උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මහත්මිය බව ජනපති තීරණය කරයි

උතුරු ආණ්ඩුකාරදූරයට ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් බවට වූ ප්‍රචාරය අසත්‍යක්වෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර දූරය සම්බන්ධයෙන් පසුගිය සාමය පුරාම විවිධ මත සහ නම් ඉදිරිපත් කරන ලදී එම නම් අතර ඉහලින්ම තිබුණු නම වුයේ මෙරට බිහිවූ කීර්තිමත් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදන්ය එම පත්වීම සම්බන්ධයෙන් සිදුවූ ප්‍රචාරණය අසත්‍යක් බවට පත්වී ඇත. ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් උතුරු පළාත් ආණ්ඩුකාර දූරය සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඇය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඊයේ(18) පැවති කැබිනට් රැස්වීමටද ඉදිරිපත් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන චාල්ස් මහත්මිය මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කළාය.ඇය ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *