බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩී // ක්‍රිකට් ලෝලීන්ගේ සිහිනය

අවම වශයෙන් තරග 10-15 අතර ප්‍රමාණයක් එක දිගට තරග කල යුතුමය

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී පරාජය වුවද ඉදිරි තරග සහ සංචාරයන් සදහා හොද සුදානමක පෙරනිමිති පලකරමින් ඇත කෙසේ හෝ කොතනකහෝ තිබෙන අවාසනාව තවම සම්පුර්ණයෙන් අවසන්ව නොමැත .කවුරු මොනවා කීවත් මෑත ඉතිහාසයේ අපේ රටේ තරගයකට ඉදිරිපත් වුණු හොදම තේරීම මෙම කණ්ඩායමේ තිබුණු බව ඉදුරාම කිවයුතුය. මෙම කණ්ඩායමේ නිසි ප්‍රතිපල ලබා ගැනීමටනම් අවම වශයෙන් තරග 10-15 අතර ප්‍රමාණයක් එක දිගට තරග කල යුතුමය අද තරගයේදී මෙන්ඩිස් හෝ චන්දිමාල් තව ටික වෙලාවක් කඩුල්ලේ රැදී සිටියානම් කුසල්ගේ ආත්ම විශ්වාශය වැඩිවනු ඇත කදුළු නොවැටී තිබෙන සෑම තරගයකම කුසල් ජනිත් ඉහල දක්ෂතා පෙන්වා ඇත.

අසේලට සහ සීකුගේ ප්‍රසන්නට තව දුරටත් අවස්ථාව දිව යුතුමය මන්ද ඉදිරි ලෝක කුසලානය පැවැත්වෙන එංගලන්ත තණතිළි සදහා මෙම ක්රෙදකයන් දෙදෙනා ඉතාමත් ප්‍රයෝජනවත් වන නිසාය ඔවුන්ගේ ආත්ම විශ්වාශය සහ කණ්ඩායමේ ස්ථානය පිළිබද පැහැදිළි දැක්මක් ඔවුන්ට ඉදිරි තරග 10 දී ලබාදුන හොත් එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානය ගැන සිහිනයක් නොවනු ඇත.

මාලිංග අමතරව වේග පන්දු යවන ලක්මාල් සහ නුවන් ප්‍රදීප් එකම රටාවකට පන්දු යවන පන්දු යවන්නන් දෙදෙනෙකු නිසා එම ස්ථානය සදහා ඉසුරු උදාන අත්හදා බැලීමට හැකිනම් ප්‍රතිපලය සාර්ථක වනු ඇත මන්ද ඉසුරු උදාන හොද වේගයක් සහ දෝලනයක් සහිතව වමතින් පන්දුව විසිකරන නිසා කදුළු දවා ගැනීමේ වේගය වැඩිවනු ඇත .දැනට තිබෙන තත්වය අනුව මාලිංග විසින් කඩුලු දවා නොගත හොත් කඩුලු දවා  ගැනීමට තරම් දක්ෂ ආක්‍රමණ ශීලී පන්දු යවන්නෙකු නොමැත එහි අඩුව පිරවිය යුතුය.

තිසර කලයුත්තේ දැන් තමන් ජාත්‍යන්තර පිටියේ ලබා ඇති අත්දැකීම් මතින් ක්‍රීඩා කිරීම පමණි ඒ සදහා අමුතු දෙයක් නොමැත පකිස්ථානයේ සොයිබ් මලික් එයට හොදම උදාහරණයයි චන්දිමාල් ද එයම අවබෝධ කරගත යුතුව ඇත එලෙස අත්දැකීම් වලින් ප්‍රයෝජන ගන්නේ මාලිංග පමණක් බව පෙනේ දැන් ශ්‍රී ලංකා පිළට රැකීමට දෙයක් නොමැත හතරවටින් පදමට පහර වැදී වැතිරිනු සර්පයෙකු වැනිය ඒ නිසා කලයුත්තේ කුමක්ද කියා ලියන අපට වඩා ක්‍රීඩකයින් අවබෝධ කරගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *