වඳුරු අම්මා බේරා ගන්නට ගිය මිනිස් අම්මා මිය ගියාය!!!

හිනිදුම මහබෝධිවත්ත ප්‍රදේශයේ වඳුරු රංචුවක් මේවන විටත් දැකිය හැකි විය.මේ වදුරු රංචුවේ වැදිරියෝ සිටියෝ ය.වඳුරු අම්මාවරුන්ට තුරුළු වු වඳුරු දරුවෝ බලා සිටිනුයේ තම අම්මලාගේ බඩට තුරුව වී පාර හරහා පනින්නටය.එක් වරම වඳුරු රංචුව පාර හරහා පනින්නට වූහ.මාර්ගයේ ධාවනය වු යතුරු පැදි කාරිණියට කළ යුත්තේ කුමක්ද යන්න සිත ගත නොහැකි වුවාය.

ඇයද අම්මා කෙනෙකි. ඇගේ ඇය පදවන යතුරු පැදිය පසුපස අසුණේ සිටින්නේ ඇයගේ දියණියයි.යතුරු පැදියට ගැටෙන්නට යන වැඳිරියන්ගේ බඩ බැඳගෙන සිටින්නේ වඳුරු පැටව් ගණනාවකි.වඳුරු වැදරියන්ද මා මෙන් අම්මා කෙනෙකි. ඇයට ක්ෂණිකවම කල්පනාවට ආවාය. කල යුත්තේ කුමක් ද ? යතුරු පැදි කාරිණිය වහා වැඳිරියන් බේරා ගන්නට කටයුතු කළාය. සිදු වුයේ අනතුරකි.

එක්වර තිරිංග තඳ කිරීම නිසා මිනිස් අම්මා හා දුව යතුරු පැදිය පෙරලි ගොස් පාර මැද මර හඩතලාගෙන සබ්ධයක්ද ඇතිව බිම පතිත වූවාය. සිදුවු අනතුර නිසා මේ මව ද දියණිය ද ගාල්ල හිනිදුම රෝහලට ඇතුලත් කළාය. නමුත්, සිදු වුයේ කුමක්ද ? මේ කතාන්දරය වඩාත් අනුවේදනීය ආකාරයෙන් ආරම්භය සටහන් වන්නේ මේ ආකාරටය.

සත්ව කරුණාව විවිධ අය දකිනා ආකාරය විවිධාකාරයි. අයෙක් සතුන්ට සලකන්නේ අනෙක් මනුෂ්‍යයන්ට සලකනාවටත් වඩා ඉහළින්. තවත් අයෙක් සලකන්නෙ සතෙක් විදියට. තව කෙනෙක් සතෙක් කියන්නෙ පහත් ප්‍රාණීයෙක් යයි සලකා තමන් නියම කරගත් තත්ත්වයකින් පහත් ලෙස සලකයි. ඉතිං අපේ කතාන්දරයේ මේ කත නායිකාව සිදු කලේද අසීමිත දරු කරුණාව නිසා තම ජීවිතයට සමු දිමක්ද යන්න සිතේ. මේ සමුදීම වූකළි තම දරුවාටත් වඩා වඳුරු දරුවන් ආරක්ෂාව දීමක්ද යන්න එක් වරක් නොව දෙවරක්ම සිතිය යුතුව තිබේ.

මිනිස් අත්බැවයක් ලබා තිබෙනවා කියලා කියන්නේ තිරිසන් අත්බැවයට වඩා උසස් ගුණයකින් යුතු අත්බැවයක් ලබා තිබෙනවා යන්නයි.  ඉතින් මිනිසෙක් වශයෙන් ඔබ විසින් තිරිසන් සත්වයෙකුට යම් උපකාරයක් කරන විට ඒ තිරිසන් සත්වයා ඔබ කෙරෙහි ඇතිවන පැහැදීමම ඒ සත්වයාට යහපත් අත්බැවයක් සකස් කරන්නට තරම් හේතු වන ශක්තියක් වේ ඇය එසේ සිතුවාය. මෙන්න මේ කරුණම වැඩි දියුණු කොට ඒ සත්වයන්ට යහපතක් කරදීම තමයි සැබෑ සත්ව කරුණාව තුළ ගැබ්වන අදහස ඇය සිතන්නට ඇත.

හිනිදුම පොලිස් බල ප්‍රදේශයේ පනංගල පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් පසුගිය  21 වන දින තම දියණිය උපකාරක පන්ති රැගෙන යමින් සිටිය දී ඔවුන් ගමන්ගත් යතුරු පැදියට වඳුරෙකු පැනීම නිසා සුළු තුවාල ලබා හිනිදුම රෝහලේ ප්‍රතිකාර ලබා එදිනම නිවසට ගොස් පසු දින රක්ෂණ වන්දි  ලබා ගැනීම සඳහා හිනිදුම පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේදී කලන්තෙ ගතියක් ඇතිවී උඩුගම රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් 22 දින මියගොස් ඇති බව හිනිඳුම පොලිසියෙන් අසන්නට ලැබිනේ මේ අම්මා කළ පරිත්‍රාගය නිසාය. වදුරු දරැවන් බේරාගන්නට ගොස් තම චීවිතය පූජාකළ  උතුම්වු මාතාවක් ලෙස ඇය  ඉතිහාසයට එක් වන්නීය.

එම හදිසි මරණයේ මරණ පරික්ෂණ කටයුතු පැවැත්වු අවස්ථාවේ මරණකාරිය සමඟ යතුරු පැදියේ ගමන් ගත් 17 හැවිරිදි දියණිය වන පේදුරුමෙරින්දගේ සදුනි මෙකලා එසේ කිවාය.

මිය ගොස් ඇත්තේ කාරියවසම් කොටුකොලිය ගමගේ මල්කාන්ති (39) නැමති පනන්ගල බටහිර පනන්ගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ  හිනිදුම මහබෝධිවත්ත හන්දියේ දි මෙම අනතුර සිදු වනා.

මියගිය තැනැත්තියගේ හදිසිමරණ පරික්ෂණය හිනිදුම  පනන්ගල කොට්ඨාසයේ හදිසිමරණ පරික්ෂක කේ.එච්.ඒ හේමානන්ද මහතා විසින් සිදුකරණු ලැබිය.එහි දී සාක්ෂිකාරිය තවදුරටත්  සාක්ෂිදෙමින් මෙසේ ද කිවාය.

මා උඩුගම පංතියකට යාම සඳහා අම්මා සමඟ යතුරු පැදියෙන් ආවා. ඒ යන අතරේ යතුරු පැදිය ඉදිරියට වඳුරු රංචුවක් පැන්නා. වඳුරා බෙරාගන්න ගියවිට යතුර පැදිය පෙරලුනා. මා පාසල් යනවා. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා.මා උඩුගම පංතියකට යාම සදහා අම්මා සමග යතුරු  පැදියෙන් ආවා. ඒ යන අතරේ යතුරු පැදිය ඉදිරියට වඳුරෙක් පැන්නා. වදුරන් බෙරාගන්න ගියවිට යතුර පැදිය පෙරලුනා. යතුරු  පැදිය පැද්දේ අම්මා.අම්මාත් මමත් බිම වැටුනා.මගේ දකුණු අත  ටික්ක හිරුනා.අම්මා නැගිට්ටා. ආයිමත් වැටුනා. ත්‍රිරෝද රථයකින් අම්මා හිනිදුම රෝහලට රැගෙන ගියා. තාත්තා මගුල් ගෙදරක ගොස් සිටියා. අම්මා රෝහලේ නවතා  ගත්තා.මාත් රෝහලේ නතරවුනා .22  වැනි  දින උදේ 10.30ට විතර  රෝහලෙන් ටිකට් කැපුවා .මම ගෙදර ආවා.අම්මා නිවස අසල අක්කා කෙනෙකු සමඟ  හිනිදුම පොලිසියට ගියා  රක්ෂණ සමාගමට වාර්තාවක් ගන්න. 

පොලිසියේ දි අම්මාට කිහිප විටක් ක්ලාන්ත වි තිබුනා. පොලිසියෙන් ජංගම ගිලන් රථයකින් අම්මා නැවත හිනිදුම රෝහලට ඇතුලත් කළා.එදින පස්වරු 2.00ට පමණ  අම්මා උඩුගම රෝහලට මාරු කරලා තිබුනා.මාත් තාත්තාත් හවස රෝහලට එන්න සුදානම් වෙමින් සිටිය දී  තාත්තාට දුරකථන ඇමතුමක් ලැබුනා. තාත්තා කෑ ගහන්න පටන්ගත්තා. අම්මා මියගොස් ඇති බව දැන ගත්තා.පසුව රෝහලට ආවා .

මියගිය තැනැත්තියගේ සැමියාවන  පෙදුරුමෙරුම්ගේ සුමිත්ද සිල්වා (44)  සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවසීය.

මගේ රැකියාව කුරුදු තැලිම.මා විවාහකයි. විවාහ වි දැනට අවුරුදු 18ක් පමණ වෙනවා. අපිට දරුවන් දෙදෙනෙකු ඉන්නවා . ඔවුන් ඉගෙන ගන්නවා.කාරියවසම් කොටුකොලිය ගමගේ මල්කාන්ති මගේ බිරිදයි. ඇයට කිසිදු අසනිපයක් තිබුණේ නැහැ. ඇය  රැකියාවක් කළේ නැහැ. ගෙදර වැඩකරගෙන හිටියා.පසුගිය 21 වැනිදින හවස  බිරිද දුව යතුරු පැදියෙන් පංතියකට රැගෙන යන අතරතුරේ දී හිනිදුම මහබෝධිවත්ත අසලදි වඳුරු රංචුවක් පැනලා යතුරු පැදිය පෙරලි බිමට වැටි තියෙනවා. දුවට තුවාලයක් වි තිබුණේ නැහැ. බිරිදට සුළු තුවාල තිබුනා.දකුණු පාදයේ තරමක තුවාල තිබුණා.මම ඒ අවස්ථවේ හිටියේ ඌරගහ ප්‍රදේශයේ මගුල් ගෙදරක. බිරිද යතුරු පැදිය ඒ අසල නිවසක දමා දුවත් සමඟ ත්‍රිරෝද රථයකින් හිනිදුම රෝහලට ගොස් තියෙනවා. බිරිද රෝහලේ නතරකරගෙන තිබුනා. දුව දුරකථනයෙන් කථාකොට මේ සිද්ධිය ගැන කිවා. මා රාත්‍රියේම රෝහලට ගියා. තුවාල හැරෙන්න වෙන කිසිදු  අමාරුවක් තිබුනේ නැහැ.පසුදින උදැසන රෝහලට ගියා වෙනත් අමාරුවක් තිබුනේ නැහැ.කිසිදු අමරුවකින් තොරව ඇය කථා කළා.අද දහවල් ටිකට්කපාවි කියලා කිවා.

මෙම අනතුර පිළිබද රක්ෂණ සමාගමේ උපදෙස් පරිදි පොලිසියෙන් පිටපතක් ලබාගන්න  ඕන කිවා .22 වැනි දින රෝහලෙන් ටිකට් කැපුවා.පසුව  බිරිද  හිනිදුම පොලිසියට ගියා. පොලිසියේ දි තුන්වතාවක් බිරිද සිහිසුන් වි තිබුනා. පොලිසිය මගින් ජංගම ගිලන් රථයෙන්  බිරිද හිනිදුම රෝහලට  රැගෙන ගොස් තිබුනා.හිනිදුම රෝහලින් එදින පස්වරු 2.00ට පමණ උඩුගම රෝහලට බිරිද මාරු කරලා තිබුනා.මම නිවසට වි  රෝහලට රැගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ සකස් කරමින් සිටියදී මට දුරකතන ඇමතුමක් ලැබුනා. බිරිද රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය බව දැනුම් දුන්නා.21 වැනි දින වු හදිසි  අනතුරෙන්  මරණය වෙන්න ඇති කියා මා විශ්වාසකරණවා.මරණය ගැන මට සැකයක් නැහැ.

පශ්චාත් මරණප පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා දේහය නිදහස් කොට මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබා දුන්නේය.

මානව වංශයේ උතුම් තැනක් කාන්තාව අත්පත් කර ගත්තේ ඇය අම්මා කෙනෙකු වූ නිසාය.අපේ කතාන්දරයේ කාරියවසම් කොටුකොලිය ගමගේ මල්කාන්ති ද එවන් රැහැණට අයත්ද යන්න සිතන්නට හැකිය. තම යතුරු පැදිය තිරිංග තද නොකර ඉදිරියටම ධාවනය කළා නම් සිදුවන්නේ වඳුරු අම්මාවරුන්ගේ මරනයන්ද වඳුරු දරුවන්ගේ ද මරණ වලින් කතාව අවසන් විමයි. නමුත් මල් කාන්ති අම්මා තම අනතුර වලක්වා නොගනිමින් වඳුරු දරුවන් බේරාගන්නට ගොස් මිය ගියාය.

ශ‍්‍රී ලාංකික කාන්තාව හෙවත් ගෘහණිය පවුලක කේන්ද්‍රීය චරිතය වන්නීය. සැමියාත් දරුවනුත් නිවහන ත් රැකබලා ගැනීම,ඥාති වර්ගයා හා අසල්වැසියන් සමඟ සම්බන්ධීකරණය ගෘහණියකගෙන් ඉටුවන මූලික මානව ධර්මතා වෙයි. සැමියා විසින් උපයන ධනය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් පවුලේ දියුණුව හා අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම මවකගෙන් ඉටුවන ඊළඟ වටිනා ම කාර්යභාරය බව මල් කාන්ති අවභෝධකර ගත්තාය. නමුත් ඒ සියලුලම ඇය වඳුරු දරු වම් වෙනුවෙන් තම මිනිස් පවුලේ භූමිකාව අතහැර දැම්මාය.

අම්මා යන වදන තුළ ආදරය,කරුණාව,රැකවරණය යන උතුම් මානව ගතිගුණ කැටි වී පවතී. අම්මා යන වදනින් සිංහල භාෂාව ද පෝෂණය වී ඇති අයුරු, නැසීගිය අරිසෙන් අහුබුදු සූරීන් පෙන්වා දුන්නේ මෙපරිද්දෙනි.

මෙලොවට එනවිට ඈ දෑගති ලකුණු පෙනී මවුකිරි සුවඳින් අම්මා වදනින් මවුබස වූ සිහලේ ආදරයේ උල්පත වූයේ අම්මා ය. කරුණාවේ නිධානය ද අම්මා වූවාය. මවකගේ ආදරය, සෙනෙහස සත් සමුදුර උතුරා යන තරම් යයි පැරණි ජන කවියකු පවසා තිබේ. ඊට සරිලන තවත් පර්යාය යෙදුමක් මිහිපිට නොමැති යයි සිතේ.

ඇතින්නියක් ලත් දරු පෙම්බරේ යා ……යන්න ඇය සිහිපත් කළා විය හැකිය.මවකට දරුවා සේ ම දරුවකුට ද මව තරම් උතුම් සම්පතක් රැකවරණයක් නොමැත්තේය.

නිල් අහස,මහ පොළොව සීමා කොට පවත්නා අසීමිත ජගත් සෞන්දර්යය දැකීමේ හා විඳීමේ වාසනාව අප උරුම කොට ගත්තේ අපේ අම්මා නිසාය. පෝයදාට පායන පුන්සඳ මෙන් ජීවන අඳුර දුරු කොට සිහිලස ලබා දෙන අම්මා ජාති ජාතිත් අපේම වේවා යනුවෙන් පුතකු කළ පැතුම,සියලූම පුතුන්ගේ පැතුම් කුළු ගැන්වීමක් වැන්න.දුප්පත් පොහොසත් භේදයෙන් තොරව, දරු පවුලක සෞභාග්‍යය රඳා පවතින්නේ අම්මා නිසාය. අම්මා නොමැති නිවහනේ වෙසෙන දරුවන් අනාථ වූවන් වැන්න.

තාත්තා සිටින නිසා දරු පවුලට ආරක්ෂාව ලැබෙයි නමුත් කරුණාව ආදරය මල්කාන්ති නැති නිවසේ මේ දරුවන්ට පැබේද නැත.? ඒ සියලුම ඇය කැපකර වඳුරු අම්මලාගේ වඳුරු දරුවන් බේරාගන්නට කටයුතු කළාය.ඒ නිසා මල් කාන්ති අම්මාට මල් තියා වදින්නටද යමෙක් කටයුත කරන්නේද එය සත්තකින්ම අගනේය.

අම්මා නොමැති කලේ අප්පා කවර කලේ  යන්න ඒ අත්දැකීම පැහැදිලි ලෙස ප‍්‍රකට කරන්නකි. අම්මා වියෝ වූ විට හෝ නිවසින් දුරබැහැරව ගිය විට හෝ ඒ නිවසේ වෙසෙන දරුවන් විඳින කායික හා මානසික පීඩනය අතිශය කටුකය.නිවසේ දරුවන්ට වෙන රැකවරණයක් ද නොමැත. සිතින් දුක් විඳින, අම්මා අහිමි දරුවන්නේ ඛේදනීය කණගාටුව මල්කාන්ති නැති නිසා මල් කාන්තිලාගේ දරුවෝ මේවන විට විදදරා ගෙන සිටිති.

අම්මා අකාලයේ මිය යෑම තරම් ඛේදවාචකයක් ඒ සිඟිත්තන්ට තවත් නොමැත. තමන් පෝෂණය කිරීම සඳහා පියා හා නෑසියන් කොතෙක් සිටිය ද, අම්මා නැති අඩුව ඔවුන්ගෙන් පිරිමසා ගත නොහැක.අහිමි වූ අම්මා සිහි කරමින් දරුවන් විඳින සාංකාව හා මුසු වූ දුක වේදනාව පිළිරැව් අදටද මේ නිවසේ නින්නාද වේ.

මේ අනුව වඳුරු දරුවන් බේරාගන්නට ගොස් තම ජීවිතය අහිමිකර ගත් මල් කාන්ති අම්මා සත්තකින්ම උතුම් වු අම්මා වරුන් අතර ඉදරියෙන්ම සිටින්නේය. අපි ඇයට නිවන් සුව පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *