චීන කෑම වල රස හිටපු ජනාධිපති තුමා දන්නවා

නිතිඥ තාරක නනායක්කාර මහතා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමකින් අල්ලස් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ බව කියන පුවත මමත් මාධ්‍ය මගින් දැක්කා . චීන ආහාර පාන වල රස ය චීනාට වඩා හොදින් දන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා බව, හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක ශාස්ත්‍රාචාර්ය  නිතිඥ තාරක නනායක්කාර මහතා කීය.

ඒ මහතා එසේ පැවසුවේ, හබරාදුව එජාප ප්‍රබල ක්‍රියාකාරි පිරිසක් හමු වු අවස්ථාවේ දී 01  වන  දින සවස  මාධ්‍යට අදහස් දක්වමිණි. මෙම හමුව ගාල්ල,හබරාදුව ගොන්නගහ රණවීර උත්සව ශාලාවේ දී පැවැත්විණි.

හැමදාමත් මහින්ද රාජපක්ෂ මහත්තයාට ආච්චි වැහෙන්නේ නෑ.මහින්ද රාජපක්ෂ මැතිතුමා කාපු චින කෑම ගැන රටේ ජනතාවම විතරක් නොවෙයි  ලෝකයම දැන් දන්නවා.ලෝකයේ ජනප්‍රිය  මාධ්‍ය වගකීමක් ඇතිව ජන සංනිවේදනය කරන පුවත් පතක් වැරදි වාර්තා කරන්නේ නෑ. විස්වාසනීය භාවය පුවත් පත් කළාවේ දී වැදගත් වෙනවා කියා මා විශ්ව විද්‍යාලයේ දී ඉගෙනගෙන තියනවා. ඒ නිසා මාධ්‍ය ආයතන බොරු කියන්නේ නෑ. ජනතාවට ඇත්ත කියනවා.එයයි සදාචාරය වන්නේ. ඔන්න දැන් රාජපක්ෂලාගේ පල්ලම් බහින කාලය ඇවිත් තියනවා. දැන් බලන්න පොහොට්ටුව කැලි කෑලිවලට කැඩිලා තියනවා. තවත් කැලි කෑලි වලට ඉදිරියේ දී කැඩෙනවා.16 කල්ලිය ආවා මේ නිසා ඉදිරියේ දී තවත් ආකාරයට පොහොට්ටුව දෙදරා යනවා.

හැමදාමත් රාජපක්ෂලාට නත්තල් නෑ කියලා තමයි මම කියන්නේ. අපි ජනාධිපතිවරණයේ දී අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. නමුත් දැන් බැසිල් ද, ඝොඨාභයද,නැති නම් හිට්ලර් ද , සමහර විට ශිරන්ති රාජපක්ෂද ,චමල්ද නැතිනම් දිනේෂ් ගුණවර්ධනන නැති නම් වාසුදේව නානායක්කාර මාගේ ලොකු තාත්තාද කියලා මේ අයට ප්‍රශ්ණයක් තියනවා.

නමුත් අපිට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කව්ද කියලා කියන්න හැකියි. නමුත් හැත්තෑවේ කල්ලියට දැන් සිදුවෙලා තියෙන්නේ නායකයෙක් නැති තරමටම පක්ෂය දෙදරා වැටිලා තියනවා. පොහොට්ටුව දෙකට තුනට නොවෙයි හතරට පහර කැඩිලා. පක්ෂයේ පහළ මට්ටමේ සිටම නායකත්වයට පොර කනවා කා කුලල් කා ගන්නවා. මේ නිසා පොහොට්ටුවට අනාගතයක් නෑ.

අපි එජාප ලංකාවේ කිසිදු දේශාපලන පක්ෂයක්ට නොදෙවෙනි ආකාරයට එකට එක රෑනට තනි පක්ෂයක් වශයෙන් සිටිනවා. දැන් පෙරට වඩා අපි ශක්තිමත්ව තියනවා. එජාප ගමන දැන් ජනතාවට උවමනා ආකාරයට වෙනස් කරමින් ජනතාවාදි ආකාරයට ගමන් කරමින් සිටිනවා. අපේ පක්ෂයේ  නායකයා කව්ද කියලා විපක්ෂයට  ප්‍රශ්නයක් තියනවා. අපිට නම් ප්‍රශ්ණයක් නෑ. අපේ නායකයා මත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද? එතුමා තමයි නායකයා. පසු පෙළ නායකියන් පිරිසක්ද දැන් සිටනවා. සජිත් පේමදාස මැතිතුමාද ඒ අතර සිටිනවා. තවත් නායකයන් රැසක් පක්ෂයේ පසුපෙළ තුළ සිටිනවා. කොහෙම නමුත් ජනාධිපති වරණයේ දී රටම පුදුම කරවන එජාප නායකයා අප ඉදිරිපත් කරනවා. අපිට දිනන්නට හැකියි. අපි දැන් ඒ ගමනට දිනන ගමනට ඇවිත් තියනවා. තවමත් පොඩි පොඩි ප්‍රශ්ණ තියනවා. ඒ වා විසදාගෙන අපි ඉදිරියට යනවා.

ඇයි අපි පැරදුනේ කියලා ජනතාව අපෙන් අහනවා. මෙයට හේතුව එජාපයේ නායක කාරකාධින් සියල්ලන්ගේම වාගේ යම් අපහසුතාවයක් සිදුවු නිසා තමයි මේ පසුබෑමට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එජාප පාඩුවක් උනේ. නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට වඩා අපි එදත් අදත් ඉදිරියෙන් සිටිනවා.

අපිට වැරදුනේ ඇයි යහපාලනය නිසා අපි පොදුවේ සංවර්ධන කටයුතු සිදු කළා. පාක්ෂිකයාට නොව පොදුවේ මහජනතාවටම වැඩ කළා. ඒ නිසා නිවැරදිව තින්දු අරගෙන පාක්ෂිකත්වය අමතකකර යහපාලනය නිවැරදිව කරගෙන ගිය නිසා තමයි අපේ පාක්ෂිකයන්ටද යම් අඩුවක් උනේ. ඒ නිසා ඉදිරියේ දී එජාපාක්ෂයන්ම ඉලක්ක කරගෙන යමක් කරනවා. ඒවාගේම අපි සියලුම පාක්ෂිකයන් හා සියලුම රටවැසියන් ජන්ද දායකයන්ගේ අවශ්‍යතා ඉටුවන ආකාරයේ සංවර්ධනයක් ඉටු කරනවා.

ගම්පෙරලිය සමෘද්ධිය වාගේ වැඩසටහන් එක්කම ගමේ සංවර්ධනය ඉලක්කයක් ඇතිව සිදුකරන්නට පියවර ගන්නවා.පක්ෂයේ යම් වරදක් උනා ඒ තමයි පාක්ෂිකයන්ට සලකනවා වෙනුවට පොදුවේ සියල්ලම රටේ ජනතාවට සැලකිම උදව් කිරිම. නමුත් ඒ නිසා අපේ පාක්ෂිකයන්ද සමහර විට කළ කිරීමට පත්ව සිටිනවා. මෙය දැන් දැන් නැති වෙමින් යනවා. අපේ පාක්ෂිකයන් යළිත් පක්ෂය වටා රොක් වෙනවා.එජාප කියන්නේ රනිල්ද සජිත්ද වෙනත් අයෙක්ද නොවෙයි පක්ෂය ප්‍රතිපත්තිය මතයි පක්ෂය  වැදගත් වෙන්නේ.අප වැඩ කරන්නේ ඒ අනුවයි. එයයි පක්ෂයේ ජය ගමනක පෙර සුභ සලකුණ වන්නේ. දිනන ජනාධිපති අපේකෂකායා අපි ජනාධිපති වරණයට ඉදිරිපත් කරනවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමාද  ද , සජිත් පේමදාස මැතිතුමා ද වෙනත් අයෙක්ද කියලා  අපි කියන්නේ නෑ වෙලාවට කලාවට අපි දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. පක්ෂය ආරක්ෂා කරගෙන පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන තනිම තති  වු එජාප කොලම කොල පාට ආණ්ඩුවක් අප ඇති කරනවා  .

හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නනායක්කාර මහාත කීය.මෙම අවස්ථාවට හබරාදුව , ඉමදුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ද විශාල පාක්ෂිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *