කිරින්ද මුහුදේ දිය රකුසා බිලි ගත් පවුලේ ශොකාන්යතය

විනෝද චාරිකාව කදුලු ගංගාවක් බවට පත් කරමින්

කිරින්ද මුහුදේ රල පහාරට හසුව මිය ගිය ගිය පියාගේ හා දියනියන් දෙදෙනාගේ අවසන් කටයුතු අති විශාල ජනකායක් මධ්‍යයේ 25වන දින මල හිරු බැසයන සවස් කාලයේ හැටන් කුඩාඔය පොදු සුසාන භුමියේදි සිදු කරන ලදි.

හැටන් වෙලද ව්‍යාපාරියකු වන නුවන් වීජේසුරිය මහතා හා පවුලේ සැම විනෝද චාරිකාවක් සදහා ගොස් සිටියදි කිරින්ද මුහුදේ රල පැගිමට ගොස් සිටියදි රල පහාරකට හසුව ඔහු හා ඔහුගේ දියනියන් දෙදෙනා වන නෙසත්මා සහන්ලී වීජේසුරිය(අවු.07)හානදින්සා නිලෝමි විජේසුරිය (අවු.04) යන මිය අතර නුවන් මහතාගේ බිරිද වන හෂිනි ශසිකලා මහත්මිය අම්පාර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.

ඔවුන්ගේ දේහයන් 24වන දින මධ්‍යම රාත්‍රියේ ඔවුන් පදිංචි හැටන් සාත්තු නිවාස පාරේ අංක 166/14 දරන නිවසට ගෙන එන ලදි.

එම දේහයන් 25වන දින සවස් වන තෙක් එම නිවසේ මහජන ගෞරවයන් සදහා තැන්පත් කර තිපු අතර එම දේහයන් 25වන දින සවස් කාලයේදි මිහිදන් කිරිම සදහා හැටන් කුඩාඔය පොදු සුසානභුමිය දක්වා රැගෙන යන ලදි.

එසේ රැගෙන ගිය එම දේහයන් අති විශාල ජනකායකගේ ශෝසුසුම් මත හැටන් කුඩාඔය පොදු සුසාන භුමියේ එකම වලක තැන්පත් කරන ලදි.

විනෝද චාරිකාව කදුලු ගංගාවක් බවට පත් කරමින් කිරින්ද මුහුදු රල පහරට හසුව මියගිය පියාගේ දියනියන් දෙදෙනාගේ දේහයන් 24වන දින මධ්‍යම රාත්‍රියේ හැටන්හි පිහිටි ඔවුන්ගේ නිවසට ගෙන එන ලදි.

මියගිය නුවන් මහතා(පිය) ඇතුලු එම පවුලේ සැම පසුගිය 23වන දින කිරින්ද මුහුදේ රල පැගිමට ගොස් සිටියදි රල පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහිදි නුවන් මහතා හා ඔහුගේ දියනියන් දෙදෙනා මියගිය අතර ඔහුගේ බිරිද අසාධ්‍ය තත්වයේ අම්පාර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.

හැටන්හි වෙලද ව්‍යාපාරිකයකු ලෙස කටයුතු තල නුවන් වීජේසුරිය මහතා (අවුරුදු 42) ඔහුගේ බිරිද සේවය කරන නුවරඑළිය පුද්ගලික බැංකුවක් මගින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සදහා පසු ගිය සිකුරාදා තම දරු දෙදෙනාද සමග එක්විමට ගිය බව ඔහුගේ මව පවසන ලදි.

නුවන් මහතා ඇතුලු පවුලේ සැම මෙම විනෝද චාරිකාවට එක්වුයේ මෙය තම අවසන් විනෝද චාරිකාව බව නොදැන වුවත් එය ඔහුගේ පමනක් නොද ඔහුගේ මෙන්ම ඔහුගේ ආදරණිය දියනිවරුන් දෙදෙනාගේද අවසන් චාරිකාවට බවට පත් විය.

එමෙන්ම මෙම රල පහරට හසුව මේ වන විට අම්පාර රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රථිකාර ලබන නුවන් මහතාගේ බිරිය වන අවුරුදු 33 වයැසැති හෂිනි සසිකලා මහත්මියද මේ වන විටත් අසාද්ධ්‍ය තත්වයේ පසු වන බවද එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

හැටන් නගරයේ කාඅතරත් හොද හිත පතුරවමින් දිර්ග කාලයක් පුරාවට වෙලද ව්‍යාරියකු ලෙස කටයුතු කරන පියදාස වීජේසුරිය මහතාගේ දෙවන දරුවා වන නුවන්ද තම පියාගේ අඩිපාරේ යමින් පියාගේ වෙලද ව්‍යාපාර තවත් ඉදිරියට ගෙන යමින් හැටන් නගරයේ ජනතාවගේ හිත් දිනාගනිමින් කටයුතු කල අයෙකි.

නුවන් මහතා ඇතුලු එම පවුලේ අයට සිදුවු මෙම ඛෙදජනක සිද්දියත් සමග මුලු හැටන් නගරයම කම්පාවට පත්ව ඇති අතර නුවන් මහතාගේ හා එම දරු දෙදෙනාගේ දේහයන් මහජන ගෞරවය සදහා හැටන් සාත්තු නිවාස පාරේ අංක 166/14 දරන නිවසේ තැන්පත් කර ඇති අයුරු මෙම ඡයාරුපවලින් දැක්වේ.

මෙසේ රල පහරට හසුව මිය ගොස් ඇත්තේ නුවන් වීජේසුරිය (පියා අවු.42) නෙසත්මා සහන්ලී (ලොකු දුව අවු.07) නදින්සා නිලෝමි (පොඩි දුව අවු.04)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *