අධිකරණය ස්වාධීන කළේ යහපාලන රජයයි. රාජිතට අධිකරණය ලබාදුන් තීරණයත් ස්වාධීන තීන්දුවක් -එඩ්වඩ් ගුණසේකර

අධිකරණය ස්වාධීන කළේ යහපාලන රජයයි. රාජිතට අධිකරණය ලබාදුන් තීරණයත් ස්වාධීන තීන්දුවක් -එඩ්වඩ් ගුණසේකර

අධිකරණය ස්වාධීනයි. රාජිත සේනාරත්නට ලබාදුන් ඇප අවලංගු කිරීමේ තීරණයත් ස්වාධීනයි. අපි එයට ගරු කළ යුතු බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායක එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ සමගි ජනබලවේගය කාර්යාලයේදීය. මේ ඔහුගේ අදහස්

රාජිත සේනාරත්නට ඇප දුන්නෙත් අධිකරණය. ඇප අවලංගු කරල තියෙන්නෙත් අද අධිකරණය. මේ රටේ අධිකරණය අපි ස්වාධීන කරලා තියනවා. අධිකරණ තීන්දුවට ඉතා වැදගත් ලෙස ගරු කළ යුතුයි

ඒක ගැන අපි කොහොමද විවේචනය කරන්නේ මේක ස්වාධීන අධිකරණයක්, පසුගිය කාලයේ අපේ අගමැති අයින් කළා, නීති විශාරදයෝ ඒ වෙනුවෙන් පෙනී හිටියත් අපි අධිකරණ ගිය විට අධිකරණය එය නීති විරෝධී බව ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ කිසිවෙකුට යටනොවී අධිකරණය ස්වාධීන තීරණයක් අරගෙන තිබුණා. ඒක පක්ෂ පක්ෂග්‍රාහි තීරණයක් නොවේ…

පසුගිය යහපාලන රජයේ වැදගත් තීරණයක් තමයි අධිකරණය ස්වාධීන කිරීම. ඒක මේ රටේ ජනතාව දිනාගත් ජයග්‍රහණයක්. ඒවගේම තමා අධිකරණයේ අනිකුත් තීරණත් ස්වාධීනයි,ඉතින් ඒක අපි පිළිගත යුතුයි හරි දෙයක් කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *