරි මෙන්ම කැළුම් ද ෂාන් ගේ මැතිවරණ සටනේ ප්‍රධාන සගයින් වී ඇත. කලකට ඉහත දී දේශපාලනයේ සතුරන් ලෙස සිටි මේ අය අද එකම වේදිකාවක සිටීම දේශපාලනයේ සදාකාලික මිතුරනුත් සාදා කාලික හතුරනුත් නැති බවට හොදම සාක්කියකි.

සජිත් ප්‍රේමදාසගේ දුරකතනයේ හබරාදුවේ තාරක නානායක්කාර අලුත් ජන්ද හිමි තරුණ තරුණියන්ට පැලය හිටවමු කියා පැල ගෙදරටම ගෙනත් දීමේ වැඩසටහනක් දියත් කළේය. ගාළු තරුව නම් වු මෙම වැඩ සටහනට ගාල්ල දිස්ත්‍රික්කයේ 10,000ක් වු අලුත් තරුණ තරුණියන් එක් කර මේ පැලයක් සිටවමු නම් වු වැඩ සටහන දියත් කරන්නේ අලුත් බලාපොරොත්තුවක්ද තරුණ පිරිසට ලබාදෙමිණි.

දේශපාලන නිසා දකුණු ගිනියම් වි ඇති අවසන් සතියේ ඇත්තම කේලම දොඩංනට අපි එනවා හරි යැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *