නීතිවිරෝධී ආණ්ඩුව රැකෙන්නේ කළු මාධ්‍ය ජාලයක බලයෙන්

ව්‍යවස්ථාව උල්ලංගනය සම්බන්ධයෙන් එකදු වචනයක් කථා කලේ නැහැ

අද නීතිවිරෝධී ආණ්ඩුව රැකෙන්නේ කළු මාධ්‍ය ජාලයක බලයෙන් මෙම නීති විරෝධී කටයුත්තේදී මෙරට මාධ්‍ය සියල්ලම කටයුතු කලේ සිරස්තල දැම්මේ තම තමන්ගේ හිතේ තියෙන දේ මිසක් ව්‍යවස්ථාව උල්ලංගනය සම්බන්ධයෙන් එකදු වචනයක් කථා කලේ නැහැ මේ අටවගන්නේ රට පාලනය කරන්න ආණ්ඩුවක් කියනවාට වඩා අලුත් අගමැති කෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් තමයි කථා කලේ මේ නිසා මෙරට කළු සල්ලි වලින් දුවන කළු මාධ්‍ය කලාව රටෙන්ම අතුගා දැමිය යුතුමයි.ඒ සදහා මේ රටේ සියලු උගතුන් බුද්ධිමතුන් මේ පාර්ලිමේන්තුවට මාසයක් හරි කැදවලා සාකච්චා කල යුතුයි. මේ රටේ ගොඩනැගිල තියෙන මේ මජර දේශපාලන ගමනට සියලු දෙනා එකතුව තිත තියන්න ඕන.මේ පනින විදිය දැක්කම අපිට හිතෙන්නේ මෙයාලගේ සීයලා කැන්ගරු වන්ද කියලා තවත් අය ප්‍රසිඩන්ට් කවුන්සිලර් නොව පනින කවුන්සිලර් එජාපයට ලැජ්ජා නැති වුනාට අපිට නම් ලැජ්ජාව තියෙනවා මේ සියල්ල සම්බන්ධයෙන් අපේ රටේ මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් අපිට හිරිකිතයක් තියෙනවා රටේ පාර්ලිමේන්තුවෙන්ද, රටේ මහජනතාවගෙන්ද, සියළුම ජාත්‍යන්තරයෙන්ද මේ ආණ්ඩුව විසිවී තිබෙන බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *