කිරිගවයන් ගෙන්වීම වංචාවක් පසුගිය රජයන් දෙකම ගොවියා අනාථ කළා

මෙරට අති අසාර්ථක ව්‍යාප්තියක් වශයෙන් ප්‍රචලිත කිරිගවයන් මෙරටට ගෙන්වා ගැනීම නිසා මෙරට ජාතික ධනය විශාල ප්‍රමාණයක් පිල්ලි ගසා ඇති බවත් මෙවැනි පල රහිත අසාර්ථක ව්‍යාප්ති මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ කුමක් සදහාද යන්න ගැටළුවක් බවත් මේ තුල විශාල මුල්‍ය වංචා සිදුවන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සදහා කරයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා සදහන් කලේ කිරිගවයන් 2500 ගෙන එම සදහා කැබිනට් අනුමැතිය ලැබුණු බව සදහන කරන ලදී

ඒ බව අනාවරණය වන්නේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී සමකැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කළ අනාවරණයෙනි.ඒ අනුව කිරි ගවයින් 2500ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර කිරි ගවයින් ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගෙනැවිත් නොගැලපෙන කාලගුණය හේතුවෙන් කිරි ගවයින් සමූහ වශයෙන් මියගොස් වසරක් යාමටත් මත්තෙන් මෙම තීරණය ප්‍රකාශ කිරීම ය.

එලෙස මීට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවත් පසුව රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් මෙරටට ආනයන කළ කිරි ගවයින් ගැන බොරු සහතික ලබාදී ගොවීන් වෙත මුදලට ලබාදුන් බවත් බලධාරීන් පැවසූ පරිදි එම කිරි ගවයින්ගෙන් ප්‍රයෝජනයක් නොවූ බවත් විවිධ ලෙඩ රෝග නිසා එම කිරි ගවයින් මිය ගිය බවත් ඒ හේතුවෙන් තමන්ට බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිය විශාල වශයෙන් ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වූ බවත් ගොවියෝ පවසති.මෙරට නොතිබුණු රෝග පවා එම කිරි ගවයින්ට වැලඳී තිබූ බැවින් එම රෝග මෙරට ගවයින්ටද බෝ වුන බවත් ගොවියෝ පවසති.කෙසේ වෙතත් අද උදෑසන කැබිනට් මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ⁣මෙම තීරණය දේශීය කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තියේ එක් කොටසක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *