ආණ්ඩුව කොරෝනා පැතිරීම වසන් කරලා // විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

කොරෝනා වෛරසය රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූයේ ආණ්ඩුව විසින් සත්‍ය තත්වය රටේ ජනතාවට හෙළි නොකිරීම නිසා බව වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසා ඇත.

කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ ජනතාව වෛරසයට නිරාවරණය වීමට දැඩි බියක් මෙන්ම සංචරණ සීමා පවත්වා ගනිමින් කටයුතු කිරීමට උනන්දුවක් පැවති බවයි. නමුත් ආණ්ඩුවේ පාර්ශවය විසින් නිරතුරුවම මාධ්‍ය හමුවේ කොරෝනා වෛරසය පාලනය කර අවසන් බවත් බියවෙන්න දෙයක් නැති සිදු කළ ප්‍රකාශ වලින් ජනතාව කොරෝනා වෛරසය ගැන තිබූ බිය සැක පහව ගොස් රෝග ලක්ෂණ මතුවූවත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු නොවන තත්වයක් උදා වූයේ එනිසා බව වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයා පවසයි.

දැන් හෝ රජය මෙම වෛරස පැතිරීම පිළිබඳව සැබෑ තත්වයත් එහි ඇති අවදානමත් ජනතාවට පැහැදිලි නොකරන්නේ නම් ඉදිරි දින කිහිපයෙන් පසුව තත්ත්වය තවත් දරුණු වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *