කුලී නිවස බලන්න පැමිණි කණ්ඩායම ගුරුවරිය දුෂණය කර වීඩියෝ කරලා

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය  

ගාල්ල අක්මිමණ පොලිස් වසමට අයත් ඉහලගොඩ ප්‍රදේශයේ පනස් පස් (55) හැවිරිදි ගුරුවරියක් දූෂණය කරමින් වීඩියෝ ගතකර, ඇය සතු රන් ආභරණ හා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු මිදිගම, කලපුව ප්‍රදේශයේ සැඟව සිටියදි අද (11) පෙරවරුවේ ගාල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (11) දහවල් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්තුමිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2020 මැයි මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරත කිරීමටද නියෝග කළාය. සැකකරු මෙදින හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පොලොන්ගුගහවත්ත, කලපුව, මිදිගම ලිපිනයේ පදිංචි කෝන්ගහවත්තගේ චානක (30) නැමැති අයයි. සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගැමුණු හේවා බල ඇණියේ හිටපු සෙබලකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

තමාගේ නිවසේ කොටසක් කුලියට ගැනීමට බව පවසා පසුගිය 2020 මාර්තු 09 දින පැමිණි දෙදෙනකුගෙන් එක් අයෙකු තමා දූෂණයට ලක් කල බවත් අනෙක් අය එය වීඩියෝ ගතකල බවත් පසුව තමා සන්තකයේ තිබූ රන්භාණ්ඩ හා දේපලද සොරකම් කර ඔවුන් පලාගියේ යැයි අක්මීමන, ඉහළගොඩ ප්‍රදේශයේ පැසැල් ගුරුවරියක් අක්මීමන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.  

සිද්ධිය වීඩියෝ ගතකල බව කියන කලපුව, මිදිගම පදිංචි දෙවන සැකකරුද මීට පෙර අක්මීමන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන මැයි 19 වන දින දක්වාම රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මෙම දෙවන සැකකරු සන්තකයේ තිබී අදාල ගුරුවරියගෙන් සොරකම් කරන ලද දේපල වලින් කොටසක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර අද (11) අත් අඩංගුවට ගන්නා ලද පළමු සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය සොයාගෙන ඇත.

අදාල ගුරුවරිය ඇයගේ  නිවසේ කොටසක් කුලියට දෙන බව පවසා  දැන්විමක් පල කර තිබී ඇති බවත් ඒ අනුව නිවස කුලියට ගැනීම සදහා පසුගිය මාර්තු 09 වන දින සැකකරු සහ තවත් අයෙකු පැමිණ ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුව ඔවුන් විසින් නිවස පරීක්ෂා කර ඇති අතර පසුව එන්නම් යනුවෙන් පවසා ඔවුන් පිටත්ව ගොස් තිබේ. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගුරුවරිය පමණක් බවට සැකකරුට නිරීක්ෂණය වී ඇති අතර පසුව පැමිණ ගුරුවරිය දූෂණය කර භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි පොලීසිය කියයි. පසුව පොලිසියට ලැබුණ දුරකතන ඇමතුමක් අනුව දූෂණයට ලක්ව සිටි ගුරුවරිය පොලීසිය විසින් රෝහල් ගත කල බව අක්මීමණ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල පොලිසියේ පොලිස් පරික්ෂක රොහාන් ආලෝක, පොලිස් සැරයන්වරුන් වන බුද්ධික (3683), පුෂ්ප කුමාර (4500) සහ කොස්තාපල් කණිෂ්ක (68083) යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙන අතර අක්මීමණ පොලීසියේ පොලිස් සැරයන් ලක්ෂ්මන් (31084) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *