දරු මුණුබුරුවන් (120) දෙනෙකුගේ මව දෝලාවෙන් අවසන් ගමන් යයි

අහුන්ගල්ල පතිරාජගම උදා ගම්මානයේ  මවක්

කතාව දෝලාවෙන් ගමන පයින් ගිය බවට ජනප්‍රවාදයේ සදහන් වේ. ඒ යමක් කරනවා වෙනුවට කතා කරකර සිටීම සමච්චලයට ලක් කිරීමටය.පැරණි රජ දරුවන් මෙන්ම රජ බිසෝ වරුන් ගමන් ගියේ දෝලාවෙනි. බොහෝ වංශවත් පවුල් වල අය දෝලා වලින් ගමන් බිමන් ගියේය. රජ පරම්පරාවල අය දෝලා වලින් යන විට දෝලාව රැගෙන යෑම, ඒ සදහාම වෙන් වු වෙනමම ජන කොටස්  ඊට සිටියේය. දෝලාවෙන් ගියේ ඔවුන්ගේ වංශවත් බව පෙන්වීමටය. එය රජ පරම්පරා වලට ගෞරවයක් විය.

නමුත් කාන්තාවක් අවසන් ගමන් දෝලාවෙන් ගිය අහඹු සිදුවීමක් ඊයේ (20) අහුන්ගල්ලේදී දැක ගන්නට ලැබිණි. එය සිය මියගිය මවට දරුවන් විසින් ගෞරවය දැක්වීම සදහා කල බව කියයි.බළපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇම්. ඩබ්ලිව්. සෙනරත් මහතාගේ මෑණියන් වන එස්. ඩබ්ලිව්. ජීලට් මහත්මියගේ දේහය මෙසේ පතිරාජගම උදා ගම්මානයේ පිහිටි සිය නිවෙසේ සිට ගල්වෙහෙර, වලේකෝවිල පොදු සුසාන භූමිය දක්වා මෙසේ රැගෙන එනු ලැබුවේ දෝලාවෙනි. දරුවන් දසදෙනෙකුගේ (10) මවක් එස් ඩබ්ලිව් ජීලට් මහත්මියට දරු මුණුබුරුවන් එකසිය විසි (120) දෙනෙකු පමණ සිටින බව අවමංග්‍යය සභාවේදී ප්‍රකාශයට පත් විය.

අහුන්ගල්ල පතිරාජගම උදා ගම්මානයේ සිට ගල්වෙහෙර, වලේ කෝවිල පොදු සුසාන භූමිය දක්වා කිලෝ මීටර් දෙකකට ආසන්න දුර ප්‍රමාණයක් මෙසේ දේහය දෝලාවේ තබාගෙන කරමතින් ගෙන එනු ලැබූ අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *