මීගමුවේ විශ්‍රාමික පොලිස් අධිකාරී නිවස ඉදිරියේදී බල්ලෙකු වෙඩි තබා මරා දමයි!!

වෙසක් පුන් පොහෝ උදාවත් සමග තිරිසන් ආත්මයක උපදින ක්‍රියාවක් සිදුකල පුවත අද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි අද උදැසන අසල් වැසි නිවසක සුනකයෙකු විශ්‍රාමික පොලිස් අධිකාරී වරයාගේ නිවාස අසල ගැවසෙන අවස්ථාවේ එම සුනකය ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමෙන් එම සුනඛයා එම ස්ථානයේදීම මිය යන ලදී සිද්ධිය සිදුව ඇත්තේ මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුටය පොලිස් අධිකාරීවරයාගේ නිවාස දෙසින් වෙඩි තබන ආකාරය අසල නිවසක cctv කැමරා වල සටහන්ව ඇත

වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .අනතුරුව පොලිස් අප මත මුදාහැර ඇත

බල්ලාගේ හිමිකරු සදහන් කලේ තම නිවසේ බල්ලා නිවසේ ගේට්ටුව ඇරීමෙන් පසු බල්ලා එළියට ගියා අතර විනාඩි 5 ක් පමණ ගත වෙද්දී වෙඩි සද්දයක් ඇසුනා එම හද ඇසීමත් සමගම සොයා බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිටට දුවගෙන ආ බල්ලා ඇද වැටී මියගොස් සිටි බව නිවෙස් හිමියා සදහන් කරයි මීට පෙරද එම නිවසේ හිමිකරු විසින් මෙවැනි සිද්ධියක් කර ඇති බවත් මෙවන් උතුම් පොදිනක සිදුකල මිලේච්ච සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *