යහපාලන ආණ්ඩුවේ කොමිෂන් සභා නොවන්නට රටම විශාලා මහනුවරක් වෙනවා

සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායක හිටපු නි අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර කියයි

අද යහ පාලන ආණ්ඩුවට චෝදනා කරන යට කියන්න කැමතියි මේ වසංගතයක් තියෙන වෙලාවේ බොරදියේ මාළු බන වැඩේ කරන්න එපා කියලා මොකද යහපාලන ආණ්ඩුවේ සුව සැරිය ගිලන්රථ සහ රට පුරා රෝහල් වලට අපේ ආණ්ඩුවෙන් දීපූ ගිලන් රථ නොතිබෙන්නට මේ අයට කොරෝනා රෝගීන් ගෙනියන්න වෙන්නේ ත්‍රීවිල් වල අප්‍රේල් 19 වෙනකොට කොරෝනා අවසන් වෙනවා කියල පෙන කියන්න පුළුවන් සෞඛ්‍ය ඇමති වරියක් ඉන්න රටක එදාම වැඩිම රෝගීන් ප්‍රමාණයක් හමුවෙනවා දැන් ජනතාව තේරුම් ගන්න ඕන කයිවාරු ආණ්ඩුවේ තරම මොකද්ද කියලා

අපි 2015 බලයට ඇවිල්ලා හදපු කොමිෂන් සභා නොවන්නට ආණ්ඩුව කොරෝනා මැද මැතිවරණය තියලා රට ඇත්තටම විශාලා මහනුවරක් කරනවා අද ජනතාවට දිවි රැකගන්න ලැබුණේ යහපාලනය ගෙනාපු මැතිවරණ කොමිෂන් සභාව නිසා සෞඛ්‍ය අංශ සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එකතුවෙලා අද කොරෝනා මඩින්න ලොකු වෙහෙසක් ගන්නවා අපි සියලු දෙනාම ඒ සේවය අගය කරනවා ඔවුන්ට සුභ පතනවා ඒ අයගේ වැඩ තමන්ගේ නම දාගන්න මේ ආණ්ඩුවේ නායකයෝ දගලනවා එච්චරයි මේ ආණ්ඩුවෙන් හරියට කරන්නේ

අපේ ආණ්ඩුව කාලේ මිනුවන්ගොඩ පොලීසිය සුව සැරිය ගිලන් රථ දෙකක් දුන්නා රෝහලට නවීන ගිලන් රථයක් ඇතුළු පහසුකම් රැසක් ලබා දුන්නා අද කොරෝනා රෝගීන් ඇතුළු කෙතරම් රෝගීන්ට එම කටයුත්ත ප්‍රයෝජනවත් වුනාද ජීවිත කීයක් බෙරුවද මේවා දේශපාලන කුහකයන්ට පෙනෙන්නේ නැහැ හැබැයි ජනතාව සත්‍ය දන්නවා

මේ කොරෝනා වසංගතය තුරන් වෙන්න කියල අපි හැම වෙලාවේම ප්‍රාර්ථනය කරනවා අපි මේ වසංගතය හමුවේ දේශපාලනය කරන්නේ නැහැ අරයට මෙයාට ඇගිලි දිගු කරන්නේ නැහැ ආණ්ඩුවට අවශ්‍ය සහය දෙනවා මේ කටයුතු කරන්න අපි සමගි ජන බල වේගය විදියට ජනතාවගේ පැත්තේ ඉදලා මේ වෙනුවෙන් මැදිහත් වෙන්න සුදානම් ආණ්ඩුව මේ සියලු කටයුතු වල ලකුණු දාගන්න හැබැයි ජනතාවට හරි දේ කරන්න රු 5000 ගන්න මන්ත්‍රීගේ ගෙවල් ගානේ රස්තියාදු කරන්න එපා නැති බැරි සියලු දෙනාම වසංගතය හමුවේ අසරණ වෙලා තියෙන්නේ මේ සියලු දෙනාට රජයෙන් දෙන සහන දෙන්න

දැන් ආණ්ඩුව කියන කථාවක් තමයි විපක්ෂය මැතිවරණයට බයයි කියන එක මැතිවරණයට බයනම් අපි නාමයෝජනා දෙන්නේ නැහැ අපි මැතිවරණයට නම යෝජනා දුන්නේ අප්‍රේල් 25 මැතිවරණය පවත්වන්න එක කොරෝනා වසංගතය නිසා පවත්වන්න බැරි වුණා එහෙනම් කොහොමද අපි මැතිවරණයට බයයි කියන්නේ හැබැයි මම එකක් කියන්නම් ආණ්ඩුව මැතිවරණයට බය වෙලා තියෙන්නේ මොකද ආණ්ඩුව මැතිවරණය කල්දන දවසක් දවසක් ගානේ ඔවුන්ගේ බලය ගිලිහෙනවා ජනතාව අතර පිරිහෙනවා ඒ නිසා ආණ්ඩුව හදන්නේ කොහොම හරි මැතිවරණය තියන්න හැබැයි ආණ්ඩුවට කොරෝනා වසංගතය දේශපාලන වසංගතයක් වෙලා

රු 5000 දීමනාවේ ඉදලා ආණ්ඩුව අසමත් අද එක ලේඛනයක් හෙට තව ලේඛනයක් ආණ්ඩුව ලේඛන තරගෙට හදනවා අපි ජනතාවට කියනවා යහපාලනය ගෙනාපු කොමිෂන් නිසා ජීවත් වීමේ අයිතිය ඇතිවුණා අද මැතිවරණ කොමිසම නොතිබෙන්නට ආණ්ඩුව කොරෝනා මද මැතිවරණය තියනවා එහෙනම් අද ඇත්තටම විශාලා මහනුවරක් වෙලා ඉවරයි එකෙන් බේරුනේ 2015 මේ රටේ ජනතාව 62 ලක්ෂයක් ජනතව දීපු ජනවරම තුලින් හදපු කොමිෂන් සභා නිසා එක ජනතාව තේරුම් ගනිමින් ඉන්නේ එදා රාජ්‍ය යාන්ත්‍රනය ස්වාධීන කරපු නිසා රජ්‍ය නිලධාරියාගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් වාතාවරණය හැදුවේ යහපාලන ආණ්ඩුව කියලා කියන්න කැමතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *