සුප්‍රසිද්ධ නාලිකාවේ ජනප්‍රියතම ළමා තරුවගේ පියා හදිසියේ ගෙල වැළලාගනී

ජනප්‍රිය තරුව කරන්නට රටට ණය වීමද

මේ කථාව කිසිවෙකුගේ ජීවිත අරාජික කිරීමටව හෝ අපහාසයට හෝ උපහාසයට පත්කිරීම වෙනුවෙන් හෝ මියගිය සුනෙත් අයියාට අපහාසයක් ඇතිවන ලෙසින් පළකිරීමක් නොවන අතර පාඨක ඔබ  හුදෙක් සමාජ වින්‍යාණය පමණක් මේ තුළින් ලබාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

කාලයේ වැළි තලාවේ ගෙවීයන ජීවිත සහිත මිනිසුන්ද, නොසිතූ මොහොතක ලද දෙයින් නැගිටින මිනිසුන්ද ,පරම්පරාවෙන් ලද උරුමයෙන් ගෙවන ජීවිත සහිත මිනිසුන් ද සහිත ජීවන චක්‍රයකට උරුම මිනිස් ජීවිතයේ සැබෑ අරුත කියාදෙන්නට හෝ කියවා දෙන්නට ඔහු ළග කිසිවෙකු ඒ අවාසනාවන්ත සියදිවි අහිමි කරගන්නා මොහොතේදී නොසිටිනට ඇත.

එදා උදෑසන සුපුරුදු පරිදි ආඩිගම මංසන්ධියේ එයාගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ තිබෙනවා සිය ව්‍යාපාරික කටයුතු ආරම්බ කිරීම පසෙක තබා තම ව්‍යාපාරික ස්ථානයේ ඉහළ මහළට සුනෙත් අයියා ගිහින් තියෙනවා කිසි වෙකුටත් සැක නොසිතෙන ලෙස සුක්ෂම ආකාරයෙන් ඉතා සියුම් ඇසට නොපෙනෙන තරමේ වයරයක් ගෙළ දමා ගෙන තමයි එයාගේ සිය දිවි තොරකරගෙන තියෙන්නේ ව්‍යාපාරික ස්ථානයට අපි පැමිණෙන විටත් සුනේත් අයියාගේ යතුරු පැදිය එම ස්ථානයේ ඉදිරිපිට නවතා තිබුණ. ව්‍යාපාරික ස්ථානයේ දොර විවෘතව තිබුණත් සුනෙත් අයියා එහි සිටින බවට කිසිදු හෝඩුවාවක් නොමැති නිසා අපි ව්‍යාපාරික ස්ථානය තුළ සුනෙත් රැදී සිටිනවාද යන්න සැක හැර ගැනීම සදහා ඉහළ සහ පහළ මහල් පරීක්ෂා කළා එක් සේවකයෙකු සුනෙත් ඉහල මහලේ සිටින බව ප්‍රකාශ කලා . ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැති නිසා පසුව අපි පරීක්ෂා කිරීමේදී දුටුවේ සුනෙත් අයියා ඉතා සියුම් ආකාරයෙන් සිය දිවි තොරකරගෙන ඇති බවයි

මීට අවුරුදු  පමණ ඉහත මෙරට ප්‍රකට ටීවී නාළිකාවක් විසින් සංවිධානය කරණ ලද පුංචි තරු තේරීමේ තරගාවලියේදී පුත්තලම ආනමඩුව ආඩිගම ප්‍රදේශයෙන් මෙම තරගයට ඉදිරිපත් වූ පුංචි දියණිය එම වසරේ නාලිකාවේ ජනප්‍රියම තරුව ලෙසින් කිරුළ පළදින ලදී.

මේ කථාවේ කථානායකයා එම තරු පැළදි දියණියගේ පියා අනුර රත්නායකය (සුනෙත් අයියා ) ගැනය ආඩිගම ගමේ කවුරුත් ආදරය කල කාටත් ආදරය කල සුනෙත් අයියා .පුංචියට පටන්ගත් ස්ටුඩියෝ එකකින් තම දිවි මග සපුරාගත් ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් විය.තම පුංචි දියණිය තරුවක් කිරීමේ අරමුණින් එදා තරගයේදී තම උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබා දෙන ලදී.තම දරුවා සමාජයේ ඉහළම පිළිගැනීමක් සහිත චරිතයක් කිරීම වෙනුවෙන් දෙමව් පියන් නොකරණ කැපකිරීමක් නොමැත.

තම ශ්‍රමය ධනය හිතූ පරිදි විදම් කරමින් තවත් විශාල මුදලක් ණය වශයෙන් ලබාගත් සුනෙත් අයියා කෙසේ හෝ තම ඉලක්කය සපුරා ගන්නට සමත්වන ලදී.තම දියණිය එදා තරගාවලියේදී ජනප්‍රිය තරුව ලෙසින් අභිසෙක් ලැබීමෙන් අප්‍රමාණ සතුටට පත් ඔහු ඒවෙනුවෙන් සිදුවූ ණය කොපමණ දැයි සිතන්නටවත් නොයන ලදී.සැබවින්ම සුනෙත් අයියගේ දියණිය ආඩිගමට ජනප්‍රිය තරුවේ කිරුළ රැගෙන ඒම සම්බන්ධයෙන් එදා පුත්තලම, ආනමඩුව, ආඩිගම ජනතාවම අප්‍රමාණ සතුටට පත්වන ලදී.

එදා තරුවක් ලෙසින් කිරුළු පැළදි දියණිය දැනට දහය වසරේ ඉගෙනුම ලබන නව යෞවනයේ දැරියකි. සුනේත්ගේ මරණය ද සැබවින්ම තම දියණියගේ ජයග්‍රහණය වෙනුවෙන් සිදුවූ ණය තුරුස් ගෙවා ගැනීමට නොහැකිව ඇතිවූ සිත්තැවුල මත සිය දිවි තොරකරගත් බවට ආඩිගම ජනතාව තුළ ඇති කුකුසක් පැනනැගී ඇත. ඔවුන්ගේ ජීවිත ජනප්‍රියත්වයට පත්වීමෙන් පසු ගෙවී ගිය කාලය තුළ කොතරම් සාර්ථක වූවද යන්න ප්‍රශ්ණ රැසක් ඉතුරු කර ඇත.

ආඩිගම ජනතාව ප්‍රකාශ කරන පරිදි එම දියණිය ජනප්‍රිය තරුව වීමෙන් පසු තම පවුලේ නොයෙකුත් හැල හැප්පීම් මෙම පවුල තුල ඇතිවූ බවයි. තේරුම් ගතයුතු එක දෙයක් ඇත ජනප්‍රිය සමාජය පසුපස හබා යෑම නැත්නම් ජනප්‍රියත්වය පසුපස හබා යාම තුළ මිනිස් ජීවිත කොතරම් අරාජික කර ඇද්ද ?? එදා ඔහු දියණිය රටේ ජනප්‍රිය තරුව කරන්නට ගත් උත්සාහය අගනේය එහෙත් ඔහු ඒ ලබාගත් ජයග්‍රහණය කළමනාකරණය කරගන්නට තරම් නොසිතා කටයුතු කිරීමෙන් සිදුවූයේ දිවි තොර කරගැනීමේ අවසානයකට ගමන් කිරීමක් ද ? අද ඒ ජනප්‍රියත්වයට කල හැකි දෙයක් තිබේ ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *