කොරෝනා වෛරසය වැළදුණු පළමු රෝගියා ලංකාවෙන් හමුවෙයි

මිලියන 65 ක් ජීවිත අහිමිකරන කොරෝනා වෛරසය වැළදුණු මෙරටින් හමුවූ පළමු රෝගියා චීන ජාතික කාන්තාවක් බවට වාර්තා වෙයි පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා ලෙස හමු වූ මෙම කාන්තාව චීනයේ හුබෙයි ප්‍රදේශයේ සිට පැමිණි බවට වාර්තා වෙයි බව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයෙක් අද රාත්‍රී ප්‍රකාශ කළේය.

මෙම රෝගී කාන්තාව පරීක්ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු වී ඇති බවත් රෝගියා දැනට ආරක්ෂිතව ප්‍රතිකාර සදහා යොමු කර ඇත.රට පුරා චීන ජාතිකයින් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් ගෙන් විශාල ප්‍රමාණයක් නව වසර එළඹීමත් සමග චීනය බලා පිටත්ව ඇති බවට වාර්තාවෙයි ඔවුන් නැවත දිවයිනට පැමිණීම මෙම මස මැද සිට සිදුවුනි යම් හෙයකින් මෙරට පැමිණි චීන ජාතිකයන් අතර කොරෝනා වයිරසය වලදී ඇති අවධානම මේ තත්වය තුල බැහැර කල නොහැකි බව සෞඛ්‍ය අංශ සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *