ගාල්ලේ පවුලක් සුනු විසුනුණු කල සරුංගලය!! නූල පැටලී මව සහ පුතු මරුට!!

මේ කතාන්දරයේ කතා නායකයා නාදුනන අයිතිකාරයෙක් නැති සරුංගල් තංගුස් නූල් මාරයාය.එය බියකරු කතාන්දරයකි.කෑලි කපන මහ කළුවරේ සෙමින් ධාවනය වන යතුරු පැදියකි. තැන තැන මහ පාරේ වීථි අද්දර ඈත දැල්වෙන වීථි ලාම්පු කිහිපයකි.නමුත් ඉන් නිකුත්වන ආලෝකය දීප්තිමත් බවක් නැත.මේ කළුවරේ අහස පොළව දෙදරවමින් නාදුනන අයිතිකාරයෙක් නැති සරුංගල් තංගුස් නූලට මුවා වී  මරුවා සැඟව සිට මිනිස් බිල්ලක් ගන්නට දැත් විලිස්සාගෙන සැඟව සිටිනු සිටිනු කිසිවෙකු දැන සිටියේ නැත.

පෙර කී එම යතුරු පැදිය ගමන් ගන්නේ නැති නම් ධාවනය වෙමින් තිබෙන්නේ ගාල්ල,මාතර ප්‍රධාන මාර්ගයේ රත්ගම, පිටිවැල්ල, පිංතාලිය ප්‍ර දේශ පසු කරමිනි.ලස්සන පවුලක අම්මා තාත්තා පැටවුන් දෙනො රැගත් යතුරු පැදියේ හඬ පුතුන් දෙනොගේ සුරතල් සිනා හඬ නිසා අම්මා තාත්තාගේ පිළිවඳන් සිනාව නිසා රසමුසුව හඬ වැඩි වී ගුමු ගුමුවක්ව  තිබිනි.

අම්මා , තාත්තා පුතාලා දෙන්නා බිරිදගේ අම්මා බලන්නට ගිනිමැල්ලගහ නිවසට යන්නට යන ගමන ‍සුන්දරය.ආත්තම්මාගේ සෙනෙහසට පුංචි පුතාලා සත්තකින්ම ලෙංගතුය.ඒ ගැන සියල්ලෝම දැනගෙන සිටියෝ ය.තවත් නිමේෂයකින් සිදු වන්නේ කුමක්ද ? කිසිවෙකු දැන ගෙන සිටියේ නැත.

නමුත් මේ මහ කළුවරේ මරනයේ යක්ෂයා සැඟව සිටන බව මේ සුන්දර කැදැල්ලේ කිසිවෙකු දැන සිටියේ නැත. නමුත් තව නිමේසයකින් අහසේ පාකර යවන ලද නාදුදුන කාටත් අයිති නැති සරුංගලයක තංගුස් නූල කැඩි මේ අහිංසකයන් ගමන් කරන මාර්ගයේ හරහා පාවෙමින් තිබුනේය.අයිතිකාරයෙක් නොමැති සරුංගල් තංගුස් නුල් මාරයා මේ යතුරු පැදිය ධාවනය වන ප්‍රදේශයට ක්‍රම ක්‍රමයෙන් පාවෙමින් තිබුණේය.

මේ සොඳුරු කැදැල්ලේ අම්මා තාත්තා පුතුන් දෙදෙනා සතුටින් ගමන යන තුරු සරුංගල් නූලේ සැඟවුණු යක්ෂයා මාරයා එක්වරම අහසේ සිට යතුරු බැදියෙන්  ගමන් කරන  දරු පවුලේ ගොඳුරු කරගන්නට එක් වරම පාරට පැන්නාය.මඟ හරහට පැන්නේය.

ඒ සමඟම සිදුවුයේ සරුංගල් නූලට මේ අහිංස පවුල ගොඳුරු කරගත්තාය.මඟ හරස් කරගෙන සිටි සරුංගලයේ තංගුස් නූල් මාරයා නිසා යතුරු පැදිය ධාවනය කරමින් සිටි සොඳුරු කැදැල්ලේ තාත්තාට එය පාලනය කර ගත නොහැකිව එම මාර්ගයේම ධාවනය වෙමින් තිබු වාහනයක ගැටී මහා අනතුරක් සිදු විය.

මෙම අනතුරින් අම්මා හා පුංචි පුතා මිය ගිය අතර තාත්තා හා ලොකු පුතා බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත් කරන්නට අනතරු සිදු වු පිංතාලිය ප්‍ර දේශයේ ගම්වාසිහු පියවර ගෙන තිබිණි.   

මේ ආකාරයේන් කාගේදෝ වරදකට අයිතිකාරයෙක් නැති සරුංගල් තංගුස් නූල් මාරයා ට ගොඳුරු වී ලස්සන ම කැදැල්ලේ කතාන්දරය සරුංගලය, සරුංගලයේ නූල අපට කියාදෙන කතාන්දර වලට වඩා තවත් එක් වෙනත් කතාන්දරයක් කියාපායි. නමුත් මේ කතාන්දරයේ දී සරුංගලය අපට කියාදෙන කතාන්දරය සත්තකින්ම සොඳුරුනොවන බව මේ කතාන්දරයෙන් මනාකොට පැහැදිලි වේ.

රත්ගම  පිටිවැල්ල ප්‍රදේශයේ පිංතාලිය හන්දිය අසල දී ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය සුලගේ පාවෙමින් පැමිණි සරුංගලයක  නූලක දැවටී පැදිකරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වී පෙරලීමෙන් පසු හික්කඩුව දෙස සිට ගාල්ල දෙසට ගමන් ගත් කාර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් සැමියා,බිරිඳ සහ පුතුන් දෙදෙනා අනතුරට පත්ව බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කර  ඇති බව රජ්ගම පොලිසිය පවසයි.

මෙම අනතුර පසුගිය 2021.07. 17  රාත්‍රි 8.20 පමන සිදු වී ඇති අතර බරපතල තුවාල සහිතව සිව්දෙනා 1990 ගිලන් රථ සුව සැරිය  සේවයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනගොස් තිබිණි.

මෙම අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් සුදුසිංහ ලියනගේ මේනකා ප්‍රසාදිනී වයස අවුරුදු 34 වු දෙදරු මව රෝහල වෙත ඇතුලත් කරන විට මියගොස් ඇති අතර මවගේ තුරුලේ සිටි හීන්දෙනියගේ අනුක රන්දුල් වයස අවුරුදු 1 1/2 , වු සිගිත්තා ද රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

ගිංතොටගේ වත්ත,පියදිගම,ගිංතොට පදිංචි  වයස අවුරුදු 35 වූ පැදිකරු කොග්ගල ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන සැරයන් වරයෙක් බව වමර්ශන වලින් අනාවරණය කරගෙන ඇත. යතුරු පැදියේ සිටි වයස අවුරුදු 5 ½ වූ වැඩිමහල් පුතු  සහ පැදිකරු වන ගුවන් හමුදා සැරයන්වරයා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිට ගෙදර පැමිණ සිටිති.

බුස්ස පිටිවැල්ල ප්‍රදේශයේ දි කැඩිගිය සරුංගලයක තිබු නයිලොන් තංගුස් නුලක් පැටලි යතුරු පැදිය පෙරලියාමෙන් වු අනතුරකින් මියගිය දෙදරු මවගේ හා  අවුරුද්දකුත් මාස හයක් වියැති දරුවාගේ පශ්චාත්  මරණ පරික්ෂණ කටයුතු පසුගිය (19) දින කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.ඒ බි. ඩයස්  මහතා විසින් කරාපිටිය රෝහලේදි  පවත්වන ලදි.

මෙම අනතුරෙන්  මියගොස් ඇත්තේ සුභසිංහ ලියනගේ මෙනකා ප්‍රසාදනී (34) හා හින්දෙණියගේ කනුක රන්දුල නැමති ගිංතොටගෙවත්ත, පියදිගම, ගිංතොට ලිපිනයේ පදිංචිව සිටි මව හා පුතුය. 

මියගිය දෙදරුමවගේ හදිසි මරණ පරික්ෂණය  රත්ගම  හදිසි මරණ පරික්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි මහත්මිය විසින්ද දරුවාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින්ද සිදුකරණු ලැබිය.

මෙම අනතුරින් බරපතල තුවාල ලබා දැනටත් ප්‍රථිකාර බලමින් සිටින හීන්දෙනියගේ සුරංග මෙසේ කීවේය.

මියගොස් ඇත්තේ මගේ බිරිද හා  බාල පුතුයි.මා කොග්ගල ගුවන් හමුදා කදවුරේ සැපයුම් බලකායට අනුයුක්තව සේවය කරනවා. මා විවාහවුනේ 2014 වර්ෂයේ දි. බිරිද හා  මා ගිංතොට මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ආදර සම්බන්ධතාවයන් මතයි තිබුනේ. පසුව, දෙපාර්ශයේම දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතිවයි අපි විවාහ වුනේ.

ඉතිං අපි 04 දෙනා පසුගිය 17 වැනිදින රාත්‍රි 7.40 ට විතර ගිංතොට නිවසේ සිට  ගිණිමැල්ලගහ  පිහිටි බිරිදගේ නිවසට යන්න සුදානම් වුනා. ඩිස්කවරි යතුරු පැදියකින්  තමයි අපි ගියේ. යතුරු පැදියේ ඉදිරිපස ලොකු දරුවා හිටියා. බිරිද හා පොඩි දරුවා යතුරු පැදියේ පිටුපස හිටියා.ඒ යන අතරතුර ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිටිවැල්ල ප්‍රදේශයේ දි මගේ ඇස් මට්ටමින්  නුලක්  වගේ දෙයක්   එනවා මට දැනුනා. එම  නුල දරුවාගේ ගෙලෙහි පැටලෙවි කියා හිතලා. වම් අතින් අල්ලා ගත්තා. මගේ වම් අත  නයිලොන් නුලට  කැපෙනවාත් සමඟ  දරුවා දැඟලුවා. යතුරු පැදිය පාලනය කරගැනිමට නොහැකිව මගේ අතින් යතුරු පැදිය පෙරළුනා ලොකු දරුවා හොදට හිටියා. තාත්තේ කියා කථා කළා.

ඊට පස්සේ මා පොඩි දරුවා අතට ගත්තා. එයාගේ බෙල්ල කඩා වැටුනා.  ඒ අතර මාගේ බිරිද  ඔසවා බැලුවා.එයාගේ  හිසෙන් ලේ ගලමින් තිබුනා. එතන හිටපු අය කැගැසුවා. දරුවන් දෙදෙනා අරගෙන යන්න වෙන වාහනයකින් බිරිද දමා එවන්නම් කියා. එතනින් ආපු වාහනයක් නතරකරගෙන දරුවන් දෙදෙනා  රැගෙන කරාපිටිය රෝහලට ආවා. පොඩි පුතා මියගොස් ඇති බව දැන ගත්තා. අපේ ඥාතින් කරාපිටිය රෝහලට ඇවිත් හිටියා.  ඔවුන් කිවා බිරිදත් මියගිහින් කියා යැයි හෙතෙම පවසයි.

මියගිය . සුභසිංහ ලියනගේ මෙනකා ප්‍රසාදනි නැමැත්තියගේ  පශ්චාත් මරණ පරික්ෂණය  කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.ඒ බි. ඩයස්  මහතා විසින් සිදුකරණු ලැබිය.

එච් අනුක රන්දුල දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය  ටි.පි.ජයරත්න මහතා විසින් සිදුකළේය. ඉදිරිපත් වු  සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරුන් මාර්ග රිය අනතුරකින් හිස් කබලට වු තුවාල නිසා  මෙකි මව හා පුතුගේ මරණ වි ඇති බවට තින්දුකරණු ලැබිය.

හීන්දෙනියගේ සුරංගගේ පවුලේ අම්මා එම්.ඩබ්ලිව්.නාලනී (65) වන වියේ පසුවන්නීය.තාත්තා හීන්දෙනියගේ පියදාස (66) වන වියේ පසුවේ.මේ දෙමහහල්ලන්ට පුත්තුම තුන්දෙනෙකි. ලොකු පුතා බුස්ස යුධ හමුදා කඳවුරේ සේවය කරන්නේය.හෙතෙම (36) හැවිරිදි එච්.එරන්දයි. මද්දුමයා ඒ මේ අනතුරට ලක්ව දැනට නිවසේ සිට ප්‍රථිකාර ලබනමින් සිටින සුරංග යි. සුරංගට බාල සහෝදරයෙක් සිටි ඔහු එච්. දනුෂ්කයි හෙතෙම (27) වන වියේ පසු වේ.

තම ආදරණිය බිරිද හා පුංචි පුතා නොමැතිව සුරංග අද ලොකු පුතා තවමත් වයස අවුරුදු පහ හමාරක් පමණ වූ නෙතුක පැහැදුල් සමඟ තති වී සිටිති. නෙතුක තවමත් සිඟිතිය. අම්මා මල්ලි නැති වු බව මිය ගිය බව මේ පැටවාට නම් තේරෙන්නේ නැත. නෙතුක ගිංතොට ධර්මපාල විද්‍යාලයේ එක ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියි.

නෙතුක විටක අම්මා සොයයි. මගේ පුංචි මල්ලියා සොයයි. ආත්තම්මාගේ ලඟට දිවයන හෙතෙම වඩාගන්න යැයි කියයයි. සියා තාත්තා ලඟට පනින නෙතුක සියා තාත්තාගේ කරේ එල්ලෙන්නේ සිනා සෙමෙිනි.එච් දනුෂ්ක බාප්පොච්චාගේ කරට නගින නෙතුක බාප්පාගේ තුරුලේ සිටින්නේ අනතුරින් සිදුවු තුවාලවල රිදුම බාප්පා සමඟ සිටන විට නැති ව යන නිසා විය හැකිය. බාප්පෝච්චා නෙතුකට වෙනදාටත් වඩා දැන් සෙනෙහවන්තය. බරපතල තුවාල ලැබු තෙකුකගේ තාත්තා සුංරග පුටුවකට බර වී දරුණු තුවාල සහිතව බලා සිටින්නේ තම කැදැල්ට නාදුදුන සරුංගල් තංගුස් නුල් මාරයා සිදු කළ විපත සිහිපත් කරගෙන විය හැකිය.

මේ කැදැල්ලට වින කළ සරුංගලයේ අයිතාකාරුවා කව්ද තවමත් අභිරහසකි.සරුංගල්  යන්නට  අයිතියක් ඇති නමුත් සුළගට කඩාගෙන ගිය තංගුස් නූල් සහිත සරුගල් අප්පු හාමි නිසා සිදු වු විපත සිළුපටු නොවේ.මෙයට වග කියන්නට කිසිවෙක් නැත.

තරුණ වියේ සරුංගලය හා බැඳී ඇත්තේ ආදරය හා ප්‍රේමයයි. ප්‍රේමය පාදක කර ගනිමින් සරුංගලය ගැන කියවෙන ගීත රැසකි. සරුංගලය කල හදිය නිසා සුරංගගේ කැදැල්ලෙන් ලියවුනේ දුක් ගීයකි. ළමා වියේ සරුංගලය හා බැඳී ඇත්තේ ක්‍රීඩාවකි.නමුත් සුරංගගේ බාල පුතුට ද සරුංගලය ගෙන ආවේ දුක් ගියක් නොවන්නේ ද ?

සරුංගල් ක්‍රීඩාව පාදක කර ගත් විනෝදයයි බාල, මහළු,තරුණ,වයස්‌ භේදයකින් තොරව බොහෝ දෙනා සරුංගල් ක්‍රීඩාවේ යෙදෙති. සමරු විනෝදයට නොව සූදුවටද සරුංගල් යවයි. තරගයටද සරුංගල් යවන්නෝ නැත්තේම නැත.සත්තකින්ම ක්‍රීඩාවක්‌ ලෙස සඳහන් නොකරමින් සරුංගල් යෑවීම සේ පමණක්‌ දක්‌වමින් බොහෝ දෙනා සරුංගල් යෑවීමේ විනෝදය භුක්‌ති විඳිති.මේ අතර කුඩා ළමුන් ප්‍රධානය. පාසල් නිවාඩුවේ තරමක්‌ හෝ පොත පතින් ඈත් වන දරුවා බාහිර පරිසර ක්‍රියාකාරකම් හා බැඳෙද්දී සරුංගල් යෑවීමට බොහෝ සේ ලොල් වෙයි. සරුංගලය හා මහා සමාජය උපමා උපමේයක්‌ හා බැඳෙද්දී බොහෝ දුරට සරුංගලය යනු සතුට වෙන්වීම, වියෝව,අනිත්‍ය ජීවිතය කියා දෙන්නට තරම් වු කතාන්දරයකි.

සුරංගගේ කැදැල්ටද සිදුවුයේ සරුංගලයෙන් කියාදෙන ජීවිතයේ අනියත තාවයයි. නමුත්, ඒ අනියතතාවය කාගේ හෝ නොසැල්කිල්ල  නිසා සිදු වු බව සරුංගලය ද තංගුස් නූලද දැන්නේ නැති නමුත් සරුංගලයේ සැබෑ අයිති කාරයා නම් මේවන විට දැනුවත්ව සිටින බව නම් සිතාගත් හැකිය. සරුංගලය ගුවන් ගත කළ පුද්ගලයා නූලෙන් ගිලිහුනු සරුංගලය සොය ගත්තේ නැත්තේ ඇයි සරුංගල් සෙල්ලම කර සරුංගලය ගසක අත්තක ඉත්තක බැඳ සමහරු වගකීමක් නැතිව කටයුතු කරති. සුළඟට සරුංගලය කැඩි මේ අනතුර සිදුවන්නට නිමිත්ත වු බව සරුංගලයේ සෑබැ අයිතිකාරුවා නොදන්නවා නොවේ.

සරුංගල් භාවිතය වෙනමම සංස්‌කෘතියකි.එය සමහර විට ක්‍රිඩාවකි.ජීවිතය ගැන කියාදෙන පාඩම් රාශියකි.පොතක් නොව පුස්තකාලයකි. නමුත් සුරංගගේ ලස්සන කැදැල්ල විනය කෙටු සරුංගලයේ කතාන්දරය ශෝකාන්තයක් දක්වා ගමන් කරන්නට කටයුතු සිදුකොට හමාරය.  නාදුදුන අයිතිකාරයෙක් නොමැති සුරුංගල් තංගුස් නූල් මරයා මේ අම්මා පුතුගේ අවසන් කටයුතු 2021.07.19 වන දින  සවස 4.30 ට මළ හිරු බසින යාමේ ගාල්ල දඩල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *