අරණායක කොස් ගසක් වැටිම නිසා එම නිවසට දැඩි හානි

පවතින සුළං තත්වය හා තද වැසි තත්වය හේතුවෙන්

කෑගල්ල සමන් විජය බණ්ඩාර

මෙ දින වල පවතින සුළං තත්වය හා තද වැසි තත්වය හේතුවෙන් අරණායක වත්තේගෙදර ග‍්‍රාම සේවා වසමේ මැරහේන කොටසේ නිවසක් මතට ඊයේ 07 පස්වරුවේ විශාල කොස් ගසක් වැටිම නිසා එම නිවසට දැඩි හානි සිදු වි ඇති බව ප‍්‍රාදේශවාසීන් පවසයි.මෙලෙස දැඩි හානි සිදු වි ඇත්තේ අරණායක ප‍්‍රාදේශිය ලේකම් කලාපයේ ජිවත් වන එම් ජයරත්න නැමැති අයගේ නිවසයි. සිද්ධිය සැල විමෙන් පසුව අරණායක ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් මෙන්ම අරණායක පොලිසියේ මහතුන් පැමිණ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එදින එම ස්ථානයට ගොස් සොයා බැලූ අරණායක ප‍්‍රාදේශීය සභාවේ උප සහභාති ලක්සිරි අලූත්වත්ත මහතා පැවසුයේ තමන් නියෝජනය කරන වසමේ නිවසට මෙම ගස වැටි ඇති බවයි. එහි ජිවත් වන නිවෙස් හිමියන් මෙ නිසා අසරණ තත්වයට පත් වි ඇති බවද කිය.

එතුමන් වැඩි දුරටත් පැවසුයේ ජිවිත හානි සිදු නොවෙන්නට ඔවුන් එදින විහාරස්ථානයේ පුජාවකට සම්බන්ධ වි සිටිම වාසනාවක් වු අතර කොස් ගස වැටිම නිසා නිවසට දැඩි හානි සිදු වි ඇති බවයි. නිවසේ අයිතිකරු ජයරත්න මහතා කුලි වැඩ කරමින් සිය පවුලේ ජිවිකාව පවත්වාගෙන යන අතර දරුවන් දෙදෙනා පාසල් යන බවත් බිරිඳ රැුකියාවක් නොකරන නිසා ඔවුන් නැවත යථා තත්වයට පත් කර නිවස අලූත්වැඩියා කර දෙන්නට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රාදේශිය සභාව සමගත් ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය සමගත් සාකජ්ජා කරන බවද කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *