වැඩ බැරි ආණ්ඩුව රට විපතට පත් කරලා මිනිස් ජිවිත තුට්ටුවට දමලා ඉවරයි

කෑගල්ල සමන් විජය බණ්ඩාර

මේ වන විට කොරෝනා දෙවැනි රැල්ල රටම බිලි අරගෙන හමාරයි. මේ වර්තමාන රජය පි.සී.ආර් පරික්ෂණ කරනවා වෙනුවට ඒ අය ජන්ද සමීක්ෂණ කරනවා. කොරෝනාවට විරුද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා වෙනුවට ජන්ද මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. වර්මාන රජය වෛද්‍ය නිලධාරින්ගේ රජයට සවන් දෙන්නට ඔනෑ. ඒ වාගේම දින තිහක් කොරෝනා කමිටුව නිවාඩු අරන් දැන් මහජන සෞඛ්‍ය මහත්වරුන් කියනවා. මේ වතාවරණය තුල මැතිවරණයක් තියන්නට බැරියැයි කියලා. ආණ්ඩුව රට විපතට පත් කරලා මිනිස් ජිවිත වලට වැඩිය ඒ අය ලොකු කරගෙන දගලනවා තුනෙන් දෙක යැයි සමගි ජනබලවේගයේ නායක සජ්ත් ප්‍රේමදාස මහතා මාවනැල්ලේ විනස් ශාලාවේ පැවැති ජනහමුවේදි ඊයේ 14 පස්වරුවේ පැවසිය.

සමගි ජනබලවේගයේ ජයතහවුරු කිරිම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය කෙන්ද්‍රකොට ගෙන එම දිනයේ දැදිගම, ගලිගමුව, වරකාපොල, රඹුක්කන, අරණායක, මාවනැල්ල යන ප්‍රදේශ රැසක ජනරැළි කිහිපයක්ම හිටපු අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබු අතර මාවනැල්ල ජන රැළියට සජිත් ප්‍රේමදාස මහතා පස්වරු 7 පසු වි සහභාගි විමෙන් පසුව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසිය.

ආරම්භයේදිම මම කියන්න කැමැතියි. කබිර් හෂිම් මැතිතුමා ඉතාමත් එඩිතරව ඒ වාගේම දැඩි ඔනෑ කමකින් ජනාධිපතිවරණ අපෙක්ෂකත්වය මා වෙත ලබා දිය යුතු බව තරයේ විශ්වාස කරා පමණක් නොවෙයි ඒ වෙනුවෙන් බොහෝම තේජස් වන්තව ඉදිරිපත් වුන පුද්ගලයෙක්. ඒ නිසා කබිර් හෂිම් මැතිතුමා අප වෙත එම අපෙක්ෂකත්වය ලබා දිමේදි කටයුතු කර අකාරය මම කිසිම දවසක අමතක කරන්නේ නැහැ. ප්‍රේමදාසලා කියන්නේ කෙලේ ගුණ දන්න පුද්ගලයන්. කෙලෙහි ගුණ දත් පුද්ගලයන් හැටියට කබිර් හෂිම් මැතිතුමාව. අනිවාර්යෙන්ම අපි රැක ගන්නවා කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඔනෑ.

අපි ඉතිහාසය දිහා පොඩ්ඩක් හැරිලා බලනකොට මට මතකයි එක වරක් මාගේ පියාගෙනුත් අපේ කබිර් හෂිම් මහතාගේ පියාණන්ට එක වේලාවක අසාධාරණයක් වුනා. එක දැනගත්ත මොහොතේ සිට මම හිතා ගත්තා ඒ වුන අසාධාරණය පුතා නිවැරදි කරන්න ඔනෑ කියලා. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමැතියි කබිර් හෂිම් මැතිතුමා වෙනුවෙන් අප සිටිනවා. එතුමාව ශක්තිමත් කරනවා එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න කියලා අපි මාවනැල්ල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හිතාදර මිත්‍රවරුනි.

කබිර් හෂිම් මහතා සමග අපි හැමදාම සාකජ්ජාවක සංවාදයක නියලෙනවා. සමගි ජනබලවේගයේ තීන්දු තිරණ ගැනිමේදි ආර්ථීක විෂය පිළිබඳ තීන්දු තීරණ ගැනිමේදි එතුමාගේ අදහස් උදහස් ඉතාම වැදගත් වෙනවා. විශෙAෂයෙන්ම එතුමා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කලා.

ඒ යෝජනාව තමයි සමගි ජනබලවේගයේ ජයග්‍රහණයත් සමග කෙලෙහි ගුණ දක්වන වැඩසටහන පළවෙනි දවසේ සිටම ක්‍රියාත්මක වෙන්නට ඔනෑ. අද වන විට මේ මොහොත වන විට රාජ්‍ය ආයතන රැසක අපේ යෞවන යෞවනියන් තරුණ තරුණියක් රැකියාවෙන් පිටමන් කරලා මහ පාරට ඇද දමලා මිත්‍රවරුනි අපි වැඩි දුර බලන්නේ නැහැ. ආණ්ඩුව පිහිටවලා සති දෙකක් ඇතුලත රැකියා වලින් අයින් කරපු සියලූ දෙනාට රැකියා ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමැතියි.

එපමණක් නොවෙයි එතුමා ඉදිරිපත් කරපු වැදලත් වැඩසටහනක් මම හොඳට ඔලූවේ තියා ගත්තා ඒ වැදගත් වැඩසටහන වන්නේ අපේ රටේ ග්‍රාම සේවා වසම් 14022 ක අඩුම ගානේ වසමකින් දහ දෙනා බැගින් හෝ අපි රැකියා ලබා දිමේ වැඩසටහන අපි ආරම්භ කරන්න ඔනෑ.
ඒ නිසා ආරම්භක පියවරක් හැටියට අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. අපේ රට පුරා තිඛෙන ග්‍රාම සේවා වසම් 14022 ම අඩුම ගානේ වසමකින් දහ දෙනෙක් රජයේ රැකියා ලබා දෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බව.

එදා නොවැම්බර් මාසයේ පැවැති ජනාධීපතිවරණයේදි තිබුණු ආණ්ඩුව වෙනස් කරලා අලූත් ආණ්ඩුවක් බිහිකිරිම ගැන රටේ ජනතාව බොරුවෙන් මං මුලා කරලා රටේ ජනතාව රවට්ටලා විශෙAෂයෙන්ම සැබෑ වෙනස තුළින් රටේ ජනතාවට දක්ෂ පාලනයක් බිහි කරනවා කියලා තමයි ජනතාවට ඉදිරිපත් කරපු වැඩපිළිවෙලෙහි ප්‍රධාන වශයෙන් තිබුණේ.

සෞභාගයේ ඉදිරි දැක්ම කියලා තමයි ජනතාව අතරට ඒ වැඩ පිළීවෙල ගෙන ගියේ. මිත්‍රවරුනි දැන් අපිට ප්‍රශ්න කරන්න තියෙනවා වර්තමාන ආණ්ඩුවට ඉදිරි දැක්මක් තියෙනවාද ? වර්තමාන ආණ්ඩුවට සෞභාගයක් නිර්මාණය කිරිමේ වැඩපිළිවෙලක් තියෙනවාද ? ඇත්ත වශයෙන්ම නැහැ.

මේ වන විට කොරෝනා දෙවැනි රැල්ල රට බිලි අරගෙන හමාරයි. මේ වර්තමාන රජය පි.සී.ආර් පරික්ෂණ කරනවා වෙනුවට ඒ අය ජන්ද සමීක්ෂණ කරනවා. කොරෝනාවට විරුද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා වෙනුවට ජන්ද මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. වර්මාන රජය වෛද්‍ය නිලධාරින්ගේ රජයට සවන් දෙන්නට ඔනෑ. දින තිහක් කොරෝනා කමිටුව නිවාඩු අරන් තියෙනවා. මහජන සෞඛ්‍ය මහත්වරුන් කියනවා. මේ වතාවරණය තුල මැතිවරණයක් තියන්නට බැරියැයි කියලා. විශAව විද්‍යාල සමග තර්ක විතර්ක කරනවා. මම කියනවා වැඩ බැරි ආණ්ඩුව රට විපතට පත් කරලා. විපතට පත් කරලා තියෙන්නේ මිනිස් ජිවිත වලට වැඩිය ඒ අයට ලොකු වේලා තියෙනවා තුනෙන් දෙක.

මිත්‍රවරුනි මම තරයේ විශAවාස කරනවා. එලබේන මැතිවරණයේදි මේ රටේ පොදු ජනතාව හොඳ පාඩමක් මේ ආණ්ඩුවට උගන්නවනවා ඒ පාඩම තමයි මැතිවරණ පැත්තකට දමලා තුනෙන් දෙකේ කතා පැත්තකට දමලා මම තමුන්වහන්සේලාට ප්‍රකාශ කරනවා රට ගැන හිතන ජනතාව ගැන හිතන පොදු ජන හද ගැස්ම හදුනන හදවතක් ඇති ආණ්ඩුවක් මේ මහ මැතිවරණයේදි බිහි කරන්න බව.

පොදුජනතාවගේ හදවත දන්න පොදුජනතාවගේ සිතුම් පැතුම් හදුනන දුකට පත් වි සිටින ජනතාවට සෙත සණසන එකම දේශපාලන බලවේගය දුරකථනයෙන් තරග කරන සමගි ජනබලවේගයයි කියලා මේ අවස්ථාවේ මම තමුන්වහන්සේලාට කියන්න කැමැතියි.

හිතාදර මිත්‍රවරුනි අපි තමුන්වහන්සේලාට කියන්න කැමැතියි. ආණ්ඩුව බිහිකරපු වහාම ක්‍රීයාත්මක කරන ප්‍රධාන ක්‍රියාදාමය පළමුවෙන්ම කියන්න කැමැතියි මේ මහා ආර්ථීක අවපාතයෙන් ගොඩ එමට නම් ලෝකයේම ආර්ථීක විශෙAෂඥයින් පිළිගත් වැඩපිළිවෙල මිනිසුන්ගේ අතට සල්ලි ලබා දෙන්නට ඔනෑ එතකොට තමයි ආයෝජනය ඉතිරි කිරිම පාර්භෝජනය තුළින් රටේ ආර්ථීකය ඉහළට එන්නේ.

මාවනැල්ල මැතිවරණ කොට්ටාශයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවියෙන් පෝෂණය වු අකාරය තමුන්වහන්සේලා දන්නවා. මම තමුන්වහන්සේලාට පැහැදිලිව ප්‍රකාශ කරනවා. ජන සමාජයේ කුලියට වැඩ කරන අසරණ ජිවිත ගත කරන ස්වයං රැකියා කරන ජන සමාජයේ අසරණම කොට්ඨාංශය ග්‍රාමිය නාගරික දුප්පත් ජනතාව එදිනෙදා ජිවිකාව බොහෝම අමාරුවෙන් කරගෙන යන දිනපතා වැඩ කරන ජනතාව නැතිනම් මේ ජනසමාජයේ අසරණම කොට්ඨාංශයට අපි අනිවාර්යෙන්ම අර්ථීකය ඉහළ තත්වයකට එන තෙක් මසකට එම පවුලකට රුපියල් විසිදහසක් ලබා දෙන්නට අප කටයුතු කරනවා.

මේ විසිදහසක මුදල ලබා දෙන්නේ එක එක්කෙනාට ගිහිල්ලා තැබැරුම් තුළින් සාත්තු සම්පායම් වෙන්න නම් නෙවෙයි. අපි පැහැදිලි වැඩ පිළිවෙලකත් ඇතිව මේ වැඩ සටහන පවුලේ ගෘහණිය කෙන්ද්‍ර කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන ලබා දෙන මුදල හරියාකාරව ආර්ථීක පුනර්ජිවනයක් ඇති කිරිම උදෙසා ඒ වැඩපිළීවෙල අපි ක්‍රියාත්මක කරන්න.

දේශපාලන කුහකයන් දැන් ප්‍රශ්න කරනවා සල්ලි කොහෙන්ද කියලා. දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් රටේ ක්‍රියාත්ම වෙනකොට මාගේ පියාණන් හතලිස්තුන් ලක්ෂයකට නිලඇදුම් දුන්නා. දුප්පත් දුවාදරුවන්ට දිවා ආහාරය දුන්නා, ගෙවල් හැදුවා, ඇගලූම් කර්මාන්ත ශාලා ආරම්භ කලා, ගම්උදා නිර්මාණය කලා, ජංගම සේවා ක්‍රියාත්මක කලා, මාවනැල්ලේ වාගේ ජනසවිය ලබා දුන්නා. මිත්‍රවරුනි මේ සහා විශාල සේවයක් කරපු රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතාට ආර්ථීකය ගොඩනැගෙනකම් ජන සමාජයේ අර අසරණම ජන කොට්ඨාංශයට මසකට විසිදහස ලබා දෙන එක ඒ තරම් ලොකු දෙයක් නොයෙයි.

දේශාපන කොමිස් කාක්කෝ ටික මේ වැඩසටහනට විරුද්ධයි. එකට හේතුව විසිදහසසේ වැඩසහනින් පගා ගහන්න බැහැ, හොරා කන්න බැහැ, මංකොල්ල කන්න බැහැ අල්ලස් ගන්න බැහැ ඉවක් බවක් නැතිව මුදල් අපි දෙන්නේ නැහැ සැලසුම් සහගතව පිළීවෙලකට ක්‍රමානුකූලව කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තුළින් අපි මේ සහන ටික ලබා දෙන්නට සැදි පැහැදි සිටිනවා මිත්‍රවරුනි.

මේ ආනAඩුව තක තීරු තින්දුවක් අරන් තියෙනවා. ලෝකයේ තෙල් මිල පහල වැටෙනකොට පතුරටම වැටි තිඛෙන මොහොතක තව මාස 12 කට තෙල් මිල වෙනස් කරන්නේ නැතිලූ. රටේ ආදරණිය ජනතාවට කියන්න කැමැතියි අපි ආණ්ඩුව පිහිටවා පැය 24 ක් ඇතුලත තෙල් මිල පහල හෙලනවාමයි කියලා.

මිට සති කිහිපයකට පෙර පත්තර වල ලොකුවට හෙට් ලයින් ගහලා පත්තර වල පොල් ගෙඩි අකුරෙන් ලියලා පත්තර පිටුවෙයි මුල් පිටුවෙයි මේවා කියවලා මතකද මේ රටේ ජනතාවගේ සියට හතරේ සහාන පොලියට ණය ලබා දෙනවා කියලා කිවා නේද ?

සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට, ව්‍යාපාරකයන්ට, වෙළෙඳ ප්‍රජාවට සහ සාමන්‍ය ජනතාවට සියට හතරේ සහන පොලියට ණය ලබා දෙනවා කියලා කිවා. මම දැන් රට වටේ යනකොට හැම රැස්විමකම පුංචි සමීක්ෂණයක් කරනවා. මම සොයා බලනවා. කී දෙනෙක් මේ සියට හතරේ මේ සහන ණය ලබා ගෙන තියෙනවා ද කියලා මේ ආණ්ඩුවෙන් කියලා.

මිත්‍රවරුනි මම තමුන්වහන්සේලාට පොරොන්දුවක් දෙනවා. මෙවර ආණ්ඩුව පිහිටවලා සති හතරක් ඇතුලත මම බලාපොරෝත්තු වෙනවා කබිර් හෂිම් මැතිතුමාගේ නායකත්වයෙන් මේ මාවනැල්ල පුරවරයට ඇවිල්ලා මාගේම අතින් සියට හතරේ සහන ණය ලබා දෙන්න. ඒ වාගේම කෑගල්ලේ තුන් කෝරළයේ හතර කෝරළයේ ජනතාවටත් ලබා දෙන්න කටයුතු කරනවා.

තමුන්වහන්සේලා දන්නවා රජය නියෝජනය කරන ඇමැතිවරයෙක් රජයේම නාලිකාවක ඔබතුමල්ලාට මතකද ප්‍රකාශ කරා මාර්තු අප්‍රේල් විදුලි බිල් කපා හරිනවා කියලා කිවා නේද ? එහෙම වුනේ නැහැ මැයි මාසයෙත් බිල ආවා නේද දැන් සනීපද ? සන්තෝෂද ? සතුටුද ? අවසානයට මං අහන්න කැමැතියි සැපද ? මං අහන්න කැමැතියි මිත්‍රවරුනි මැයි මාසයේ බිල එනකොට මාර්තු අප්‍රේල් විදුලි බිල කපා හැරලා මැයි මාසයට විතරක් බිල ආපු අය ඉන්නවාද ? මාර්තු අප්‍රේල් මැයි මාස වල එකට එකතු වේලා බිල් ආපු අය ඉන්නවා නේද ? මෙන්න මිත්‍රවරුනි ආණ්ඩුවේ පෝඩාව ආණ්ුඩුවේ රැවටිල්ල. අපි බලයට පත් වු වහාම මාර්තු අප්‍රේල් බිල් වලට දාපු සල්ලි නැවත ලබා දෙනවා කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *