මිරිස් කුඩු ගසා ත්‍රී රෝදය පැහැරගත් යුවල කොටුවෙයි!!!

කෑගල්ල සමන් විජය බණ්ඩාර
ත‍්‍රීරෝද රථයකින් කුලි ගමනක් යන මුවාවෙන් පාලූ මාර්ගයක ත‍්‍රීවිල් රියදුරා නවත්වා ඔහුට මිරිස් කුඩු ගසා කැපුම් තුවාල සිදු කර ත‍්‍රීවිල් රථය රැුගෙන පලා ගොස් ප‍්‍රදේශවාසීන්ට සහ පොලිසියට කොටු වු යුවල ඔක්තොම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඊයේ 29 මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර ඇත.
පසුගිය 28 වැනි දින පස්වරුවේ හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයෙන් මෙම සිදු විම වාර්තා විය. හෙම්මාතගම නගරයේ බස්නැවතුම ඉදිරිපිට ඇති කුලි ත‍්‍රීරෝද රථයක් ලබා ගෙන හෙම්මාතගම නගරයට නුදුරින් ඇති අල්පිටිය සිංහරාජ ගම්මානය දෙසට කුලි ගමනක් ගොස් එම මාර්ගයේ අතුරු මාර්ගයක් සහිත පාලූ ස්ථානයකදි ත‍්‍රීරෝද රථ රියදුරාට මිරිස් කුඩු ගසා එම කුලි ගමන ගිය යුවල එක්ව ත‍්‍රීරෝද රථ රියදුරාට තිවුණු ආයුධයකින් කැපිම් කිහිපයක්ද සිදු කර තිබුණි.
කුලි ත‍්‍රීරෝද රථ ගමනට එක් වු 55 හැවිරිදි තිදෙරු පියෙකු වන හෙම්මාතගම ගිනිහප්පිටියේ පදිංචි එම්.ජේ.එම්.නජබුදීන් යන එදින හෙම්මාතගම රජයේ රෝහලට ඇතුලත් කර අතර එහිදි ඔහු මාධ්‍ය වෙත සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු කියන්නට විය.
සිද්ධියට මුහුණ පෑ නජබුදීන් මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ ද පැවසිය.
මම හෙම්මාතගම නගරයේ බස්නැවතුම්පොළ ඉදිරිපිට කුලි ත‍්‍රීරෝද රථයක වැඩ කරන්නේ මේ ත‍්‍රිවීල් එකත් මාගේ නොවෙයි දරුවන් සහ බිරිඳ ජිවත් කරන්න තමයි රැුකියාව කරන්නේ දැනට වසර ගණනාවක් මේ රැුකියාවේ යෙදි සිටිනවා. යුවලක් ඇවිත් මට කුලි ගමනක් යන්න කතා කලා අල්පිටියට ගිහින් සිංහරාජ ගම්මානය පැත්තට තමයි කුලි ගමන ගියේ එම මාර්ගයේ ටික දුරක් ගිහින් කොන්ක‍්‍රීට් ඇතිරවු මාර්ගයක යමු කියලා මට ඒ අය කිවා ටික දුරක් එම කොන්ක‍්‍රීට් පාරේ යද්දි පාර අවසන් මම එතනින් එහාට යන්න බැරි නිසා ත‍්‍රීවිල් එකේ රිවස් ජියර් එක දාන්න එක් පැත්තකට පහත් වුනා.
එම අවස්ථාවේ කුලි ගමන ගිය කපල් එකේ පිරිමි පුද්ගලයා මාගේ බෙල්ල අල්ලා තද කලා මම බෙල්ල ගලවා ගන්න පොර බැද්දා ඒ වේලාවේ තියුණු ආයුධයකින් මාගේ පිටුපසින් කැපුවා එතකොට කමිසයද කැපුනා. පිටට සහ තවත් කිහිප තැනක සුළු තුවාල සිදු වුනා. ඒ අවස්ථාවේ මට මිරිස් කුඩු ගැසුවා. ත‍්‍රීවීල් එකෙන් බැහැලා පොර බැද්දා ත‍්‍රීවිල් එක බේරාගෙන පණත් බේරාගෙන එන්න. ඒ පොර බදින විට හයර් එකේ ආපු කාන්තාව මාගේ හිසට මොකක් හරි එකකින් ගැසුවා. මම ඒ ගැසුවාට පස්සේ ටිකක් පැත්තකට ගියා ඒ අවස්ථාවේ ත‍්‍රීවිල් එක අරන් මේයාලා එම ස්ථානයෙන් පලා ගියා.
මම මිනි මරනවා කියලා කෑ ගැසුවා. මම ත‍්‍රීවිල් එක පස්සේ දුවගෙන එනකොට එම ප‍්‍රදේශයේ ගම් වැසියෙක් ඇවිත් වැඩ කරමින් සිටි කෙනෙක් මාගේ ශබ්දයට පාරට ඇවිත් ඇයි කියලා අහලා එයා ගමේ අයට කිවාට පස්සේ ගමේ අය කොල් කරලා මහ පාරට ආපු ත‍්‍රීවිල් එක පලා යද්දි වෑන් එකක හිටපු තරුණයන් පිරිසක් තමයි පන්නාගෙන ගිහින් ත‍්‍රීවිල් එක සහ මේ මකොල්ල කෑමට එක්වු ජෝඩුව අල්ලාගෙන පොලිසියට භාර දුන්නේ යැයිද පැවසිය.
මෙම සිද්ධීයෙන් 55 හැවිරිදි එම්.ජේ.එම්.නජබුදීන් මහතාගේ කකුලට සහ බෙල්ලට හිසට යම් යම් සුළු තුවාල මෙන්ම තැලිම් සහ කැකුම් නිසා වැඩිදුර ප‍්‍රතිකාර වෙනුවෙන් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ද පවසයි.
මෙම කුලි ගමන යෑමට පැමිණ ඇති තරුණයා මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ 22 හැවිරිදි අවිවාහක තරුණයෙක් වන අතර ඔහු 106/1 රුවන්පුර, උඩමුල්ල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි. තරුණිය 28 හැවිරිදි තණමල්විල පදිංචි කාන්තාවකි. ඇයට විවිධ වැරදි ක‍්‍රියා සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි කිහිපයක්ම ඇති බවද පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මුස්ලිම් රථ ත‍්‍රීරෝද රථ රියදුරා ඝාතනය කිරිමක් සිදු වුවානම් එය ජාතික සමගියටද ගැටලූ සහගත තත්වයක් ඇති විමට ඉඩ තිබු බවද බොහෝ දෙනෙකු පවසයි. මාවනැල්ල වැනි ප‍්‍රදේශ වල සිංහල මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත් වන නිසා එය සාමයටද ගැටලූවක් විමට ඉඩ තිබු බව සමහර දෙනෙක් පවසයිි.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන හෙම්මාතගම පොලිසියේ නිලධාරින් පැවසුයේ මෙම කාන්තාව පුරුෂයන් සමග අනියම් ඇසුරු පවත්වන බවට සහ මිට පෙර මෙවැනි ක‍්‍රියා වලට සම්බන්ධ වි කටයුතු කර ඇති බවට මෙන්ම මීරිහාන ප‍්‍රදේශයේදිද ගණිකා මධ්‍යස්ථානයක් වැටලිමේදි පවා අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා ඇති බවත් මෙවැනිම පැහැර ගැනිම් කිහිපයකට සම්බන්ධ වි ඇති බවත් අනියම් ඇසුරක් පවත්වා මංකොල්ලයට එක් වු තරුණයාද මිට පෙර මත්කුඩු හා මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට අත්අඩංගුවට ගත් අයෙක් වන බවද පැවසිය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *