මහ බැංකුව නැතිකරපු මේ ආණ්ඩුව පොඩි බැංකු නැතිකරන්න යනවා

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මහ බැංකුව නැතිකරපු මේ ආණ්ඩුව මේ වන විට මේ රටේ පුද්ගලික බැංකු ටිකත් නැති කරමින් යන බව මාතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 03 දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය, මේ ව්‍යාපාරික ලොන් සහ වැඩිහිටි ගිනූම් සදහා රජයෙන් ලබා දෙන කොටස මාස කිහිපයකින් පෞද්ගලික බැංකුවලට ලැබිලා නෑ.

මේ තත්ත්වය නිසා දැන් දිවයින පුරා තිබෙන බැංකු දැඩි මුල්‍ය අර් බුදයක සිටිනවා. මෙම පෞද්ගලික බැංකු පවතින තරඟකාරීත්ව නිසා මේ වන විට මේ කටයුතු කරගෙන ගියත් මෙය වැඩි කාලයක් කරගෙන යාමට හැකි වන්නේ නෑ. එහෙම වුනොත් මහ බැංකුව වගේම ලංකාවේ පෞද්ගලික බැංකු ජාලයත් කඩා වැටෙනවා. අද මේ රට මේ දුක විදින්නේ මහ බැංකුව ට කරපු මේ හොරකම නිසා. මේ පෞද්ගලික බැංකු ටිකත් කඩාගෙන වැටුනොත් අපිට රටක් විදියට නැවත ඔලුව උස්සන්න බැරි තත්වයක් එනවා.

මේ තත්වය තුල රජය තවදුරටත් මේ වැඩිහිටි ගිණුම් සදහා ලබා දෙන්න කියපු අදාල පොලී ලබා නොදුනහොත් ඉදිරියේ දී වැඩිහිටියන් ගේ ගිණුම් සදහා ලබාදෙන එම පොලිය නවතීවි.  කිසිම දේකට විසදුමක් ලබා නොදෙන මේ ආණ්ඩුව මනෝ ලෝකයක සිටිමින් විකාර කියවමින් සිටිනවා. කතා කරන්නේ 2025 පොහොසත් රටක් හදන්න. නමුත් අගමැතිට මතක නෑ එයාට බලය දුන්නේ 2020 වෙනකම් විතරයි කියලා. අද ඔය කියන 2025 පෙහොසත් රටේ කතාවත් අර මීට වසර තුනකට පෙර කියපු ෆොක්සගන් කොම්පැණියේ කතාව වගේ තමයි.

අද අපනයන සංවර්ධනය කරනවා කියලා කෑගහනවා. තේ මිල අඩුවෙලා. අනිත් අපනයන බෝග මිල අඩුවෙලා. ආණ්ඩුව ලෙස මේ සදහා කිසිදු මැදිහත් වීමක් කරන්නේ නෑ. බොරුවට ඇමරිකානු ඩොලරය ඉහල ගියා කියලා ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට බනිනවා. ට්‍රම්ප්ට බැනලා වැඩක් නෑ. ඒ මනුස්සයා එයාගේ රටට ආදරේට වැඩ කරන්නේ. ඒ මනුස්සයා ඒ රටේ මහ බැංකුව කැඩුවේ නෑ. රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑවේ නෑ. නමුත් අපේ රටේ නායකයින් එකතු වෙලා මහ බැංකුව කොල්ල කෑවා. අද ඒ කරුමය තමයි මේ රටේ මිනිස්සු ගෙවන්නේ.

මේ පාපය වසර ගානක් යනකම් අපේ රටේ මිනිස්සුන්ට ගෙවන්න වෙනවා. මේ මහ බැංකුවට සිදුවුන පාඩුව වහගන්න අපේ රටේ මිනිස්සුන්ගෙන් බදු ගහලා, බඩු මිල වැඩි කරලා මේක කරන්න බෑ. මේකට විසදුම මේ මහ බැංකුව කඩලා ගනිපු මුදල නැවත අපේ ආර් ථිකයට දාන්න ඕන. ඔය මහ බැංකු හොරකමට අදාලව චෙක් ගත්ත ඇමතිවරු ඒ මුදල නැවත අපේ ආර් ථිකයට දැමිය යුතුයි. අර් ජුන් මහේන්ද්‍රන් නැවත ලංකාවට ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරලා ඒ මුදල අපේ ආර් ථිකයට දැම්මේ නැත්නම් මේ ප්‍රශ්න විසදන්න ලැබෙන්නේ නෑ. ඒ මොනම හරි දෙයක් ඉතාම ඉක්මනින් කරේ නැත්නම් අපේ පුද්ගලික බැංකු පද්දතියත් කඩා වැටෙන්න වැඩි කාලයක් යන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *