ගිං ගංගාව හැදි ගෑවිලා යන දිනය වැඩි ඈතක නොවෙයි // ජනතාව පවසයි.

ලොම පුදුම වැලි බලපත්‍ර දෙන එකම හරි පුදුම රටක් මෙන්න ශ්‍රි ලංකාව

මතුගම පැත්තේ ඉදන් කළු ගඟෙන් ගේන වැලි හබරාදුව ට එන්න භූ විද්‍යා එකෙන් බලපත්‍රය දෙන්නේ මතුගම ඉදන්  නෙළුව හරහා මේක අමුතු බලපත්‍රයක්. මේ වගේ තත්ත්ව යටතේ අපිට අමාරුයි වැඩ කරන්න. මෙහෙම මාර්ගයක් දුන්නාම කොහොම ද කොහෙන් එන වැලිද කියලා හොයන්නේ යැයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පවසයි.ඒ මහතා මෙසේ පවසා සිටියේ පසුගිය  22 දින පැවති  ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හා එක්වෙමිනි.

එම කමිටුව සම සභාපති වරුන් වන තරුණ කටයුතු ව්‍යාපෘති සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන ඇමති   පියසේන ගමගේ මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතාමම පුත්තලමේ ඉන්නකොටත් භූ විද්‍ය අය ඔය විදියට තමයි බලපත්‍රය දෙන්නේ. එහෙම වුනාම වැඩ කරන්න අමාරුයි.

තරුණ කටයුතු ව්‍යාපෘති සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය පියසේන ගමගේ මහතා

වැලි අවශ්‍යයි. වැලි නැතිව වැඩ තරන්න බෑ. දැන් මේ ගම්පෙරලිය සංවර්ධන යෝජනා ක්‍රම කීයපක් තියනවා. ඒවට වැලි අවශ්‍යයි. අපි වැලි ගේන තැන් හැම එකක්ම අහුරලා ඒ වැඩ කරන්න කියන එකත් වැරදියි. මේ තත්වය නිසාම දැන් වැලි වල මිල සාමාන්‍ය මිනිහෙකුට දරාගන්න බැරි තත්වයට වැටිලා. මේ නෙළුව, තවලම අයට හරි ගඟෙන් වැලි ටික ගන්න ක්‍රමයක් හැදිය යුතුයි.

 සමහර තැන් වල පොලිසිය අනුග්‍රහය යටතෙත් මේ වැලි ගොඩ දැමීම සිදුවෙනවා. මේකට විදිමත් ක්‍රමයක් ආවේ නැතිවුනාම වැලි වල මිල අහස උසට යනවා. ඒ නිසා දිස්ත්‍රික් ලේකම්තුමනි හැමදාම මොනවා කිව්වත් මේ වැඩේ වෙනවා. මම දන්න දෙයක් මේක. අපේ ප්‍ර දේශ වලත් ක්‍රියාත්මක වෙනවා. මේ වැලි වලට ක්‍රමවේදයක් හදන්න. එහෙම නැතිව පොලිසියට බැනලා වැඩක් නෑ. දැන් මේ බලපත්‍රය කෙහොම නෙළුව හරහා ආවේ. ගිය රැස්වීමේ දී කියලා තියනවා භූ විද්‍යා එකට බලපත්‍ර නිකුත් කිරීම සමබන්ධයෙන් වාර්තාවක් දෙන්න කියලා. ඒ වාර්තාව ගෙනාව ද?

භූ විද්‍යා හා පතල් කෑනීම් කාර්යංශයෙන් පැමිණි නිළධාරියා – සමහර විට ඔය කියන විදියට බලපත්‍රය තියෙන්න පුළුවන්. බලපත්‍ර නිකුත් කරන්නේ ප්‍රධාන කාර්යාලයෙන්. අපි ඒකට දන්වා යැව්වා වාර්තාවක් අවශ්‍යයි කියලා. ඒක ලැබේවි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා

අපි තමයි මේකෙන් වැඩම බලපෑමට ලක්වෙලා තියනවා. මම පසුගිය අපදා දිනවල නිකුත් කරපු බලපත්‍රය බෙහෝම නරක විදියට භාවිතා කරලා තියනවා වැලි අදින්න. ඒක නිසා මම ඒකත් අයින් කරා. මට මේ ගැන තීරණයක් ගන්න විධායක බලයක් නෑ. මෙය කර හැක්කේ දැනට අදාල ප්‍රා දේශීය ලේකම් කාර්යාල හරහා ඇති කමිටු වලින් අදාල තීරණය ගන්න කැමති නම් එහෙම කරන්න පුළුවන්.

තරුණ කටයුතු ව්‍යාපෘති සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන ඇමති  පියසේන ගමගේ මහතා

නෙළුවේ වැලි බලපත්‍ර නැති එක විතරයි. වැලි ගොඩදැමීම එහෙමම වෙනවා. ඒ කියන්නේ රජයට මුදල එන්නේ නැති එක විතරයි. නමුත් ජාවාරම සැරටම යනවා. දිවා රෑ දෙකේම වැලි හාරනවා. මේකට කල යුත්තේ ක්‍රමවේදයක් ඇති කිරීමයි. වැලි අවශ්‍යයි. ගඟේ වැලි තියේ නම් හම්බන්තොටින්, පොලොන්නරුවෙන් වැලි ගේන එක තේරුමක් නෑ. සති දෙකක් ඇතුලත අදාල ප්‍රා දේශීය ලේකම්වරුන්ගේ කමිටුව මඟින් තීරණයක් අරන් දැනුම් දෙන්න. මේක ඇද ඇද ඉන්න එකේ තේරුමක් නෑ.

කෙසේ නමුත් ගාල්ලම දන්නා වු සත්‍ය සිද්ධියකි. ඒ මේ රටේ ගාල්ලේ හා අවට දිස්ත්‍රික්ක නියෝජනය කරන දෙශපාලඥයන්ගේ අයියලා, මල්ලිලා, පාක්ෂිකයන් වැලි ගෙව්වන් මෙන් මේ ඡාවාරම සිදුකරන නිසා හා සමහර රාජ්‍ය ආයතන නිලධාරින්ගේ සහයෝගය ද නිසා ගිං ගංගාව හැදි ගෑවිලා යන දිනය වැඩි ඈතක නොවන බව ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *