අඹුසැමි යුවල ජයටම කල යක්කලමුල්ලේ බූරුව පොළ වටලයි

කලක් තිස්සේ යක්කලමුල්ල නැවුන්ගල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා අඹු සැමි යුවළක්  ඇතුළු 07 දෙනෙකු  ඊයේ (22) අළුයම් කාලයේදි  යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 මෙම බුරුවා පිටිය පවත්වාගෙන ගොස් ඇත්තේ  වයස අවුරුදු 32 හා 35යන වියේ පසුවෙන සැමි යුවළක් විසින් ඔවුන්ගේ නිවසේ දි බව පොලිසිය පවසයි.  පොලිසිය විසින් බුරුවා පිටිය වටලන අවස්ථාවේ මෙම අඹු සැමි යුවළද  බුරුවා ගසමින් සිටි බව පොලිසිය පවසයි. එම අවස්ථාවේ මෙම යුවළගේ දරු දෙදෙනාද  නිවසේ සිට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් අනිකුත් සැකකරුවන් නැවුන්ගල අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.සැකකාරිය හා සැකකරුවන් 07 දෙනා ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත පෙරේරා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *