මාකදුරේ මධුෂ්ගේ පළමු ඝාතනයේ සැගවුණු කථාව (සත්‍ය කතාවකි)

තමා ඝාතනය කරන බව ඩැනි හිත්තැටියගේ ඝාතනයට දින දෙකකට පෙර මාධ්‍යවේදීන්ට කියයි.

  • හිත්තැටියගේ මහතා අපිට කී මේ කතාව කිසිදු මාධ්‍යයක පල වුයේ නැත මේ ප්‍රථම මාධ්‍ය දැනුවත් කිරිමයි.
  • පාතාලයේ මාකදුරේ මදුෂ් තමා ඝාතනය කරන හැටි දින දෙකකට පෙර මංගල උත්සවයක දී දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනි හිත්තැටියගේ මහතා කී කතාව මෙන්න
  • මාකඳුරේ මධුෂ්ගේ පළමු මිනිස් බිල්ල
  • තමා ඝාතනය කරන බව ඩැනි හිත්තැටියගේ මහතා ඝාතනයට දින දෙකකට පෙර මාධ්‍ය වේ දීන්ට කියයි.

මාකඳුරේ මදුෂ්ගේ පළමු බිල්ල නැති නම් පළමු ඝාතනය වුයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්කැටියගේ මහතාය.ඒ මහතාට මාකඳුර නගරයේ දී වෙඩි තියන්නට දින දෙකකට පෙර මේ සටහන ලියන ලියුම් කරු සමඟ සම්මුඛ සාකච්ජාවක් පැවැත්වුයේ ඒ මහතාගේ මාකදුර සිය නිවසේ දීය.එවිට මෙම සටහන ලියන ලියුම් කරු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මධ්‍ය නිලධාරි වශයෙන් සේවය කරමින් සිටියේ ය.

(නිමල් අල්ගෙවත්ත,මාධ්‍ය නිලධාරි ,ශ්‍රි ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය නූපේ, මාතර.) ඒ වන විටත් මා ලංකාදිප පුවත් පතේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරමින් සිටි යේ ය.

හිත්තැටියගේ මහතාගේ රියදුරු වුයේ මංගලයි.මංගලගේ විවාහයට දින දෙකකි.එනම්  2006 ජුනි 09  දින අප මාකදුරේ ඩැනි හිත්තැටියගේ මහතාගේ නිවස අසලම මංගලගේ නිවස ද පිහිටියේය. මෙහි දී මංගලගේ විවාහ උත්සවයේ පිංතූර හා වීඩියෝ දසුන් ගන්නට මංගල මා හට බාර කළේය. මේ කටයුත්තට අමතරව විවාහ උත්සවය සංවිධානය කිරීමේ වගකීම ද මා හට භාර කෙරිණි.

මේ අනුව මංගලගේ මංගල උත්සවයට දින දෙකකට පෙර මාගේ මිතුරකු වු දිවයින පුවත් පතේ ගාල්ල මාධ්‍යවේ දී සමන් කුමාර කළුආරච්චි මහතා ද එක්ව මංගලගේ නිවසට ගියේ ය. මෙහි දී අපි මංගල උත්සවය සංවිධානය කරන අතර තුර අපේ සභාපති තුමා වු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනි හිත්තැටියගේ මහතාගේ නිවසට ගියේය.

ආගිය කතා කරන අතර තුර ඩැනි හිත්තැටියගේ මහතා කීවේ මගේ ජීවිත කතාව පත්තරයකට හොඳ විශේෂාංගයක් බවයි.

( මම රස්සාවට කලේ සිනි කරිංඤං සකස්කර විකුණා ඒ ආදායමෙන් ප්‍රදේශයේ පළාතේ මිනිසුන්ට උදව් කිරිම…….මේක පල කරන්න එපා…)

මට මම දේශපාලනයට එන විට මුදල් තිබුණා. මම දේශපාලනය කරලා මුදල් හම්බ කලේ නෑ.මම කුඩා කල සිටම වාමාංසික දේශපාලන අදහස් සහිතවයි හිටියේ. මගේ තාත්තා ද එහෙමයි. මම ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ගත්තා.ඉන් අනතුරුව පක්ෂයේ සංවිධාන කටයුතු කරගෙන ගියා.මම පක්ෂයේ හොඳ පාක්ෂිකයෙක් වශයෙන් ක්‍රියාකාරිව කටයුතු කල නිසාම මාතර දිස්ත්‍රික්යේ පක්ෂයේ ක්‍රියාකරිව වැඩ කටයුතු කළා.

මගේ හොඳම මිතුරා වුයේ මහින්ද රාජපක්ෂ මහත්තයා.මම ගිය සුමානයෙත් 2006 ජුනි 11 දිනට දින කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ මැතුමා සමඟ මැදමුලනට ගියා. මම ගියේ එතුමාගේ වාහනයේ පිටුපස ආසනයේ මහින්ද මහත්යාත් පිටු පස ආසනයේ හිටියේ.රටේ දේශපාලන කටයුතු ගැන තමයි කතා කලේ.

මට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති කම දෙන්නත් මුල් වුයේ මහින්ද රාජපක්ෂ මත්තයා.එතුමා මට කීවේ දකුණු පලාත දියුණු කරන්න.අධිකාරියට ගාල්ල,මාතර,හම්බන්තොට,මොනරාගල දිස්ත්‍රික්ක හතරම අයත්.මේ දිස්ත්‍රික්ක සංවර්ධනය කරන්න කටයුතු කරන්න කියලා මට එතුමා උපදෙස් දුන්නා.ආදි වශයෙන් තමාට ශ්‍රි ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති කම ලැබුණු හැටි අප හට කීය.

මම දේශපාලනයට එන කාලයේ දකුණු පලාත් සභාවට තෙරුනා. 1988  ඒ දකුණු පලාත් සභාවේ පළමු පළාත් සභාවට එවක මම පළාත් සභාවට ආවේ ගියේ බස් එකෛන්. සරමක් කමිසයක් අරගෙන ගාල්ලට ඇවිත් සභාවට ඇවිල්ලා ඇඳුම් ඇඳගෙන සභාවට ගිහින් සවසට ගෙදර යනවා.මහා භිෂණ කාලයක් නේ තිබුනේ ඒ කාලයේ මරණවා. දේශපාලනය කරන්න තියා නිකම් ඉන්නවත් රතු සහොදරයෝ ඉඩකඩ දුන්නේ නෑ.ඒ සංවිධානයේ අය නිතර අපට මට කරදර කරනත් බලා සිටියා…….  

මේ මාකඳුර ගමට ආසන්යේ ඉඩමක් තිබුනා.රජයට අයත් එකක්. එය යම් මැරවරයන් පිරිසක් තමයි බුක්ති විදිමින් සිටියේ.මේ සම්බන්ධව කරුණු සොයා බලා මේ ඉඩම අරගෙන ප්‍රදේශයේ ඉඩම් නැති අයට ලබා දුන්නා. මේ නිසා මට යම් මැරයෝ පිරිසකගෙන් විවිධ ආරවුල් සිදුවන්ට පටන් ගත්තේ එන්න ඒ ආකාරයට තමයි. මේ මැර පිරිස අතරේ මාකඳුරේ මධුෂ්ද හිටියා. මෙයා මේ දිනවල හිටියේ මේ මැරයන් අතර නායකයා වශයෙන්.මෙයා මාව මරනවාය කියනවා.මමනම් මරනයට භය නෑ. හැබැයි මම ගැන මේ මැරයෝ ඇහැගහගෙන තමයි ඉන්නේ. කියමින්  තමාට මරන තර්ජනය සම්බන්ධයෙන් අප හට කරුණු කීය.

ටවුමේ මාකට් එකේ ප්‍රණ්නයක්ද තිබුණා.මධුෂ්ගේ ගෝල බලයන් අතරත් යම් ප්‍රහ්ණ තිබුනා. මේ ඉඩමේ ප්‍රශ්නයක්ද තිබුනා.මමත් ආරින්නේ නැ. මම ඝාතනය කරන්නට මේ ඇයෝ ඉන්නවා කියලා මම දැනගෙනයි කටයුත කරන්නේ.

තවත් ආගිය කතා කල අප මංගලගේ විවාහ උත්සවය තිබෙන නිවසට යලිත් ගියේ ඒ කටයුතු සිදු කරන්නටය.ඒ ගැන සොයා බලන්නටය. මංගලගේ මංගල දිනය උදාවිය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ හිත්තැටියගේ මහතාය. මනාලයාගේ පාර්ශවයෙන් විවාහයට අත්සන් කළේද හිත්තැටියගේ මහතාය. මංගලගේ මංගල උත්සවයේ දී මංගල සභාව පැවැතියේ ය. මෙහි දී මංගල සභාවේ සිය කතාව සිදුකරමින් හිත්තැටියගේ මහතා මංගල නැති පාඩුව මේ දින කිහිපය තුළ තමාට දැනුණු බවත්,මංගල තමාට ආරක්ෂකරගෙන රියදුරු වශයෙන් කටයුතු කරනවා.හොඳ යහපත් දරුවෙක් යැයි කියමින් හිත්තැටියගේ මහතා මංගල සභාවේ ඒ කතාව පවත්වන අතර අමුතුම කතාවක් කීවේය.

ඒ මගේ ආරක්ෂාවට රියදුරු වශයෙන්ද හිටිය මංගල නැති නිසා මට යම් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් තියනවා.මගේ හතුරෝ මාව මරන්න සිටින බව මට දැනගන්නට තිබෙනවා.මේ මැරයෝ මට වෙඩි තියන්න ඝාතනය කරන්න කුරුමානම් අල්ගෙන ඉන්න බව මම දන්නවා.මම මංගල එනකම් ගෙදරටම වෙලා ඉන්නවා. මේ මැරයෝ මට වෙඩි තියනවාය කියලා කියා තියනවා.මගේ පපුව පෙනේරයක් වෙන්න තමයි මේ මැරයෝ මට වෙඩි තියන්න යන්නේ කියා මේ මැරයෝ කියා තිබෙනවා යැයි කියමින් මංගලගේ මංගල උත්සව සභාවේ දී සිය කතාව හමාර කළේය.

හිත්තැටියගේ මහතාගේ රියදුරු මංගලගේ විවාහ උත්සවෙයේ මංගල සභාව අවසන් විය. ආගිය පිරිස සමඟ කතා කර ටික වේලාවකින් හිත්තැටියගේ මහතා නිවස බලා පියමන් කළේය.

සත්තකින්ම මංගලගේ මංගල උත්සවය පිලිබඳව ඇස යොමු කරගෙන සිටි මැරයෝ තම ගොඳුර කරා ලඟාවන බව කිසිවෙක් දැන සිටියේ නැත.

දින පතා මාකඳුරේ ටවුමට උදැසකම යෑම හිත්තැටිගේ මහතාගේ පුරුද්දක් වු යේ ය.ඒ දිනපතා පුවත් පත් මිලට ගන්නය.(මෙයට අමතරව අධික දුම්පානයට ලොල් වු හිත්තැටියගේ මහතා දුම්වැටි කැකැට්ටුවක්ද මිල දී ගන්නට ද ටවුමට එන බව මැරයෝ දැන සිටියේ ය).

2006 ජුනි 11  දිනය උදා වුයේ ය.වෙනදා මංගල රියදුරා යවා පුවත් පත් හා දුම් වැටි ගෙන එන නමුත් මංගල මේ දිනවල නැති නිසා තමාගේ කුඩා රතු පැහැති යතුරු පැදියෙන් වෙනදා මෙන් ටවුමට පැමිණියේය. සිදු වුයේ මහා විනාශයකි.ගිනි අවි ගත් යතුරු පැදියකින් පැමිණි මැරයෝ හිත්තැටියගේ මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගියේ ය.

මාකදුර නගරයම බියපත් කරමින් අහසටද වෙඩි වරුෂාවක් එක් කරමින් මැරයෝ පලා ගියෝ ය. හිත්තැටියගේ මහතාගේ හිසට හා පපුව ප්‍රදේශයට වෙඩි වැදි මාතර රෝහලට ඇතුලු කරන්නටත් පෙර හිත්තැටියගේ මහතා මෙලොව හැරගොස් තිබිණි. මේ ඝාතනයට සම්බන්ධවුයේ මාකදුරේ මධුෂ් බව පසුව පොලිස් පරික්ෂණ වල දී  අනාවරණය වුයේය.

හිත්තැටියගේ මහතා මරා දැමු බව කියන මධුෂ්ද ඒ ආකාරයෙන්ම මේ පසුගිය සතියේ  දී පාතාලයේ වෙඩික්රුවන්ගේ වෙඩි පහරින් ඝාතනයට ලක් විය. ඒ හිත්තැටියගේ මහතා ඝාතනය කළ ආකාරයට සමාන වු ආකාරයටම විම පුදුම සහගතය.

ආදරණිය බිරිදක හා දියණියකට ලස්සන හදවතක් තිබු නිර්මානාත්මක මිනිසකු මෙන්ම පත්තර කාරයන්ට ලෙංගත වූ මහත්තයෙක් නැති වුයේ මධුෂ් නැමැති පාතාල කෙරුමාගේ පළමු කියාවිතය නිසාය.

මරනයට පෙර දින දෙකකට පෙර 2006 ජුනි 09 දින තමා ඝාතනය වෙන බව හිත්තැටියගේ මහතාට මංගලගේ මංගල සභාවේ සිදුකල කතාවේ දී මතක් වුයේ ද දෛවයේ සරදමක් මෙන් බව පැවසිය යුතුව ඇත.

කෙසෙවෙතත්, මාකඳුරේ මධුෂ්,කඹුරුපිටියේ මධුෂ්, මාතර මධුෂ් මේ කොයි නමෙන් ඇමතුවත් ඔහු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතමය.මධුෂ් සමාජයේ පොරක් වෙන්නේ අපේ කතාන්දරයේ කතා නායක යා වු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයෙන් පසුවය. නමුත් එයට ප‍්‍රථම ද ඔහු අතින් ඝාතන කීපයක් සිදුවූ බවට චෝදනා එල්ලවී තිබිණ.  

ඔහුට නැගුණ පළමු චෝදනාව නම් 2002 වසරේ නොවැම්බර් 29 වැනිදා මාතර මාවරල ප‍්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමය. ඒ අබේසිංහ නමැති අයෙකි. ඉන් පසුව 2004 වසරේ ජුලි 17 වැනිදා නැවතත් මාවරල ප‍්‍රදේශයේදී තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. එලෙස ඝාතනය වී තිබුණේ ගමගේ විජේතුංග නමැති අයෙකි. මධුෂ් අතින් ඝාතනයට ලක්වූ බව කියන මේ දෙදෙනාම ව්‍යාපාරිකයන්ය.මධූෂ් තමන්ගේ ලී ඉරණ රස්සාව අවසන් කරන්නේ බස්වලින් හා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම අරඹමිනි. ඒ සඳහා ඔහුට සහයට කණ්ඩායමක්ද සිටියහ. කප්පම් නොදෙන අයට ඔහු පළමුව තර්ජනය කළේය. පසුව එය පහරදීමක් නැත්නම් ඝාතනයක් දක්වා ගෙන ගියේය. ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටියදී මධුෂ්ගෙන් උදව් ඉල්ලා සිටි අයෙකුගේ මාර්ගයෙන් ඔහුට එල්ටීටීඊ සබඳකම්ද ඇති වු බව පොලිස් පරික්ෂන වල දී එවක දි අනාවරණය වී තිබිණි. 

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කරනු ලබන්නේ 2006 ජුනි 11 දින දීය. ඩැනී හිත්තැටිය මහතා දේශපාලනයට පිවිසෙන්නේ 1988 දකුණු පළාත් සභා මැතිවරණයත් සමඟය. එකල ඔහු කොමියුනිස්ට් පාක්ෂිකයෙකි. ඉන්පසුව පැවති සෑම පළාත් සභා මැතිවරණයකටම තරග වැදුණ ඔහු ජයග‍්‍රහණයද කළේය. 2006 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවූ ඔහුට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිකම පිරිනැමිණ.ඒ බව ඒ මහතා අපට කීවේය.  

2006 ජුනි 11 වැනිදා ඔහු තමන්ගේ මාකඳුරේ පිහිටි නිවස අසල වෙළෙඳසැලකට ගොඩවී පුවත්පතක් බලමින් සිටියේය. එකවරම යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඔහුට වෙඩි තබා පලා ගියහ. පොලිසිය වහා ක‍්‍රියාත්මක වී මාර්ග බාධක යොදා සැකකරුවන් අල්ලා ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

ඩැනී හිත්තැටිය මහතාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ සමහරක් පිරිස් අතර විවේචන තිබිණ. එහෙත් ඔහු ඝාතනය කිරීමට තරම් ප‍්‍රබල හේතුවක් ඒ විවේචන අතර නොතිබිණ. ඒ නිසා මෙය දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ උවමනාවන් මත කුලී මැරයින්ට ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් අනුව සිදුකළ එකක් සේ පොලිසිය මුලින් කල්පනා කරනු ලැබිණ.  

එහෙත් එයට ප‍්‍රමාණවත් සාක්ෂි ලැබුණේ නැත. පොලිසිය බුද්ධි අංශය යොදාගනිමින් කළ විමර්ශනවලදී මාකඳුරේම විසූ මධුෂ් සමඟ ඩැනී හිත්තැටිය මහතාට තිබූ අමනාපකම් ගැන හෝඩුවාවල් අසන්නට ලැබිණ. හර්ෂගේ පවුලේ ඥාතියෙකු හා ඩැනී හිත්තැටිය මහතාගේ පවුලේ ඥාතියෙකු අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය නයි මුගටි වෛරයකින් පෙළෙන්නට පටන්ගෙන ඇති අතර මධුෂ් මැදිහත්වීමෙන් දුරදිග ගිය මේ ආරවුල කෙළවර නොවන තත්ත්වයට පැමිණි පසු ඔහු මරාදමන බවට ඩැනී හිත්තැටිය මහතා තර්ජනය කර ඇති බවට ද පැවසේ. ඩැනී ඉස්සරවීමට පෙර මධුෂ් ඉස්සර වූ බව බොහෝ දෙනාගේ අදහස විය.  

එසේම තවත් විරසකයක් ගැන ද කියැවේ. එනම් කඹුරුපිටිය නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයේ මධුෂ්ගේ මල්ලීට අයත්ව තිබූ මාළු වෙළඳසැල ඩැනී හිත්තැටියගේ බලපෑම් මත එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමය. මෙයද පෙර කී විරසකයේ අතුරු ප‍්‍රතිඵලයක් විය හැකිය. කෙසේ වෙතත් මේ සියලු විරසකයන්ගේ අවසානය වූයේ ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් මධුෂ්ට චෝදනා ගොනු වීමය.  

මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරු මධුෂ් වෙනවිට දෙවැනි සැකකරු බවට පත්වූයේ ඔහුගේ සමීපතමයෙක් වූ හර්ෂ යසස්ය. ඒ වෙනවිට මධුෂ් හිටියේ රක්ෂිත බන්ධානාගාර ගතවය. එම නඩුවලින් ඇප ලැබුවද මධුෂ් යළි ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් විය. හර්ෂ යසස් ද අත්අඩංගුවට පත්විය. ඒ සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය කරනු ලැබූ පරීක්ෂණවලට අනුව මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලට අනුව කොළඹ මහාධිකරණයේ තවත් නඩුවක් විභාග විය.ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටියදී මධුෂ්ගෙන් උදව් ඉල්ලා සිටි අයෙකුගේ මාර්ගයෙන් ඔහුට එල්ටීටීඊ සබඳකම්ද ඇති විය.

ඉඩම් ආරවුලක් නිසා හෝ බහින් බස් වීමක් හෝ ටවුමේ වෙළෙද සැලක් සම්බන්ධයෙන් හෝ  ඉඩම් නොමැති අහිංසකයන්ට ඉඩම් ලබාදෙන්නට කටයුතු කල නිසා හෝ ඩැනි හිත්තැටියගේ මහතාට දිවි අහිමි වුයේ ය.ඩැනි හිත්තැටියගේ ඝාතනය කරමින් ඇරබි මනුෂ්‍ය ඝාතන රැල්ල මාකදුරේ මධුෂ් තවත් මනුෂ ඝාතන හා මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වු මේ අපරාධ කාරයා මේ  සතියේ ඝාතනය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *