ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැ ආණ්ඩුවේ වුවමනාව ජනතාව පිටින් යවන්න එපා

ජනතාවගේ මිනී මතින් හරි ආණ්ඩුව බලය තහවරු කරගන්න හදනවා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු නි අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර කියයි

මේ වෙලාවේ ජනතාව මැතිවරණයක් තියන්න කියලා කියනවලු මෙහෙම කියන්නේ ගම්පහ පොහොට්ටුවේ නායක ප්‍රසන්න රණතුංග මහත්තය මොන රටේ මිනිස්සුද දන්නේ නැහැ මේ වෙලාවේ මැතිවරණයක් තියන්න කියන්නේ මේ ජනතාව මෝඩයෝ ගානට දාන්න එපා රටේ කිසිම පුරවැසියෙක් මේ වෙලාවේ මැතිවරණයක් තියන්න කියලා කියන්නේ නැහැ ආණ්ඩුවට බල කරන්නෙත් නැහැ හැබයි ආණ්ඩුවේ වුවමනාව ජනතාවගේ කරපිටින් දාන්න එපා ජනතාව කොහෙවත් මැතිවරණය තියන්න කියලා කියන්නේ නැහැ

මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න පක්ෂ විපක්ෂ කවුරු හරි කැස කවනවනම් ඒක නින්දිත වැඩක් මේක දේශපාලනය කරන වෙලාවක් නොවෙයි තමන්ගේ නොහැකියාව වහගන්න ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයන් කරන ප්‍රකාශ පිළිකුලින් යුතුව හෙලා දකිනවා ආණ්ඩුවේ නායකයන් ගේ ඉදලා පහලම ස්ථරය දක්වා මේ වෙලාවේ කැත දේශපාලනයක නිරත වෙනවා

ශිෂ්ඨ සම්පන්න මිනිස්සු මේවා අනුමත කරන්නේ නැහැ දැන්පැවති ආණ්ඩුවේ අඩුපාඩු කියන්න වෙලාව නොවෙයි අපි විපක්ෂයක් හැටියට ආණ්ඩුවට කොරෝනා මර්ධනය වෙනුවෙන් උපරිම සහය දෙනවා ආණ්ඩුවට කියනවා තැන තැන පම්පෝරි ගහන්නේ නැතිව ජනතාවට අවශ්‍ය සේවය දෙන්න ඔය කෑගහන ටිකේ මිනිස්සු ගැන බැලුවොත් නරකද

මේ කොරෝනා වසංගතය හමුවේ දේශපාලනය කරන්නේ මිනිස්සු නොවෙයි ඒ තිරිසන්නු මේ අනතුර පෙන්නේ නැතිව ජනතාව අවධානමට දාලා මැතිවරණය තියලා කරන්න හදන නාඩගම මොකද්ද ජනතාව තුන්වේල ඉල්ලනවා ආණ්ඩුව මැතිවරණ දෙනවා තිබුණු පාර්ලිමේන්තුව රැස්කරන්න බහ කියලා කෙස් පැලෙන තාරක දානවා ජනතාව ගොන්නු නොවෙයි

මේවා මොකද කියන්නේ කියලා දන්නවා අනෙක නව පාර්ලිමේන්තුව රැස්වෙන්න බැරිනම් තියෙන තිබුණු පාර්ලිමේන්තුව රැස්කිරීමට තියෙන බාධකය මොකද්ද මේ රටේ අපි කැමති වුනත් අකමැති වුනත් ආණ්ඩුක්‍රම විවස්තාවක් තියෙනවා එකේ පැහැදිලිව තියෙනවා කරන්න අවශ මොකද්ද කියලා තනි තනි තීන්දු තීරණ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර්ථ දෙන්න එපා මොකද ඒ තමයි මේ රටේ උත්තරීතර නීතිය එක රකින්න අපි සියලු දෙනා බැදී සිටිනවා

ආණ්ඩුව හොදටම දන්නවා පාර්ලිමේන්තුව රැස් කරහම ඔවුන්ට අවාසියි මොකද දැනට බෙදන සහන ඔවුන්ට ඕනෑ විදියට බෙදන්න තියෙන බාධකය පාර්ලිමේන්තුව එකයි පාර්ලිමේන්තුව රැස් කිරීමට විරුද්ධ වෙන්නේ

අපි කියන්නේ පාර්ලිමේන්තුව ඔක්කොම ගෙන්වන්න අවශ්‍ය නැහැ දැන් දියුණු තාක්ෂනය තියෙනවා අවශ්‍ය කණ්ඩායමක් පමණක් ගෙනල්ලා රටේ රට වැසියාගේ අවශ්‍ය මුදල් ටික වෙන්කරගන්න විපක්ෂයක් හැටියට අපි බාධා කරන්නේ නැහැ අපේ අරමුණ රට සහ රට වැසියා සුරක්ෂිත කිරීම පමණයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *