රත්තරින් නිමකරන ලද ලොව පළමු පහන් කූඩුව

රත්රන් ග්‍රැම් 180ක් පමණ ගොස් ඇත

ලංකාවේ පොසොන් උත්සවය නිමිත්තෙන් රංත්‍රන් පමණක් යොදා ගනිමින් පරිවාර කුඩු හයකින් යුත් පහන් කුඩුවක් තලාව, කුරුදුගහහැතැම්ම ප්‍ර දේශයේ පදිංචිකරුවකුවන චමිල ප්‍රදිප් කුමාර 40  මහතා විසින් නිර්මානය කොට තිබේ.  මොහු ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත  අයෙකි.

මෙරට පළමුවරට රනින් කරණු ලැබු පහන් කුඩුව මෙය බවට සැලකෙන අතර එය ප්‍රධාන කුඩුව සැකිලි දෙකකින් යුක්ත වන අතර මෙය කැරකෙන පහන් කුඩුවකි. මෙකි පහන් කුඩුව නිර්මානය කිරිම සදහා රත්රන් ග්‍රැම් 180ක් පමණ ගොස් ඇති  බව පවසන චමිල ප්‍රදිප් කුමාර මහතා  මෙකි පහන් කුඩුවේ වටිනාකම රුපියල් ලක්ෂ අටහමාරක් පමණ වන බවද පවසයි.

ඔහු මෙකි නිර්මානය පිළිබද අදහස් දක්වමින් අප සමග මේසේද කිවේය.

ඇත්තටම මට අලුත් දෙයක් කරන්න අවශ්‍ය වුනා. මා දැනට වසර ගණනාවක් තිස්සේ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතව සිටිනවා. කාලයක් මා විදේශතව සිටියා.එහිදිත් කළේ ස්වර්ණාභරණ වැඩ. මා විසින් රන් භාණ්ඩ වැඩ කිරිමේදි එකතු කරගත් රන්වලින් තමයි මෙම නිර්මානය කළේ. මදිපාඩුවට මුදල් දිලා රංත්‍රන් මිලදි ගත්තා. මේ පහන් කුඩුව නිර්මානය කිරිමට මට මාස හයක විතර කාලයක් ගියා. ඇත්තටම පහන් කුඩුවේ සියල්ල මා විසින් නිර්මානය කළේ මගේ දෑතින්. මෙක ඉතා සියුම් නිර්මානයක්. පොසොන් පෝයට සතියකට කලින්  තමයි වැඩ අවසන් කළේ. මෙම කුඩුවේ බර ග්‍රැම්150ක් විතර ඇති. පොල්වත්ත ඕවකන්ද  ශ්‍රි ජයබෝධි විහාරස්ථානයේ දි  මුලින්ම ප්‍රදර්ශනය කළා. ඊට පස්සේ   ඌරගහ හිපන්කන්ද ක්‍රිඩාපිටියේත් මෙකි පහන් කුඩුව ප්‍රදර්ශනය කළා. මෙරට පළමු වරට රනින් නිර්මානය කළ පහන් කුඩු මෙය වෙන්න ඇති. මේ සදහා මගේ  බිරිද මට විශාල සහයෝගයක් ලබාදුන්නා. යැයිද චමිල ප්‍රදිප් කුමාර කිවේය.

 චමිල ප්‍රදිප් කුමාර පහන් කුඩුව නිර්මානය කරණ අයුරු හා රනින් කරණු ලැබු පහන් කුඩු ඡායාරුපවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *