දකුණේ ඝාතන ත්‍රිකෝණයේ මරණ වැල දිගටම // දින හතක් තුළ තුන්වන ඝාතනය

කාලයක් තිස්සේ මරා ගන්නා වු නවතම සංස්කෘතියක් නිසා

සත්තකින්ම බිහිසුනුය ගාල්ල ඇල්පිටිය. ඒ කාලයක් තිස්සේ මරා ගන්නා වු නමතම සංස්කෘතියක් නිසා ය. එය වඩාත් බිහිසුනු වන්නේ ඝාතනය කර කපා කොටා තලා ගෙලින් හිස වෙන්කරන්නා වු අමුතුම ඝාතන ක්‍රමවේදයකි. ගිනි අවි ද, දැලි පිහි හා කඩු පිහි , නාදුනන තුවක්කු කරුවෝද මෙහි අඩුවක් නැත. මේ නිසා පුරා දින හතක් ඇතුලත මෑත කාලයේ සිදුවීමි පමණක් නිසා ඝාතනය කළ පිරිස තුනකි. නමුත් මේ ඝාතකයන් සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම කරුනු සොයා යන්නට වුවද මෑතදී ඝාතනය කළ ඉකුත් දින හත තුළ ඝාතනය කළ පිරිගේ අපරාධ කරුවෝ තවමත් නිදැල්ලේ ය.

මේ අනුව නවතම සිදු වීම සිදුවන්නේ ගාල්ලේ ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට පහර දී වෙඩ්තබා කපාකොටා ඝාතය කර ඇතිබව පොලිසිය පවසි.මෙයට පෙර මෙම ප්‍ර දේශයේම පොලි කට්ටා නැමැති අයෙක්ද කපාකොටා නිදි පැදුරේම ඝාතනය කර තිබිණි මේය දමිල හින්දි ක්‍රියාදම චිත්‍ර පටයක මෙන් දිග හැරෙන කතාන්දරයකි. මේවනි විට මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්ඩඅංගවට ගන්නට පොලිසිය හැකිවා ලැබි නැත.

පසුගිය ඉරිදා එනමි 30 දින  පස්වරු 07.40 ට පමණ ඌරගස්මංහන්දිය ඉහළ මාලවල ප‍්‍රදේශයේදී වෙඩි  තැබීමකින් අනතුරුව තියුණු ආයුධ වලින් කපා කොටා දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ රන්තොටුවිල මාලවල පදිංචි කුමාරගේ චමිල් දීපාල් රණසිංහ (37) නැමති තරුණයෙකු හා තුසය හේවගේ සමන් සුරේෂ් (28) නැමති විවාහක අයෙකි.

ඉරිදා රාත‍්‍රී ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලූණු අවස්ථාවේ මිය ගිය පුද්ගලයන් දෙදෙනා ඉහළ මාලවල මංසන්ධියේ පිහිටි කඩයක කථාකරමින් සිටියදී ඔවුන් දෙදෙනාට වෙඩි තැබීමෙන් අනතුරුව සමන් සුරේෂ් නැමැත්තාගේ ඔලූව කඳෙන් වෙන් වනසේ තියුණු ආයුධ වලින් කපා ප‍්‍රධාන මාර්ගයේ මීටර් 100ක් දුරට ගෙනත් දමාතිබියදී හමුවූ බව පොලීසිය පවසයි.

2015 වසරේ නුගුඩුමුල්ල ප‍්‍රදේශයේ පැවති සිංහල අවුරුදු උත්සවයකදී විනොදයට රතිඤ්ඤා කරලක් පත්තුකර ඇඟට දිමීමේ විහිලූවක් දුරදිග ගොස් 2015 .11.03 දින රන්තොටුවිල මාලවල ප‍්‍රදේශයේදී මහ කුමාරගේ උෂාන් රන්දික හා තුසයා හේවගේ සුරංග සුරේෂ් යන දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබිණ.

එම වෙඩි තැබීමේ සිද්ධියේ ගනි අවිය සැපයු බව කියන අයි.ඞී. සරත් කුමාර නැමති වැලි ව්‍යාපාරිකයා 2015.12.04 දින කපා කොටා ඝාතනය කර වෙඩි තැබූ ස්ථානයට හිස කොටස ගෙනත් දමා තිබිණ. එම ව්‍යාපාරිකයා ඝාතයන කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණි සමන් සුරේෂ් යන අයගේ හිස මින් පෙර ඝාතනයන් සිදුවූ ස්ථානයට ගෙනත් දමා තිබිණ.

මෙම සිද්ධියෙන් මිය ගොස් සිටින චමිල් දීපාල් මීට පෙර අවස්ථා කිහිපයකදී අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවද පොලීසිය කියයි. අහුන්ගල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම, 2008 වසරේදී පිටිගල ප‍්‍රදේශයේදී ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ නවයක රත්රන් බඩු කොල්ල කෑම හා ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ අධිකරණ කිහිපයක ඔහුට විරුද්ධව විභාග වෙමින් පවතින නඩු තිබෙන බවද පොලීසිය පවසයි.

මෙම ඝාතයට සම්බන්ධ කිසිවෙක් දෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැත.

ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් පරිදි ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.කේ. හරිත් හල්විට මහතා ඇතුලූ නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.

පසුගිය 28වන දින පොල්කට්ටා ඝාතනය කර තිබුනේ ඉතා බියජනක ලෙසයි.

ඇල්පිටිය පොලිස් වසමේඅනුරුද්ධ ගම ආයුර්වේද පාර ප්‍රදේශයේ නිවසක් තුල 2018.09 27 දින රාත්‍රී 8.00 ට පමණ පුද්ගලයෙකු සහසික ලෙස ඝාතනය කර තිබියදී ඇල්පිටිය පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධ ගම ආයුර්වේද පාරේ පදිංචිව සිටි පුද්ගලයෙකු එම   නිවස තුලදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඇල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත ඇල්පිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතා ඇතුළු  නිලධාරීන් පිරිසක් ගොස් එම සිද්ධිය  පරීක්ෂාකර බැලූ අතර ඔවුන්ට නිවසේ ඇඳක් මත මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් දැකගත  හැකි විය.

27 වැනි දින එනම් පෙරේදාරාත්‍රි 7.30 ට පමණ මියගිය අයගේ නිවසට නුදුරු නිවසක සිටි කාන්තාවක් ඇගේ පුත්‍රයා සමග ආයුර්වේද පාරේ ගම්න් කරමින් සිටියදී තමා අත වූ විදුලි පත් පන්දමේ ආලෝකයෙන්  විශාල ලේ පැල්ලම් රාශියක්පා රේ ඇති බව දැක ලේ පැල්ලම් ඔස්සේ ඉදිරියට ගියවිට එම ලේ පැල්ලම් මියගිය  පුද්ගලයාගේ නිවස දෙසට වැටී තිබුණු බැවින් ඔවුන් එම නිවස ඉදිරිපිට ගොස් බැලූ විට නිවසේ දොර ඇර තිබූ අතර නිවසේ තිබූ ඇඳ මත පුද්ගලයෙකු වැටී සිටි අයුරු දැක ඇල්පිටිය පොලිසියට මේ බව දන්වා ඇත.

මෙසේ නිවසේ ඇඳ මතවැටී සිටි  ඇති පුද්ගලයා මෙම නිවසේ පදිංචි     තොම් මයා හකුරු සුජිත් කුමාරගේ බව අසල්වැසි කාන්තාව  හා ඇයගේ පුත්‍රයා විසින් හඳුනාගෙන ඇත.

මේ ආකාරයට ඝාතනය කර ඇත්තේ,මියගොස් ඇත්තේ කරන්දෙණිය මණ්ඩකන්ද පදිංචි තොම්මයා හකුරු සුජිත් කුමාර හෙවත් පොල් කට්ටා නැමති 42 හැවිරිදි කුරුඳු තැලූම් කරුවෙකු වන විවාහක අයෙකි.මුහුණේ දකුණු පැත්තේ වෙඩි සලකුණකට සමාන තුවාලයක් සහිතව නිවෙසේ ඇඳ මත එම පුද්ගලයා මිය ගොස් සිටි බව පොලීසිය කියයි. 119  පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී මිදුලේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවද පොලීසිය කියයි.මිය ගිය පුද්ගලයා බිරිඳගෙන් වෙන්වී මීට මාස හතරකට පමණ පෙර සිය විදේශගතව සිටින ඥාතියෙකුගේ අනුරුද්ධගම පිහිටි නිවෙසක තාවකාලිකව නැවතී සිටි බවට තොරතුරු අනාවරණය කරගත් බව පොලීසිය පවසයි.මෙම ඝාතනය වෙඩි තැබීමක් නිසා සිදු වූයේ දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන්, මහේත‍්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණ

මෙසේ දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ ඇත.  මියගිය අය මෙම නිවසේ  තනිව ජීවත් ව සිටි අතර ඔහුගේ බිරිඳ දැනට  වසර දහයකට  පෙර ඔහුගෙන් වෙන්ව ගොස් ඇත. ඔහුට  දියණියක් සිටින අතර ඇය ද වෙනත් ප්‍රදේශයක ජීවත් වේ.  මියගිය අයගේ වයස අවුරුදු හතලිස් දෙකක් වන බව පොලිසිය සඳහන් කරයි.හිසට වූ තුවාල හේතුකොටගෙන මෙම මරණය සිදුවී ඇති බවට පොලිසිය සැක කරයි. ඝාතනය  සම්බන්ධව මේතාක් නිශ්චිත තොරතුරක් නොමැති අතර ඇල්පිටිය නොවිසඳුණු අපරාධ ඒකකය විසින්  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මියගිය අය වෘත්තීය වශයෙන් කුරුදු තැලීම හා පෙදරේරු වැඩ කළ බව ප්‍රදේශවාසීන් පවසයි. වසර කිහිපයකට පෙර  ඔහුගේ පවුලේ ඥාතීන් තිදෙනකුම ඝාතනය කර ඇත. මියගිය තොම්මයා හකුරු සුජිත් කුමාරගේ ඝාතනය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය 28 වෙනි දින පෙරවරුවේ  ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ  මහතා විසින් පැවැත් වූ අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ඇල්පිටිය මූලික රෝහලේ  අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම්ට පොලීසියට උපදෙස් දෙන ලදී.

සිද්ධිය පිළිබඳව ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක  අජිත්  ප්‍රසන්න මහතාගේ මෙහෙයවීම මත අපරාධවිමර්ශන  අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනක සම්පත්  උප පොලිස් පරීක්ෂක සුජීව මෙන්ඩිස් පොලිස්  සැරයන්වරුන් වන ගුණරත්න(6992) නිහාල්(13723) සහ කොස්තාපල් නලින්(72647) රවින්ද්‍ර(26996)සම්පත්(72648)  යන නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *