පොලිස්පති පාසලට ගිහින් හැසිරුනේ කොකේන් ගහල වගේ

ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණය පිටුපස අගමැති ඉන්නවා

පසු ගිය දින කිහිපය පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ ජනපති හා ගෝඨාභය ඝාතන තැත සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් සිදුකල යුතු බවත් මෙයට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට රැගෙන අයුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.එතුමා වඩ වඩාත් ආරක්ෂා විය යුතුයි මේ මිනිහා වහාම අත්අඩංගුවට අරගෙන වැඩ තහනම් කරන්න තිබුනේ මේ පොලිස් පතිට කිසි දෙයක් කියල වැඩක් නැහැ මිනිහා DIG වෙන්න දෙපු සහතිකත් බොරු පොලිස්පති පාසලට ගිහින් හැසිරුනේ කොකේන් ගහල වගේ

මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ පසුපස ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.ඒ නිසා වහාම නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටී.මේ වන විට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව හා නාවික හමුදා සෙබළුන් යොදවමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *